2026 දී ඔබේ ජංගම දුරකතන, පරිගණක ඇතුළු විද්‍යුත් උපාංගවල මිල වැඩි විය හැක්කේ ඇයි?

iPhone

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    • Author, ටොම් ගර්කන්
    • Role, තාක්ෂණික වාර්තාකරු

අප සියලු දෙනා එදිනෙදා භාවිත කරන බොහෝ විද්‍යුත් උපාංගවල මිල 2026 වසරේ දී ඉහළ යා හැකි ය. ඒ, 2025 ඔක්තෝබර් මාසයේ සිට පරිගණක උපාංගයක් වන Ram එකක මිල දෙගුණයකට වඩා වැඩි වී ඇති බැවිනි.

මෙම තාක්ෂණය ස්මාර්ට්ෆෝන්වල සිට ස්මාර්ට් ටීවී දක්වා මෙන් ම වෛද්‍ය උපකරණ වැනි දේ දක්වා අවශ්‍ය ම දෙයකි.

මිල ගණන් ඉහළ ගොස් ඇත්තේ, AI බලගන්වන දත්ත මධ්‍යස්ථානවල දැවැන්ත වර්ධනය නිසා වන අතර ඒවාට ද Ram අවශ්‍ය වේ.

ඉන් සැපයුම සහ ඉල්ලුම අතර අසමතුලිතතාවක් ඇති වී තිබෙන අතර, ඉන් අදහස් වන්නේ ඒ සඳහා වැඩිපුර ගෙවීමක් කිරීමට සිදුවන බව ය.

නිෂ්පාදකයින් බොහෝවිට කුඩා පිරිවැය තමන් ම දරා ගැනීමට තෝරා ගන්නා, නමුත් විශාල පිරිවැය කොටස පාරිභෝගිකයින් මතට පැටවීමට නැඹුරු වේ.

මෙම වැඩිවීම් සුළුපටු නොවන අතර එය සැලකිය යුතු වැඩි වීමකි.

"මාස කිහිපයකට පෙර තිබූ මිලට වඩා 500% කින් පමණ වැඩි මිලකට අපට මිල ගණන් ඉදිරිපත් වෙමින් තියෙනවා," පරිගණක නිපදවන CyberPowerPC හි සාමාන්‍යාධිකාරී ස්ටීව් මේසන් පැවසීය.

මෙම වැඩි වන පිරිවැය නිෂ්පාදකයින්ට "මිලකරණය පිළිබඳ තීරණ ගැනීමට" "බල කරන" "අවස්ථාවක් පැමිණෙනු ඇතැයි" ඔහු පැවසීය.

"එය මෙමරි හෝ ස්ටෝරේජ් භාවිත කරනවා නම්, මිල ඉහළ යාමේ තත්ත්වයක් තියෙනවා," ඔහු පැවසීය.

"නිෂ්පාදකයින්ට මෙන් ම පාරිභෝගිකයින්ටත් තේරීම් කරන්න වෙයි."

උපාංගයක් භාවිත කරන අතරතුර කේත ගබඩා කිරීම සඳහා RAM - සසම්භාවී ප්‍රවේශ මතකය - ලෙස භාවිත කරයි. එය සෑම පරිගණකයක ම පාහේ තීරණාත්මක අංගයකි.

උදාහරණයක් ලෙස, එය නොමැතිව ඔබට මෙම ලිපිය කියවීමට නොහැකි වනු ඇත.

තරගකාරී පරිගණක ඉදිකිරීම් වෙබ් අඩවියක් වන PCSpecialist හි ඩැනී විලියම්ස් පැවසුවේ මිල වැඩිවීම් "2026 දක්වා" දිගටම පවතිනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව ය.

"2025 දී වෙළෙඳපොළ ඉතා උද්යෝගිමත් වුණා, මෙමරිවල මිල ටිකක් අඩු නොවුණොත් 2026 දී පාරිභෝගික ඉල්ලුමේ අඩුවීමක් මං අපේක්ෂා කරනවා," ඔහු පැවසීය.

විවිධ රැම් (Ram) නිෂ්පාදකයින් අතර "විවිධාකාර බලපෑමක්" තමා දුටු බව ඔහු පැවසීය.

"සමහර වෙළෙන්දන්ට විශාල ඉන්වෙන්ට්‍රි තියෙන නිසා ඔවුන්ගේ මිල වැඩිවීම් 1.5x සිට 2x දක්වා සියුම් අගයක් ගන්නවා," ඔහු පැවසීය.

නමුත් ඔහු පැවසුවේ, අනෙකුත් සමාගම් සතුව විශාල තොග ප්‍රමාණයක් නොතිබෙන නිසා - ඔවුන් මිල ගණන් "පස් ගුණයකින්" වැඩි කර ඇති බවත් ය.

මිල වැඩි කරවන AI

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

චිප් වෝර්හි කතුවරයා වන ක්‍රිස් මිලර්, කොම්පියුටර් මෙමරි (computer memory) සඳහා ඇති ඉල්ලුම වැඩි කරන "ප්‍රධාන සාධකය" ලෙස AI හැඳින්වීය.

"AI සඳහා ඕන කරන high-end High Bandwidth Memory නිසා චිප් සඳහා ඉල්ලුමේ වැඩිවීමක් සිදුවී තිබෙනවා," ඔහු පැවසීය.

"මෙය විවිධ memory chips වර්ග හරහා ඉහළ මිල ගණන් ඉහළ යෑමට හේතු වී තිබෙනවා."

"ඉල්ලුම සහ සැපයුම" මත පදනම්ව මිල ගණන් "බොහෝවිට ක්‍රමිකව උච්චාවචනය වන" බව ඔහු පැවසීය - සහ දැන් ඉල්ලුම සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ.

ටෙක් ඉන්සයිට්ස්හි මයික් හොවාර්ඩ් බීබීසීයට පැවසුවේ, 2026 සහ 2027 සඳහා ඔවුන්ගේ memory අවශ්‍යතා අවසන් කර පෙන්වීමට ක්ලවුඩ් සේවා (cloud service) සපයන්නන් බැඳී සිටින බව ය.

මෙය Ram නිර්මාණය කරන පුද්ගලයින්ට ඉල්ලුම පිළිබඳ පැහැදිලි චිත්‍රයක් ලබා දුන් අතර - එම සැපයුම "Amazon, Google වැනි සමාගම් සැලසුම් කරන මට්ටම් සපුරාලන්නේ නොමැති බව "නිසැක" යැයි ඔහු පැවසීය.

"ඉල්ලුමේ සහ සැපයුම් සීමාවන් යන දෙක ම වෙනස් වීමත් සමග, සැපයුම්කරුවන්, සමහර අවස්ථාවල ආක්‍රමණශීලී ලෙස, ක්‍රමයෙන් මිල ගණන් ඉහළ දමමින් සිටිනවා," ඔහු පැවසීය.

"සමහර සැපයුම්කරුවන් මිල ගණන් නිකුත් කිරීම පවා නවතා දමා තිබෙනවා, එය දුර්ලභ පියවරක් වන අතර එය අනාගත මිල ගණන් තවදුරටත් ඉහළ යනු ඇතැයි විශ්වාසයක් ඇති කරනවා."

සමහර නිෂ්පාදකයින් මෙවැනි තත්ත්වයක් ඇති වනු ඇතැයි දැකීම නිසා මිල ඉහළ යාම අවම කිරීම සඳහා ඔවුන්ගේ ඉන්වෙන්ටරි පෙර සිට ම ගොඩනගා ඇති බවත් ඔහු පැවසීය - නමුත් ඔහු එම සමාගම් "අවතැන් වූවන්" ලෙස හැඳින්වීය.

"පරිගණකවල, memory සාමාන්‍යයෙන් මුළු පිරිවැයෙන් සියයට 15 සිට 20 දක්වා ප්‍රමාණයක් වන නමුත් වර්තමාන මිලකරණය එය සියයට 30 සිට 40 දක්වා ඉහළ දමා තිබෙනවා," ඔහු පැවසීය.

"බොහෝ පාරිභෝගික කාණ්ඩවල ලාභ තීරුව මේ වැඩිවීම අවශෝෂණය කර ගැනීමට තරම් ප්‍රමාණවත් නැහැ."

2026 සඳහා වන මූලික කරුණු

මිල ගණන් ඉහළ යාමේ ප්‍රවණතාවත් සමග, පාරිභෝගිකයින් වැඩිපුර ගෙවීමට හෝ මිලෙන් අඩු උපාංගයක් මිල දී ගැනීමට තීරණය කිරීමට ඉඩ තිබේ.

"අපට ලැබී ඇති වෙළෙඳපළ තොරතුරු බොහොමයකින් යෝජනා කරන්නේ 2026 සිට 2027 දක්වා කාලය තුළ ලොව පුරා මිලකරණය සහ සැපයුම අභියෝගයක් වනු ඇති බව යි," මේසන් පැවසීය.

ඇතැම් විශාල සමාගම් පාරිභෝගික වෙළෙඳපොළට සම්පූර්ණයෙන් ම නැඹුරු වී තිබේ.

මීට පෙර Ramහි විශාලතම අලෙවිකරුවෙකු වූ Micron, දෙසැම්බර් මාසයේදී නිවේදනය කළේ AI ඉල්ලුම කෙරෙහි අවධානය යොමු කිරීම සඳහා එහි ප්‍රබලම සන්නාමයේ නිෂ්පාදන විකිණීම නතර කරන බව ය.

"එය වෙළෙඳපොළෙන් විශාලතම ක්‍රීඩකයෙකු ඉවත් කිරීමක්," මේසන් පැවසීය.

"එක් අතකින්, එය පාරිභෝගිකයින්ට තෝරා ගැනීමේ අවස්ථා අඩු කිරීමක් - අනෙක් අතට, ඔවුන්ගේ මුළු නිෂ්පාදනය ම AI වෙත යොමු කළහොත්, අනෙක් අයට පාරිභෝගිකයින් සඳහා වැඩිපුර නිෂ්පාදන ධාරිතාවක් නිදහස් කරන්න පුළුවන්, එවිට එය සමතුලිත වෙන්න පුළුවන්."

2026 දී 16GB RAM සහිත සාමාන්‍ය ලැප්ටොප් පරිගණකයක නිෂ්පාදන පිරිවැය ඩොලර් 40 සිට 50 දක්වා (£30 සිට £37 දක්වා) වැඩි වෙන්න පුළුවන්, මෙය "පාරිභෝගිකයින් මත පැටවෙන්න බොහෝදුරට ඉඩ ඇති" බවත් හොවාර්ඩ් පැවසීය.

"ස්මාර්ට්ෆෝන් මිල ගණන් මත ද ඉහළ යාමේ පීඩනයක් එල්ල වනු ඇති," ඔහු පැවසීය.

"සාමාන්‍ය ස්මාර්ට් ජංගම දුරකතනයක නිෂ්පාදන පිරිවැය ඩොලර් 30කින් ඉහළ යා හැකි අතර, ඍජුව ම එය පාරිභෝගිකයා වෙත පවරන්න ඉඩ තියෙනවා."

මිල ගණන් ඉහළ යාමේ තවත් ප්‍රතිඵලයක් ද ඇති විය හැකි බව විලියම්ස් පැවසීය.

"පරිගණක කියන්නේ වෙළෙඳ භාණ්ඩයක් - නූතන ලෝකයක මිනිසුන්ට එදිනෙදා කටයුතුවලට අවශ්‍ය ම උපකරණයක්," ඔහු පැවසීය.

"memory මිල ඉහළ යාමත් එක්ක, පාරිභෝගිකයින්ට අවශ්‍ය කාර්ය සාධනය සඳහා ඉහළ මිලක් ගෙවීමට හෝ අඩු ක්‍රියාකාරී උපාංගයක් පිළිගැනීමට තීරණය කරන්න සිදුවෙයි."

ඇත්තට ම තවත් විකල්පයක් ඇතැයි විලියම්ස් පවසයි - පාරිභෝගිකයින්ට "තව ටික කාලයක් පැරණි තාක්ෂණය එක්ක ජීවත් වීමට" සිදුවිය හැකි ය.