'බැංගලෝරයේ කාන්තා හිංසන චෝදනාවලට සාක්ෂි නැහැ'

ඡායාරූප මූලාශ්‍රය, AFP
දෙසැම්බර් 31 වැනිදා රාත්‍රියේ දකුණු ඉන්දියාවේ බැංගලෝර් නගරයේදී සිදුවීයැයි කියන ලිංගිකහිංසන ක්‍රියා මාලාවක් පිළිබඳ චෝදනා සනාථ කිරීම සඳහා සාක්ෂි නොමැති බව බැංගලෝර් පොලිස් කොමසාරිස්වරයා පවසයි.
පොලිස් කොමසාරිස් ප්‍රවීන් සූද් පවසන්නේ නගරයේ ඇති සීසීටීවී කැමරා දර්ශන සියල්ල බලධාරීන් නරඹා ඇතත් ඒවායේ සටහන්වී ඇත්තේ කලබලකාරී වාතාවරණයක් තුළ පොලීසිය බැටන් ප්‍රහාර එල්ලකොට රැස්ව සිටි පිරිස් විසුරුවා හරින ආකාරය පමණක් බවය.
මහජනතාව විසින් කෙරුණු ඉල්ලීමක් හැරෙන්නට ලිංගික හිංසන සිදුවූ බවට නිල පැමිණිල්ලක් ලැබී නොමැතිබවද ඔහු පැවසීය.
බොහෝ කාන්තාවන් ජනමාධ්‍යවලට පවසා තිබුණේ පුරුෂයන් පිරිසක් විසින් තමන් ලිංගික හිංසනයට ලක්කරනු ලැබූ බවය.
පොලිස් කොමසාරිස් ප්‍රවීන් සූද් වැඩිදුරටත් ප්‍රකාශ කළේ කාන්තාවන් කළ මෙම ප්‍රකාශයන් පැමිණිලි ලෙස සලකා අපරාධ පරීක්ෂණයක් සිදුකෙරෙනු ඇති බවය.




