2024 වසරේදී ඔබේ ජීවිතය විද්‍යානුකූලව දියුණුකර ගත හැක්කේ කෙසේ ද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
අලුත් අවුරුද්දක් එළඹීමත් සමග, ඉදිරි මාස 12 තුළ ඔබ සාක්ෂාත් කර ගැනීමට කැමති අරමුණු සහ ඔබට ළඟා කර ගැනීමට අවශ්‍ය ඉලක්ක සම්බන්ධයෙන් ඔබ ආවර්ජනයක යෙදී සිටිනවා විය හැකි ය.
එහෙත්, දළ වශයෙන් අප සියලු දෙනා අතරින් තුනෙන් එකක කොටසක් 2024 වසරේ සඳහා අභිප්‍රායන් හෝ ඉලක්ක සැලසුම් කළත්, ඒවා අත්නොහැර පවත්වාගෙන යාම සම්පූර්ණයෙන් ම ප්‍රතිවිරුද්ධ තත්ත්වයකි. සමීක්ෂණවලින් අනාවරණය වී ඇති පරිදි, පසුගිය වසරවල දී, අපගෙන් 17% සිට 45% දක්වා ප්‍රතිශතයක් එම උත්සහයන් නව වසරේ පළමු මාසය අවසන් වෙද්දී ම අත්හැර දමයි. ඊට අමතරව, එක් අධ්‍යයනයකට අනුව, බහුතර පිරිසක් වසර මැද වන විට අභිප්‍රායන් අත්හැර දමති (මෑත කාලීනව සිදු කරන ලද YouGov මත විමසුම විශ්වාස කළ හැකි වුව ද, ඇමෙරිකානුවන් පසුගිය වසරේ ඔවුන්ගේ අභිප්‍රායන්වල රැඳී සිටීම තරමක් යහපත් වූ අතර, වසර අවසානයට පෙර අභිප්‍රායන් සැලසුම් කරන්නන්ගෙන් ඒවා අත්හැර දමා ඇත්තේ, 16%ක් පමණි.)
මෙම අසාර්ථකවීම්, ඇතැම් මනෝවෛද්‍යවරුන් පැහැදිලි කරන පරිදි "ව්‍යාජ අපේක්ෂා සින්ඩ්‍රෝමය" (false hope syndrome) නමැති තත්ත්වයේ වාර්ෂික චක්‍රයක් කරා අපව මෙහෙයවයි. අසාර්ථක වීමේ සම්භාවිතාව වැඩි ඉලක්ක වෙනුවට, සාක්ෂාත් කර ගත හැකි ඉලක්ක තබා ගැනීම වඩා යහපත් විය හැකි බවට සාක්ෂි තිබේ. පර්යේෂණයන් යෝජනා කරන්නේ, යථාර්ථවාදී, නිශ්චිත සහ සාර්ථකත්වය පහසුවෙන් මැන ගත හැකි, එනම් ඉටුකර ගත හැකි ඉලක්ක ඇති කර ගැනීම, දුම්පානය හෝ මත්පැන් පානය කිරීම වැනි දෙයකින් වැළකීමේ ඉලක්කවලට වඩා සාර්ථකත්වයට නැඹුරු වන බව ය.
අවධානය යොමු කළ යුත්තේ කුමකට ද යන්න තීරණය කිරීම, දුෂ්කර විය හැකි ය. එබැවින්, ඔබේ මනස සකසා ගැනීමට ඔබට සහය වීම සඳහා විද්‍යාව පදනම් කර ගත් උපදෙස් කිහිපයක් භාවිත කර නව වසරේ මුල් සතියේ ඔබට අවධානය යොමු කළ හැකි ඔබේ ජීවිතයේ පැතිකඩ හතක් මින් පැහැදිලි කෙරේ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ඔබේ නින්ද ගැන අවධානය යොමු කරන්න
ඔබේ නින්ද කෙරෙහි යම් අවධානයක් යොමු කිරීමෙන් වසර ආරම්භ කිරීම අර්ථවත් විය හැකි ය. තව ද වසරේ මෙම කාලයේ දී snooze බොත්තම එබීමෙන් ඔබ වරදකාරී හැඟීමක් ඇති කර ගැනීමට අවශ්‍ය නැත - විද්‍යාඥයින් පවසන්නේ, ශීත ඍතුවේදී අප සියලු දෙනා ඇඳ මත වැඩි කාලයක් ගත කළ යුතු බව ය.
ජනතාව සෘතු භේදවලට අනුකූල නින්දක් ලැබිය යුතු බව පර්යේෂණයෙන් පෙන්නුම් කරයි. එයින් අදහස් කරන්නේ, ගිම්හාන කාලයට වඩා අඳුරු ශීත ඍතුවේදී ඔවුන්ට වැඩි විවේකයක් අවශ්‍ය බව ය. ජර්මනියේ සිදු කළ එක් පර්යේෂණයකින් අනාවරණය වූයේ, ජූනි මාසයට වඩා දෙසැම්බර් මාසයේදී ජනතාව පැයක කාලයක් වැඩිපුර නින්දක් ලබන බව ය. ශීත ඍතුවේදී ඔබේ නින්ද වැඩි කර ගැනීම සඳහා කලින් නින්දට යන්න. එමෙන් ම, නින්දට පෙර පැය දෙකක කාලය තුළ දීප්තිමත් ආලෝකයෙන් ඉවත් වී සිටින්න. නින්දට පෙර ඔබේ ජංගම දුරකතනය දෙස බැලීමෙන් වළකින්න. මෑතකදී කරන ලද පර්යේෂණයකින් ද හෙළි වී ඇත්තේ, ස්ථාවර නින්දක් ලැබීමෙන් ආහාර ජීර්ණ පද්ධතිය සෞඛ්‍ය සම්පන්නව පවත්වාගෙන යා හැකි බව ය.
ඔබ ඇඳ මත වැඩි කාලයක් ගත කරන අතරතුර, ඔබට සවිඥානික සිහින (lucid dreaming) දැකීමට උත්සාහ කළ හැකි ය. එය නිදා සිටිය දී සිහින දැකීම පිළිබඳ සවිඥානික තත්ත්වයකි. නපුරු සිහින කළමනාකරණය කර ගැනීමට, ප්‍රශ්න විසඳා ගැනීමට සහ නිර්මාණාත්මක අදහස් ගවේෂණය කිරීමට බොහෝ දෙනෙක් සවිඥානික සිහින භාවිත කරති.
ඔබේ සිරුර ගැන අවධානය යොමු කරන්න
ඔබ අවිඥානිකව සිරුරේ කොටස් චලනය කරන අයෙකු නම්, එය වැළඳගැනීමට කාලය මෙය යි. පාදවලින් බිමට තට්ටු කිරීම, දණහිස සෙලවීම හෝ ඇඟිලි චලනය කිරීම වැනි අවිඥානික චලනයන්ගෙන් ඔබ පුදුම කරවනසුලු කැලරි ප්‍රමාණයක් දහනය කරන අතර මානසික ආතතිය අඩුවීමට උපකාරී වෙයි.
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
කෙසේ වෙතත්, උතුරු අර්ධගෝලය ශීත ඍතුවේ ග්‍රහණයට ලක්ව ඇති හෙයින්, නිවසින් පිටතට ගොස් යම් ව්‍යායාමයක නිරත වීමට ද යහපත් කාලයකි. එය වඩා යහපත් හෘදයාශ්‍රිත සෞඛ්‍යයක්, ශක්තිමත් ප්‍රතිශක්තිකරණ පද්ධතියක් සහ සුදු පැහැති මේද සෛල දුඹුරු පැහැයට හැරවීමෙන් බර අඩු කර ගැනීම ආදියට මඟ කියයි.
ඔබ එහි නිරත වන විට, ව්‍යායාම් සඳහා ඔබේ මීළඟ ඇවිදීමේදී ආපස්සට ඇවිදීමට උත්සහ කළ හැකි ය. පසුපසට ඇවිදීමෙන්, ඉදිරියට ඇවිදීමට වඩා වැඩි කැලරි ප්‍රමාණයක් දහනය වන බව හඳුනාගෙන ඇති අතර, ඔබේ සිරුරේ පසුපස පිහිටි මස්පිඩු ශක්තිමත් වීමක් ද සිදු වෙයි. දණහිස් ආබාධ ඇති පුද්ගලයින් සඳහා එය විශේෂයෙන් නිර්දේශ කරනුයේ, එය දණහිස් සන්ධියේ තද බව අඩු කරන අතර දණහිසේ පේෂිවල නම්‍යශීලීත්වය වැඩි කරන හෙයිනි. එය ඔබේ මොළයට ද යම් උත්තේජනයක් සපයයි.
එලෙස පසුපසට ඇවිදීමේ දී මඩ ගෑවීම ගැන කනගාටු නොවන්න; අපිරිසිදු වීම අපගේ ශරීරයේ ජීවත් වන ප්‍රයෝජනවත් ක්ෂුද්‍ර ජීවීන්ගේ පැවැත්මට උපකාරී වේ. සොරයිසිස් (psoriasis) සහ ඇටෝපික් ඩර්මටයිටිස් (atopic dermatitis) වැනි සමේ රෝග ඇති පුද්ගලයින්ගේ සම මත ක්ෂුද්‍ර ජීවී ක්‍රියාකාරීත්වය අඩු ය.
ශරීරයේ විශාලතම ඉන්ද්‍රිය ලෙස, අපගේ සෞඛ්‍යය කෙරෙහි සම පුදුමසහගත බලපෑමක් ඇති කරන අතර, අපගේ සෞඛ්‍යය සම්බන්ධයෙන් කුතුහලය දනවන කාර්යභාරයක් ඉටු කරයි. වියළි හෝ හානියට පත් සම, ශරීරය පුරා ප්‍රදාහයට දායක වන ජෛව රසායනික ද්‍රව්‍ය මුදා හැරිය හැකි අතර අවසානයේ එය හදවත සහ මොළය වැනි අනෙකුත් අවයවවලට ද බලපායි. සන්ස්ක්‍රීන් සහ මොයිස්චරයිසර් වැනි ආලේපන භාවිත කිරීම වැනි ක්‍රම මඟින් මෙම සියුම් ඉන්ද්‍රිය වඩා හොඳින් රැකබලා ගැනීම හරහා ඔබට තරුණ පෙනුමක් ලබා ගැනීමට පමණක් නොව, ඔබේ ජීව විද්‍යාත්මක වයස වැඩි කර ගැනීමට ද උපකාරී වේ.
ඔබේ මනස ගැන අවධානය යොමු කරන්න
ආගන්තුකයෙකු සමග කතා කරන්න, අභියෝග හරහා ජීවිතය විඳින්න, ව්‍යාකූල තත්ත්වයන් හමුවේ නොසැලී ඉදිරියට යන්න. විද්‍යාවට අනුකූලව, සතුටින් සිටීමටත්, නොසැලී සිටීමටත්, ආතතිය අවම කර ගැනීමටත් මේවා උපකාරී වනු ඇත. ඔබට අලුත් යමක් කිරීමට උත්සහ කළ හැකි ය. මොළයේ සකර්මණ්‍යභාවය වැඩි කර ගැනීමට ඉගෙන ගැනීමෙන් ඔබට ම අභියෝග කරන්න, එය ඔබේ මොළය අනුවර්තනය වීමට සහ නැවත සකස් කර ගැනීමට උපකාරී වේ.
ඔබ ජවසම්පන්න බව ඔබට දැනෙයි නම්, ස්කොට් (squats) වැනි ව්‍යායාම කිහිපයක් ද උත්සහ කළ හැකි ය. ගුරුත්වාකර්ෂණය සමග සහ ඊට එරෙහිව ව්‍යායාම් කිරීමෙන්, සරල ව්‍යායාම මඟින් ඔබේ මොළය කරා දිවෙන රුධිර ප්‍රවාහයට පුදුමාකාර තල්ලුවක් ලබා දිය හැකි අතර, එමඟින් ඔබගේ සංජානන හැකියාවන් සහ ගැටලු විසඳීමේ කුසලතා වැඩිදියුණු කර ගත හැකි ය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
එය අපහසු වැඩි බව හැඟේ නම්, සැමවිට ම ඔබ තරුණ යැයි සිතීමට උත්සහ කරන්න. පර්යේෂණයෙන් පෙනී යන්නේ, ඔබ තරුණ බව ඔබ සිතන්නේ නම් ඔබට වැඩි කාලයක් ජීවත් විය හැකිබව ය. කන්දක් තරණය කිරීමෙන්, සාගරය නැරඹීමෙන් හෝ තරු පිරුණු අහසක් දෙස බැලීමෙන් ආශ්චර්යයේ විස්මය විඳ ගැනීම වැඩදායක ය. විස්මය අත්විඳීමෙන් ආතතිය අඩු කර ගැනීමට, මතකය වැඩි කර ගැනීමට සහ ඔබ අවට ලෝකයට සම්බන්ධ වීමේ වැඩි හැඟීමක් ඔබට ලබා ගත හැකි ය.
එසේ නැතහොත්, ලෝකයේ වඩාත් ම ප්‍රවේශ විය හැකි ආතති නාශකය - සහ මොළයේ "හොඳ සංජානනය වන" රසායනික ද්‍රව්‍යය වන එන්ඩොර්ෆින් මුදා හරින ඇරෝබික් ව්‍යායාමයක හෝ ගායනයක නොයෙදෙන්නේ මන්ද?
විකල්පයක් ලෙස, ඔබට ආශ්වාස ප්‍රශ්වාස කළ හැකි ය. පර්යේෂණයෙන් යෝජනා කරන්නේ, ආශ්වාස - ප්‍රශ්වාස ව්‍යායාම මඟින් ආතතිය, සාංකාව සහ අධික රුධිර පීඩනය අවම වන බව ය. එමඟින් ඔබට නින්දක් ලබා ගැනීමට ද සහයක් ලැබේ.
ඔබේ සබඳතා ගැන අවධානය යොමු කරන්න
මිතුරන් ඇසුරු කිරීම ඔබට යහපත් වේ. ඒ මඟින් ඔබගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩි දියුණු වෙයි, හෘදවාහිනී ආශ්‍රිත සෞඛ්‍ය තත්ත්වය යහපත් වන අතර ඔබ සතුටින් තබයි. ඔබ ඔබේ මිතුරන් සමග ගත කරන කාලය මඳ රිද්මයකින් යුක්ත වන්නේ නම්, එය ඔබට සමීප හැඟීමක් ඇති කිරීමට උපකාරී වේ. සම පියවර තබමින් එකට ඇවිදින්නන් වඩාත් හොඳින් සන්නිවේදනය කරන අතර, යම් රිද්මයක් උපදවමින් දමන තට්ටුවකින් එකිනෙකා තවදුරටත් සමීප වනු ඇත. එමෙන් ම, අපගේ පුරුදු හොඳ පැත්තට හෝ නරක පැත්තට වෙනස් කිරීමට ද අපගේ මිතුරන්ට පුළුවන. අප අවට සිටින පුද්ගලයින්ගෙන් අප ඉඟි ලබා ගන්නා අතර, ඒවා අපගේ හැසිරීමට ප්‍රබල බලපෑමක් ඇති කර යි.
ඔබ මිත්‍රත්වයට වඩා වැඩි යමක් අපේක්ෂා කරන්නේ නම්, ඔබේ විචක්ෂණභාවය පළ කිරීමට වඩා බෙහෙවින් නරක දෙයක් කළ හැකි ය. අප අඳින ඇඳුම්වල සුළු වෙනස්කම්, සම්මුතීන්ට පටහැනි රසයන් සහ අදහස් තිබීම අපව වඩාත් ආකර්ෂණීය කර යි.
සමාව දීම සම්බන්ධයෙන් වෙනස් ආකල්පයක් අනුගමනය කිරීම අපගේ ජීවිතයට බහුවිධ ප්‍රතිලාභ හිමි වන සරල පියවරක් විය හැකි ය. එය දුෂ්කර කාර්යයක් විය හැකි වුව ද, "මම ඔබට සමාව දෙමි" යැයි පැවසීම සහ ඇත්ත වශයෙන් ම හදවතින් ම සමාව දීම මඟින්, අපගේ ආතති මට්ටම් අඩු කිරීමට, වැඩිපුර මුදල් උපයා ගැනීමට සහ අප වයසට යන විට අපව නිරෝගීව තැබීමට පවා හැකි ය.
ඔබ ගන්නා ආහාර ගැන අවධානය යොමු කරන්න
දෙසැම්බර් යනු කැලරි ගණනය කිරීම හෝ පාලනය කිරීමට දුෂ්කර කාලයකි. රසවත් සංග්‍රහවලින් පිරී ඇති උත්සව මේස සමග, අපගෙන් බොහෝ දෙනෙක් ප්‍රමාණය ඉක්මවා තෘප්තිමත් වෙති. ජනප්‍රිය විශ්වාසයට පටහැනි වුව ද, නත්තල් දිවා ආහාරය අනුභව කිරීමෙන් ඔබේ උදරය සැබවින් ම පුළුල් නොවේ. අපගෙන් බොහෝ දෙනෙකු අලුත් අවුරුද්ද ආරම්භ කරන්නේ, ආහාරවලට මනසේ මුල් තැන දීමෙන් බව කීම පුදුමයක් නොවේ.
ඔබ සතුව තවමත් උත්සවවලින් ඉතිරි වූ ආහාර තිබේ නම්, ඉවතට දමනවාට වඩා ඒවා අනුභව කිරීම දේශගුණික වශයෙන් වඩා යහපත් ය. ඒවා මයික්‍රෝවේව් කිරීම ආහාරවල පෝෂ්‍ය පදාර්ථ රඳවා තබා ගැනීමට හොඳ ම ක්‍රමය විය හැකි ය. එමෙන් ම (මේ සඳහා ප්ලාස්ටික් බහාලුම් භාවිත කිරීමෙන් වැළකී සිටීමට ඔබට අවශ්‍ය වුව ද,) එසේ කිරීමෙන් කිසිදු අයහපත් බලපෑම් ඇති නොවේ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
සමබල ආහාර වේලක් ගැනීම වසරේ ඕනෑ ම කාලයකදී යහපත් වන අතර, උත්සව කාලයෙන් පසුව එවැනි ආහාර වේලක් ගැනීම වඩාත් යහපත් වේ. පර්යේෂණවලින් පෙනී යන්නේ, පෙර සැකසූ ආහාර (junk food) - ඔබේ දිවා ආහාරයෙන් පසු හාන්සි පුටුවක හිඳ රස විඳින චොක්ලට් පවා - ශරීරයට මෙන් ම මනසට ද අහිතකර විය හැකි බව ය.
පලතුරු සහ එළවළු සම්බන්ධයෙන් ගත් කල, එය නැවුම් දේ අනුභව කිරීමක් පමණක් නොවේ. අධ්‍යයනවලින් හෙළි වී ඇත්තේ, දේදුන්නක වැනි විවිධ වර්ණ සහිත පලතුරු සහ එළවළු මොළයේ සෞඛ්‍යය ඉහළ නංවන අතර හෘද රෝග ඇතිවීමේ සම්භාවිතාව අඩු කරන බව ය.
Dry January යනු වසර ආරම්භ කෙරෙන ජනප්‍රිය ක්‍රමයක් වන අතර, කෝපි සම්බන්ධයෙනුත් එය අනුගමනය කිරීමට අවශ්‍ය නැත: පර්යේෂණවලින් පෙනී යන්නේ, කෝපි පානය කරන්නන් ආඝාතය, හෘද රෝග හෝ පිළිකාවලින් මිය යාමේ අවදානම අඩු බව ය. ඇත්ත වශයෙන් ම, කෝපි පරිභෝජනය කිරීම වැදගත් වුව ද - බොහෝ දේ මෙන් - එය ද මධ්‍යස්ථ ප්‍රමාණයකින් පානය කළ යුතු ය.
ඔබගේ ශාරීරික යෝග්‍යතාව ගැන අවධානය යොමු කරන්න
ව්‍යායාම කිරීම, ශක්තිය ගොඩනැගීමට, මේදය දහනය කිරීමට සහ මානසික සෞඛ්‍යය වැඩි දියුණු කිරීමට උපකාරී වන අතර, එය ආහාර ජීර්ණයට අවශ්‍ය ක්ෂුද්‍ර ජීවීන්ට සෞඛ්‍ය උත්තේජනයක් ලබා දෙයි. දිනකට පියවර 10,000ක ඉලක්කයකට ළඟා වීම ගැන අධික සතුටට පත්විය යුතු නැත - සමහර අධ්‍යයනයන් යෝජනා කරන්නේ, ඊට වඩා අඩු පියවර සංඛ්‍යාවක් ඇවිදීමෙන් (සමහර අවස්ථාවල දිනකට 5,000ට වඩා අඩු) සෞඛ්‍යය ඉහළ නංවා ගත හැකි බව ය.
ඔබට ඉක්මනින් ශාරීරික යෝග්‍යතාව වැඩි කර ගැනීමට අවශ්‍ය වන්නේ නම්, ව්‍යායාම් සැසි හයකින් උපරිම ඔක්සිජන් අවශෝෂණය කර ගත හැකි ය. ඊට අමතරව, අපගේ සෛල තුළ ගබඩා කර ඇති ඉන්ධන දහනය කිරීමට අපගේ ශරීරයට ඇති හැකියාව වැඩි කළ හැකි ය.
අවම වශයෙන් ඔබේ ව්‍යායාම්වල කාර්ය සාධනය සැලකිල්ලට ගැනීමේදී, ඔබ ව්‍යායාම කරන වේලාව අනුව ද වෙනසක් සිදු විය හැකි ය. උදාහරණයක් ලෙස, ඔලිම්පික් පිහිනුම් ක්‍රීඩකයින් සහ පාපැදිකරුවන් පිළිබඳ පර්යේෂණවලින් පෙනී යන්නේ සවස් කාලයේදී ඔවුන්ගේ වේගය වැඩි වන බව ය. කෙසේ වෙතත්, එය ඔබගේ දෛනිකව සිදුවන ශාරීරික රිද්මය මත ද රඳා පවතියි.
ව්‍යායාම් ශාලාවක අමතර ව්‍යායාම කිහිපයක් නැවත නැවත කිරීම අඩු කිරීමට හෝ කාලය අඩුවෙන් වැය කිරීමට බලාපොරොත්තු වන්නන්ට, placebo හෙවත් මානසිකව බලවත් කිරීමේ ක්‍රමවේදය භාවිත කිරීම සුදුසු ය. ඒ අනුව, නිෂ්ක්‍රීය පෙති ගන්නා ක්‍රීඩක ක්‍රීඩිකාවන් එසේ නොකරන අයට වඩා හොඳින් ක්‍රීඩා කරන බව පෙනී ගොස් තිබේ. එය placebo සංකල්පය සම්බන්ධයෙන් වෛද්‍යවරුන් දක්වන අදහස් පිළිබිඹු කරයි. කෙසේ වෙතත්, එය "සමාජයීය placebos සංකල්පය" සමග ද ක්‍රියා කරයි - එනම්, අන්‍යයන් සමග බැඳීම් වැඩි කරන සහ සහය වන ආකාරයෙන් පුහුණු කිරීමෙන් තෙහෙට්ටුව සහ වේදනාව පිළිබඳ හැඟීම අඩු කළ හැකිය.
ඔබේ විනෝදාංශ ගැන අවධානය යොමු කරන්න
ඔබේ මනසට ඉබාගාතේ යාමට ඉඩ දීම සඳහා අවස්ථාව ලබා දීමෙන් පුදුමසහගත ප්‍රතිලාභ අත් කර ගත හැකි වුව ද, සමහරු ඒකාකාරීබවෙන් මිදීමට බොහෝ දුර යති. පහසුවෙන් ඒකාකාරීභාවයට පත් වන පුද්ගලයින් ජංගම දුරකතන භාවිතය වැනි ඇබ්බැහි හැසිරීම්වලට ගොදුරු විය හැකි අතර මෙම ගති ලක්ෂණය මානසික සෞඛ්‍ය ගැටලු රාශියකට ගොදුරු වීමේ වැඩි අවදානමක් සමග සම්බන්ධ වී තිබේ. නව විනෝදාංශයකට නැඹුරු වීමෙන්, ඔබේ මොළය තාරුණ්‍ය තත්ත්වයේ තබා ගැනීමටත්, නිර්මාණශීලීත්වය වැඩි කර ගැනීමටත්, ඒකාකාරීබව මඟහරවා ගැනීමටත් උපකාරී වේ. නිදසුනක් වශයෙන්, නොබෙල් ත්‍යාගලාභී විද්‍යාඥයෝ සාමාන්‍ය පුද්ගලයන් මෙන් තුන් ගුණයක් පමණ විනෝදාංශ ලැයිස්තුගත කරති. ඔවුහු විශේෂයෙන් සංගීතය, චිත්‍ර ඇඳීම හෝ කවි ලිවීම වැනි නිර්මාණාත්මක කටයුතුවල නිරත වෙති.
ඔබේ ප්‍රියතම විනෝදාංශය හොඳ පොතක් සමග බැඳී ඇත්නම්, සුබාරංචියක් තිබේ: ප්‍රබන්ධ කියවන්නෝ ඒවා නොකියවන්නන් සිතන සහ සංජානනය කර ගන්නා මට්ටමට වඩා ඉදිරියෙන් සිටිති. ඔබ අන් අයට ඇසෙන සේ ශබ්ද නගා කියවීමට කැමැත්තක් දක්වන්නේ නම්, එමඟින් ඔබ කියවන දේ පිළිබඳ ඔබේ මතකය වැඩි කිරීමට පමණක් නොව, සංකීර්ණ පාඨ තේරුම් ගැනීමට ද පහසු වෙයි.
බෝනස් උපදෙසක්: ඔබේ ලිංගික ජීවිතය ගැන අවධානය යොමු කරන්න
අපගේ ප්‍රාග් ඓතිහාසික මුතුන් මිත්තන් එයට කෙතරම් ආදරය කළේ ද යත්, ඔවුහු එය නියැන්ඩර්තාල්වරුන් සමග ද කළහ. බ්‍රිතාන්‍යයේ වික්ටෝරියා රැජිණ පවා උද්යෝගිමත් හවුල්කාරියක විය. එහෙත්, ලිංගිකත්වය සඳහා මෙම යුග ගණනක් පුරා පැතිරුණු ආශාවක් පැවතියදීත්, එහි බොහෝ අභිරහස් තවමත් පවතියි. එමෙන් ම, තවත් අධ්‍යයනයන් අනුව, නිදන කාමරයේ කාලය ගත කිරීම පහසු වෙමින් පවතියි.
සමීප සබඳතා ස්වයංක්‍රීයව ක්‍රියා කිරීමට අපේක්ෂා කරනවාට වඩා ඊට ප්‍රවේශමෙන් නැඹුරු විය යුතු බව දිරිමත් කරන "ලිංගික වශයෙන් වැඩුණු මානසික තත්ත්වයක්" අනුගමනය කිරීම මඟින්, නිදන කාමරයේ ගැටලු විසඳා ගැනීමට ජනතාවට සහයක් ලැබෙනු ඇත.
වර්තමානයේදී මිනිසුන්ට ඔවුන්ගේ සුරතාන්තය නිරීක්ෂණය කිරීමට ඉඩ සලසන යෙදුම් රාශියක් ද තිබේ. මේවාට "ජෛව ප්‍රතිපෝෂණ" කම්පන ඇතුළත් වන අතර, උදාහරණයක් ලෙස, මිනිසුන්ට ඔවුන්ගේ සුරතාන්තය රූපානුසාරයෙන් දැක ගැනීමට සහය වීම සඳහා අභ්‍යන්තර සංවේදකවලින් දත්ත භාවිත කරයි.
මේ වසරේ තම දරුවන්ට නුසුදුසු බව පිළිගැනෙන සංවාදයකට බියෙන් සිටින්නන් සඳහා, කුඩා කාලයේ සිට ම ප්‍රශ්නවලට අවංකව හා විවෘතව පිළිතුරු දීමෙන් පසුව වඩාත් සංකීර්ණ ප්‍රශ්න ගැන කතා කිරීමට පහසු වන ධනාත්මක රටාවක් සැකසිය හැකි බව පර්යේෂණවලින් පෙනී යයි.
ලිංගිකත්වය පිළිබඳ මිථ්‍යා ඉවත් කිරීම ධනාත්මක පියවරක් විය හැකි ය. කන්‍යා පටලය පිළිබඳ පැරණි අදහස් නිසා ඇතැම් කාන්තාවන්ට ඔවුන්ගේ කන්‍යාභාවය නැතිවීම සම්බන්ධයෙන් කාංසාවෙන්, විනිශ්චයන්ට බියෙන් සහ වේදනාකාරී පරීක්ෂණවලින් පීඩාවට පත්වීමට සිදුව තිබේ. මෙම කුඩා පටක කැබැල්ල සැබවින් ම ක්‍රියා කරන ආකාරය ඉගෙන ගැනීම සහ එය පැහැදිලි කිරීමට අප භාවිත කරන භාෂාව වෙනස් කිරීම, සෑම කෙනෙකුට ම ලිංගිකත්වය වැඩිදියුණු කර ගැනීමට උපකාරී වනු ඇත.












