ශ්‍රී ලාංකික නිලධාරියෙකුට එල්ල වූ ලිංගික අතවර චෝදනාවක් හේතුවෙන් 'ඉතාලි ක්‍රිකට්' අර්බුදයක

Prabhath Eknaligoda

ඡායාරූප මූලාශ්‍රය, Italian Cricket Federation

    • Author, තිමති ඒබ්‍රහම්
    • Role, බීබීසී ක්‍රීඩා වාර්තාකරු
  • කියවීමේ කාලය: මිනිත්තු 4

ඉතාලිය පළමු වරට T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට එක්වීමට අවස්ථාව ලැබූ ඇති අවස්ථාවක, ඉතාලි ක්‍රිකට් පාලක මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ලිංගික අතවර චෝදනාවක් සම්බන්ධයෙන් විමර්ශනය කර ඇති බව අනාවරණය වීමත් සමග, ඉතාලි ක්‍රිකට් ක්‍රීඩාව අර්බුදයකට මුහුණ දී ඇත.

ෆෙඩ්රසියෝන් ක්‍රිකට් ඉටැලියානා (FCRI) කාන්තා ක්‍රිකට් සම්බන්ධීකාරක 57 හැවිරිදි ප්‍රභාත් එක්නැලිගොඩ අසූරි (Azzurri) කාන්තා කණ්ඩායමේ සාමාජිකාවක නුසුදුසු ලෙස ස්පර්ශ කළ බවට කරන ලද චෝදනාවකට අදාළව අපරාධ පරීක්ෂණයකට භාජනය විය.

මෙම නඩුව සහ අනෙකුත් පරිපාලන ගැටලු හේතුවෙන් ඉතාලි අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයින් කිහිප දෙනෙකු ඉල්ලා අස්වී ඇති බව BBC Sport වෙත පවසා තිබේ.

ජාතික කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩිකාවක විසින් පසුගිය වසරේ මාර්තු මාසයේදී රෝම පොලිසියට අදාළ ලිංගික අතවර චෝදනාව ඉදිරිපත් කරන ලදී.

නීතිමය හේතු මත අනන්‍යතාව හෙළි නොකරන එම ක්‍රීඩිකාව, පුහුණු සැසියකදී දණහිසේ ආබාධයක් හේතුවෙන් ආබාධය සහිත ප්‍රදේශය සම්බාහනය කිරීමේදී ලිංගික අතවරය සිදුවූ බවට චෝදනා කළ අතර, කණ්ඩායමේ ස්ථානයක් අහිමි වේ යැයි ඇති වූ බිය නිසා සිද්ධිය වාර්තා කිරීමට ඇය බිය වී තිබේ.

Italy cricket helmet in the dressing rooms during the T20 World Cup

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ඉතාලිය 1984 සිට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සාමාජිකත්වය දරයි

2025 නොවැම්බර් මාසයේදී රෝමයේ රජයේ නීතිඥවරයෙකු විසින් මේ පිළිබඳ පරීක්ෂණයක් අවසන් කරන ලද අතර ඊළඟ මාසයේ පොලිසිය විසින් එක්නැලිගොඩගෙන් ප්‍රශ්න කරන ලදී.

මෙම චෝදනාව නඩු විභාගයකට ගෙන ඒමට ප්‍රමාණවත් සාක්ෂි තිබේ ද? යන්න පිළිබඳව තීරණයක් ගැනීමට නියමිත ය. එක්නැලිගොඩගේ නීතිඥවරයා පැවසුවේ, තම සේවාදායකයා චෝදනාව ප්‍රතික්ෂේප කරන බවත්, චෝදනාවට යටි අරමුණු ඇති බවත්, සාක්ෂිකරුවෙකු එම සිදුවීම් පිළිබඳ ඔහුගේ ප්‍රතිචාරවලට සහය වන බවත් ය.

"ෆෙඩ්රල් අභිචෝදක කාර්යාලයේ දැනට නඩු කටයුතු සිදුවෙමින් පවතින බව" සහ "අදාළ බලධාරීන් සමග සහයෝගයෙන් කටයුතු කරන" බව ෆෙඩ්රසියෝන් ක්‍රිකට් ඉටැලියානා ක්‍රිකට් සමාජය බීබීසී ස්පෝර්ට් වෙත නිකුත් කළ නිවේදනයක සඳහන් විය.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

"ඉතාලි ක්‍රිකට් සම්මේලනය නැවත අවධාරණය කරන්නේ එහි හැසිරීම සාධාරණත්වය, විනිවිදභාවය සහ එහි ලියාපදිංචි සාමාජිකයින්ගේ ආරක්ෂාව පිළිබඳ මූලධර්ම මගින් මෙන් ම ක්‍රීඩා පද්ධතියට පාදක වන සදාචාරාත්මක සහ සිවිල් ප්‍රමිතීන් මගින් මෙහෙයවනු ලබන බව යි," යනුවෙන් එම ප්‍රකාශයේ වැඩිදුරටත් සඳහන් විය.

"එබැවින්, මෙම කාරණය සම්බන්ධයෙන් පැන නගින ඕනෑ ම තීරණයක් සඳහා සම්මේලනය නිසි අධිකරණ බලධාරීන්ට යටත් වේ."

ශ්‍රී ලාංකිකයෙකු වන ප්‍රභාත් එක්නැලිගොඩ නොවැම්බර් මාසයේදී ෆෙඩ්රසියෝන් ක්‍රිකට් ඉටැලියානා (FCRI) ක්‍රිකට් සමාජයේ ඔහු දැරූ තනතුරෙන් තාවකාලිකව ඉවත් කළ නමුත්, ඉතාලි ක්‍රිකට් ක්ෂේත්‍රයේ තවදුරටත් දෘශ්‍යමානව පවතී.

ඔහු FCRI සභාපති මාරියා ලොරේනා හස් පාස්ගේ හවුල්කරුවෙකු වන අතර, පිරිමි T20 ලෝක කුසලානය සඳහා ඇය සමග ඉන්දියාවට ගියේ ය.

එක්නැලිගොඩ නිල අවසරය සහිතව ඉතාලියේ තරගවලට සහභාගි වූ බවටත්, FCRI සමාජයේ සෙසු අය සමග අසුන් ගැනීමට අවසර දී තිබූ බවටත් වන සාක්ෂි BBC ස්පෝර්ට් දැක තිබේ.

ඉතාලි ක්‍රිකට් දූත පිරිස වෙනුවෙන් සංවිධානය කර තිබූ විවිධ උත්සවවලදී ද එක්නැලිගොඩ දක්නට ලැබුණු අතර, නිලධාරීන්, ක්‍රීඩකයින් සහ පුහුණු කාර්ය මණ්ඩලය සඳහා කොල්කටාහි ඉතාලි කොන්සල් කාර්යාලයේ පැවති පිළිගැනීමේ උත්සවයක් ද ඒ අතර විය.

ලෝක කුසලානයට පෙර එක්නැලිගොඩට එරෙහිව කරන ලද ප්‍රකාශයේ බරපතළකම පිළිබඳව FCRI, එහි සභාපති හාස් පාස් සහ ආරක්ෂක නිලධාරීන්ට පූර්ණ අවබෝධයක් තිබිණි.

පසුගිය සති අන්තයේ Il Messaggero සහ Corriere della Sera යන ඉතාලි මාධ්‍ය ආයතන විසින් මෙම චෝදනාව ප්‍රථම වරට වාර්තා කරන ලදී.

සඳුදා වන විටත්, FCRI වෙබ් අඩවියේ කාන්තා ක්‍රිකට් සම්බන්ධීකාරක ලෙස එක්නැලිගොඩ ලැයිස්තුගත කර තිබිණි.

මෙම කාරණය සහ අනෙකුත් පරිපාලන ගැටලු හේතුවෙන් FCRI පාලක මණ්ඩලයේ ඇතැම් සාමාජිකයින් ඉල්ලා අස්වී ඇති බව ආරංචි මාර්ග හරහා BBC ස්පෝර්ට් වෙත වාර්තා වී ඇති අතර, එමගින් හස් පාස්ගේ ස්ථාවරය දැඩි පරීක්ෂාවට ලක් වී තිබේ.

ඉතාලි ක්‍රිකට් ක්‍රීඩාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් බිය වන්නේ, කීර්ති නාමයට සිදුවිය හැකි හානියක් සහ නීතිමය නඩු පැවරීමේ හැකියාව, ඔවුන්ගේ මංගල T20 ලෝක කුසලාන ප්‍රවේශයෙන් ප්‍රයෝජන ගැනීමට සහ රට තුළ ක්‍රීඩාව තවදුරටත් වර්ධනය කිරීමට ඇති අවස්ථාවන්ට බාධාවක් වනු ඇති බවට ය.

හස් පාස් 2025 පෙබරවාරි මාසයේදී 2028 දක්වා ඉතාලි ක්‍රිකට් සම්මේලනයේ සභාපති ලෙස පත් කරන ලදී.

ඉතාලියේ මංගල T20 ලෝක කුසලාන තරගාවලිය සහ ඇතැම් ක්‍රීඩකයින්ගේ දක්ෂතා, ක්‍රිකට් ලෝකයේ අවධානය ග්‍රහණය කරගෙන තිබිණි.

අසූරි කණ්ඩායම සුපිරි 8 වටයට පිවිසීමට අපොහොසත් වූ නමුත් මුම්බායිහිදී නේපාලය පරාජය කළ අතර C කාණ්ඩයේ තරගවලදී කොල්කටාහිදී එංගලන්තයට අභියෝගයක් එල්ල කළේ ය.