ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ලොව බර වැඩිම කාන්තාවට ඉන්දියාවේදී සැත්කමක්
ලොව, බරින් වැඩිම කාන්තාව ලෙස සැළකෙන ඊජිප්තු ජාතික එමන් අහමඩ් සාර්ථක ලෙස සැත්කමකට භාජනය කළ බව මුම්බායි නුවර වෛද්‍ය කණ්ඩායමක් පවසයි.
එම සැත්කම මගින් ඇයගේ ආමාශයේ විශාල ප්‍රමාණයක් කපා ඉවත් කෙරුණු අතර ඒ හරහා එමන්ගේ අහාර ප්‍රමාණය සීමා කිරීමට වෛද්‍යවරු බලාපොරොත්තු වෙති.
මීළඟට එමන් මුහුණ දී සිටින අනෙකුත් සෞඛ්‍ය ගැටලු වෙත සිය අවධානය යොමු කිරීමට සැරසෙන වෛද්‍ය කණ්ඩායම කියා සිටියේ ඇයට නැවත ඊජිප්තුව කරා යාමට හැකි මට්ටමේ සුවයක් ලබා දීම සිය අරමුණ බවය.
පසුගිය මාසයේ ඉන්දියාව වෙත පැමිණෙන විට එමන් අහමඩ් කිලෝග්‍රෑම් 500ක් බරින් යුතු වූ නමුත් මේ වන විට කිලෝග්‍රෑම් 100කින් පමණ ශරීර බර අඩු කර ගැනීමට ඇය සමත්ව සිටින්නීය.
අධික ශරීර බර හේතුවෙන් වසර විස්සක පමණ කාලයක් සිය නිවසින් පිටතට නොපැමිණි එමන් ගේ බලාපොරොත්තුව සැත්කම සාර්ථක වීමෙන් පසු ඉදිරි ප්‍රතිකාර වෙනුවෙන් ඊළඟ වසරේ නැවත ඉන්දියාව කරා ඒමය.