මාස ගණනාවක සැලසුම්වලින් පසු ඉරානයේ උත්තරීතර නායකයා ඝාතනය කළ මෙහෙයුම දිග හැරුණු හැටි

A portrait of Iran's Supreme Leader Ayatollah Ali Khamenei is displayed next to Iranian flags, candles and a book of condolences at a mosque in Cape Town

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    • Author, ගෝර්ඩන් කොරේරා
    • Role, ආරක්ෂක විශ්ලේෂක
  • කියවීමේ කාලය: මිනිත්තු 5

ඉරානයේ උත්තරීතර නායකයා ඝාතනය කළ ප්‍රහාරය සිදුවූයේ බොහෝ දෙනෙකු අපේක්ෂා කළ පරිදි මධ්‍යම රාත්‍රියේ නොව, උදය කාලයේදී ය.

ඒ, පැය කිහිපයකට පෙර ලැබුණු තීරණාත්මක බුද්ධි තොරතුරකින් ප්‍රයෝජන ගැනීමට ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය තීරණය කළ බැවිනි.

මාස ගණනාවක් පුරා ඔවුන් ජ්‍යෙෂ්ඨ ඉරාන නායකයින් රැස්වන අවස්ථාවක් පැමිණෙන තුරු බලා සිටි අතර, සෙනසුරාදා උදෑසන උත්තරීතර නායක අලි කමේනි මධ්‍යම ටෙහෙරානයේ පිහිටි පරිශ්‍රයකට පැමිණෙන බව ඔවුන්ට දැනගන්නට ලැබිණි.

ඒ සමග ම අනෙකුත් ජ්‍යෙෂ්ඨ හමුදා සහ බුද්ධි අංශ නිලධාරීන් හමුවන ස්ථානය පිළිබඳව ද ඔවුහු නිශ්චිතව දැන සිටියහ.

මාස ගණනාවක් පුරා ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායල උත්තරීතර නායකයාගේ ගමන් බිමන් නිරීක්ෂණය කරමින් සිටියහ. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමාජ මාධ්‍ය සටහනකින් ඉඟි කළ ද, ඔවුන් නිසැකයෙන් ම භාවිත කළේ කිනම් ක්‍රම ද යන්න රහසිගත ය.

"අපේ බුද්ධි අංශ සහ ඔහු යන එන තැන් නිරීක්ෂණය කිරීමට අපි භාවිත කරපු අතිදියුණු තාක්ෂණයෙන් බේරෙන්න ඔහුට නොහැකි වුණා."

මෙය මානව මූලාශ්‍රයක් විසින් තොරතුරු ලබා දීමක් විය හැකි නමුත් එය ඉරාන නායකයින් පිළිබඳ තොරතුරු ලබා ගත් තාක්ෂණික උපක්‍රමයක් වීමට වැඩි ඉඩක් තිබේ.

President Donald Trump is sat with a white USA cap on listening to Central Intelligence Agency Director John Ratcliffe speaking in foreground and around the table there is US Secretary of State Marco Rubio and White House Chief of Staff Susie Wiles.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ට්‍රම්ප් සහ ඔහුගේ කණ්ඩායම මාර් ඒ ලාගෝහි පිහිටවූ තාවකාලික යුද්ධ කාමරයක සිට සිදුවීම් නිරීක්ෂණය කළහ

පසුගිය ජූනි මාසයේ පැවති දින 12ක යුද්ධයේදී, ඊශ්‍රායලය ඉරාන න්‍යෂ්ටික වැඩසටහනට සම්බන්ධ විද්‍යාඥයින් සහ නිලධාරීන් ඉලක්ක කරගත් අතර, ඔවුන් යන එන ස්ථාන හඳුනා ගැනීමට විදුලි සංදේශ සහ ජංගම දුරකතන පද්ධතිවලට ඇතුළු වූ බවට වාර්තා විය.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

ප්‍රධාන නිලධාරීන්ගේ ආරක්ෂකයින්ගේ චලනයන් ද ඇතැම් විට නිරීක්ෂණය කිරීම ඊට ඇතුළත් විය.

දිගු කාලීනව ගත් කල, මෙය ක්‍රියාකාරකම් පුරෝකථනය කිරීමට සහ තේරුම් ගැනීමට මෙන් ම අසාර්ථක විය හැකි අවස්ථා හඳුනා ගැනීම සඳහා යම් "රටාවක්" ගොඩනැගීමට උපකාරී වේ.

ඉරානය තම උත්තරීතර නායකයා සතුරන්ගේ ඉලක්කය බව දැන සිටි නමුත් ගත වූ කාලය තුළ මෙම අවදානම හඳුනාගෙන ඊට මුහුණ දීමට අපොහොසත් වීමෙන් ඇඟවෙන්නේ ඉරාන ආරක්ෂාව සහ ප්‍රති-බුද්ධි කටයුතුවල ගැඹුරු අසාර්ථකත්වයක් හෝ ඊශ්‍රායලයට සහ එක්සත් ජනපදයට ඔහු යන එන තැන් නිරීක්ෂණය කිරීමට නව ක්‍රම යොදා ගැනීමට තිබූ හැකියාවයි.

ඉරානය ද දිවා කාලයේ ප්‍රහාරයක් එල්ල වීමේ සම්භාවිතාව අඩු යැයි සිතුවා විය හැක.

මෙහිදී සිදු වූයේ, නිව් යෝර්ක් ටයිම්ස් පවසන පරිදි, බුද්ධි තොරතුරු පැමිණියේ CIA සංවිධානයෙන් නමුත් ප්‍රහාරය සැබෑ ලෙස එල්ල කිරීම සඳහා ඊශ්‍රායලයට ඒවා ලබා දෙන ලද බවයි.

ඊශ්‍රායලය නායකයින්ට පහර දීම සඳහා අවධානය යොමු කරන අතර එක්සත් ජනපදය හමුදා ඉලක්ක කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන බවට ලකුණු තිබේ.

තීරණාත්මක ලෙස, දිගු දුර මිසයිල එල්ල කළ හැකි ජෙට් යානා භාවිත කරමින් ප්‍රහාරයක් සැලසුම් කිරීමට හැකි වන පරිදි, උත්තරීතර නායකයාගේ සහ අනෙකුත් නිලධාරීන්ගේ චලනයන් පිළිබඳව ප්‍රමාණවත් පූර්ව තොරතුරු බුද්ධි අංශ විසින් සපයන ලදී.

තනි ප්‍රහාරයක් වෙනුවට, මෙම ප්‍රහාරයෙන් පුළුල් මෙහෙයුමක් ක්‍රියාත්මක වීම සංඥා කිරීම සැලැස්ම වූ අතර ලද කෙටි අවස්ථාවෙන් වාසි ලබා ගැනීම සඳහා එය සැලසුම් කළ කාලයට පෙර එල්ල කෙරිණි.

ඊශ්‍රායල ජෙට් යානාවලට ටෙහෙරානයට ළඟා වීමට පැය දෙකක් පමණ ගත විය හැකි නමුත් ඔවුන් තම ප්‍රහාරය කොතරම් දුරක සිට එල්ල කළේ ද යන්න අපැහැදිලි ය.

මෙම තීරණය ගත් විට, එරට වේලාවෙන් උදෑසන 9:40ට පමණ ඊශ්‍රායල ජෙට් යානා එම පරිශ්‍රයට පහර දීමට බෝම්බ 30ක් භාවිත කර ඇති බව වාර්තා වේ.

මෙයට හේතුව උත්තරීතර නායකයා ඒ වන විට තම ආරක්ෂාව සඳහා පරිශ්‍රයට පහළින් භූගත බංකරයක් භාවිත කරමින් සිටි නිසා විය හැකි ය. (වාර්තා වන පරිදි එය ඉරාන පාලකයින් සතුව ඇති ගැඹුරු ම බංකරය නොවේ).

නිවැරදිව ඉලක්කයට පහර දීම සඳහා ප්‍රමාණවත් ගැඹුරකට ගමන් කිරීමට පුපුරණ ද්‍රව්‍ය කිහිපයක් ම අවශ්‍ය වන්නට ඇත.

ඉරාන අගනුවර අනෙකුත් ස්ථාන ද ප්‍රහාරවලට ලක් වූ අතර, ජනාධිපති මසූද් පෙසෙෂ්කියාන්ගේ කාර්යාලය ද ඒ අතර විය. ප්‍රහාරයෙන් පසුව ඔහු නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ තමා ආරක්ෂිතව සිටින බවයි.

මියගිය අය අතර ඉරාන ආරක්ෂක කවුන්සිලයේ ලේකම් අලි ෂම්කානි, ආරක්ෂක අමාත්‍ය බ්‍රිගේඩියර් ජෙනරල් අසීස් නසීර්සාදේ සහ IRGC අණදෙන නිලධාරී ජෙනරල් මොහොමඩ් පක්පූර් ඇතුළු ජ්‍යෙෂ්ඨ ඉරාන ආරක්ෂක නිලධාරීන් හත් දෙනෙකු සිටින බව ඊශ්‍රායලය පැවසීය.

ජෙට් යානා මෙම ප්‍රහාර එල්ල කරන විට, ජනාධිපති ට්‍රම්ප් සහ ඔහුගේ ඉහළ නිලධාරීන් කිහිප දෙනෙක් එය නිරීක්ෂණය කිරීම සඳහා මධ්‍යම රාත්‍රියේ ෆ්ලොරිඩාවේ මාර් ඒ ලාගෝ වෙත රැස්ව සිටියහ.

උත්තරීතර නායකයා ඝාතනය කර ඇති බව තහවුරු කිරීමට පැය කිහිපයක් ගතවිණි.

ඉරානය තම උත්තරීතර නායකයා පමණක් නොව සහ අනෙකුත් ඉහළ නිලධාරීන් පවා ඝාතනයට ලක් වුවහොත් ක්‍රියාත්මක කිරීමට සැලසුම් ඒ වන විටත් සූදානම් කර තිබුණු බවට වාර්තා විය.

ඉන් අදහස් වන්නේ, මෙම ගැටුමේ ගමන් මගට ඝාතනයෙන් ඇති වන බලපෑම තවමත් අපැහැදිලි බව ය.