ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
'ස්ථුල භාවය නිසා වැඩියෙන් මියයන්නේ පිරිමි'
ශරීරයේ බර නියමිත ප්‍රමාණයට වඩා වැඩි ස්ථුල භාවය අඩු වයස් මරණයකට හේතුවන බව පර්යේෂණයක් මගින් හෙළිවී ඇත.
ඒ අනුව ස්ථුල භාවය සහිත පිරිමින් එවැනිම කාන්තාවන්ට වඩා තුන් ගුණයකින් අවදානමට ලක්වෙන බවයි පැවසෙන්නේ.
මහද්වීප හතරකට අයත් මිලියන හතරකට වැඩි ජනතාවක් පරීක්ෂණයට ලක් කොට ලබා ගත් දත්ත වලට අනුව ස්ථුල ශරීරයක් ඇති පුද්ගලයන් අඩු ශරීර බර සහිත පුද්ගලයන්ට වඩා සාමාන්‍යයක් වශයෙන් ගත් විට වසර තුනකට කලින් මිය යයි.
අසාමාන්‍ය ලෙස ස්ථුල ශරීරයක් ඇත්නම් ආයුකාලය වසර දහයක් දක්වා කෙටි වීමේ අවදානමක් ඇති බවයි විද්‍යාඥයන් පවසන්නේ.
ඒ අතරම ඔවුන් හෘදය සහ පෙණහළු ආශ්‍රිත රෝග හා පිළිකා වලට ලක්වීමේ ප්‍රවණතාවක් ද ඇති බවයි හෙළිවී ඇත්තේ.
මීට පෙර කරන ලද සමීක්ෂණයකින් හෙළිවී තිබුණේ ස්ථුල භාවය තිබුණද වැඩිකාලයක් ජීවත්වීමේ හැකියාවක් පැවතිය හැකි බවයි.
'ලන්සෙට් මෙඩිකල් ජර්නල්' නම් සඟරාවේ පලවී ඇති මෙම නව පර්යේෂණයේ තොරතුරු අනුව ඇමරිකාවේ සිදුවන අඩු වයස් මරණ පහකින් එකක් සහ යුරෝපයේ සිදුවන එවැනි මරණ හතකින් එකක් ශරීරයේ බර වැඩි කම නිසා සිදුවෙයි.