කමේනි මිය ගිය පසු ඉරානයේ බලය ඇත්තේ කා සතුව ද? ඔහුගේ අනුප්‍රාප්තිකයා තෝරා ගන්නේ කෙසේ ද?

ඡායාරූප මූලාශ්‍රය, Majid Asgaripour/WANA (West Asia News Agency) via REUTERS
ඉරානයට එල්ල වූ එක්සත් ජනපද-ඊශ්‍රායල ඒකාබද්ධ ගුවන් ප්‍රහාරවලින් පසු ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ මරණය, ඉරානයට සහ එම කලාපයට අවිනිශ්චිතතාවයක් ඇති කොට තිබේ.
කමේනි, රාජ්‍ය නායකයා සහ ඉරාන විප්ලවවාදී ආරක්ෂක බලකාය (IRGC) ඇතුළු සන්නද්ධ හමුදාවේ ප්‍රධාන අණ දෙන නිලධාරියා ද විය.
අස්ථාවරත්වය වළක්වා ගැනීම සඳහා අතීතයේ දී නායකත්ව වෙනස්කම් ඉක්මනින් හසුරුවා ගත්ත ද, ඉරානය තවමත් ප්‍රහාරවලට මුහුණ දෙන අතර කලාපයේ අනෙකුත් රටවලට ද පහර දෙන බැවින් දැන් එය කිරීම දුෂ්කර විය හැකි ය.
ක්‍රියාවලිය කුමක් ද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ඉරිදා [මාර්තු 01] ඉරාන රාජ්‍ය මාධ්‍ය මගින් ඔහුගේ මරණය ප්‍රකාශයට පත් කිරීමෙන් ටික වේලාවකට පසු, රජය දින 40 ක ජාතික ශෝක කාලයක් සහ රජයේ නිවාඩු දින හතක් ප්‍රකාශයට පත් කළේ ය.
දැන් අවධානය යොමු වී ඇත්තේ ජ්‍යෙෂ්ඨ ආගමික නායකයින් 88 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් වන විශේෂඥයින්ගේ සභාව කෙරෙහි ය. ඔවුන් සෑම වසර අටකට වරක් ජාතික මැතිවරණයක් හරහා තෝරා පත් කර ගනු ලබන අතර, එහිදී දැඩි මතධාරී මුරකරුවෙකු වන ගාඩියන් කවුන්සිලය සියලු ම අපේක්ෂකයින් පරීක්ෂා කරයි.
නව නායකයෙකු තෝරා පත් කර ගැනීම සඳහා විශේෂඥයින්ගේ සභාවෙහි තුනෙන් දෙකක බහුතරයක් අවශ්‍ය වේ. 2024 මැතිවරණයේදී කමේනිගේ පක්ෂපාතීන් සියලු ම ආසන අත්පත් කරගත් බැවින්, විශේෂඥයින් අපේක්ෂා කරන්නේ ඔහුගෙන් පසු ඒ හා සමාන දැඩි මතධාරියෙකු පත් වනු ඇති බව යි.
එම ක්‍රියාවලිය සිදුවෙමින් පවතින අතරතුර, නව නායකයෙකු සොයා ගන්නා තෙක් තාවකාලික ත්‍රිපුද්ගල මණ්ඩලයකට බලය පැවරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ම මගින් ඉඩ ලබා දී ඇත. කවුන්සිලය වත්මන් ජනාධිපති මසූද් පෙසෙෂ්කියාන්, අධිකරණ ප්‍රධානී ගොලාම්හුසේන් මොහ්සෙනි එජෙහෙයි සහ ගාඩියන් කවුන්සිලයේ ජ්‍යෙෂ්ඨ පූජකයෙකු වන අයතුල්ලා අලිරේසා අරාෆි යන අයගෙන් සමන්විත වේ.
කිසිදු අපේක්ෂකයෙකුට තුනෙන් දෙකක බහුතරයක් නොලැබුණේ නම්, හෝ ඉරානයේ වත්මන් ආරක්ෂක තත්ත්වය හේතුවෙන් විශේෂඥයින්ගේ සභාව රැස්වීමට නොහැකි වුවහොත්, න්‍යායාත්මකව ගත් කළ, අන්තර්වාර කවුන්සිලයට දින නියමයක් නොමැතිව පාලනය කළ හැකි ය.
අවසානයේදී, ඊළඟ උත්තරීතර නායකයා කවුරුන් ද යන්න තීරණය කිරීමට පෙර විශේෂඥයින්ගේ සභාව බලවත් ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය (IRGC) සමග එක්ව කටයුතු කළ යුතු බව යි.
එහි සියලු ම සාමාජිකයන් කමේනිට පක්ෂපාතී වුව ද, ප්‍රතිසංස්කරණවලට පක්ෂපාතී හෝ දැඩි මතධාරී ජනාධිපතිවරයෙකු ධුරයේ සිටීම එවැනි සංවේදී කාල පරිච්ඡේදවලදී සියුම් වෙනසක් ඇති කළ හැකි බව BBC Monitoring පවසයි.
1979 විප්ලවයේ අදහස් ආරක්ෂා කිරීම සඳහා ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය [IRGC] නිර්මාණය කරන ලද අතර, එය නිත්‍ය හමුදාව සහ විරෝධතා පාලනය කිරීමට සහ විරුද්ධත්වය නැවැත්වීමට උපකාරී වන දේශීය ස්වේච්ඡා බලකායන්ගේ විශාල ජාලයක් සමග එක්ව කටයුතු කරයි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
කමේනිගේ මරණයට පෙර, විශේෂඥයින්ගේ සභාවෙහි සාමාජිකයින් තිදෙනෙකුගෙන් යුත් උප කමිටුවක් අපේක්ෂකයින්ගේ විය හැකි අයගේ රහස්‍ය ලැයිස්තුවක් සකස් කරමින් සිටි බව වාර්තා වන බව BBC Monitoring පවසයි. මෙය සිදු වූයේ ඇමරිකා එක්සත් ජනපදය හා ඊශ්‍රායලය සමග ආතතීන් උත්සන්න වීමත් සමග වන අතර, කමේනි ඉලක්කයක් බව පැහැදිලි විය.
"විශේෂඥයින්ගේ සභාව අවසානයේ කවුරුන් නම් කරනවා ද කියලා අපිට බලන්න වෙනවා. දැනට අපි දන්නේ නැහැ අපේක්ෂකයින් කවුද කියලා, මේ බෝම්බ ප්‍රහාරවලින් පස්සේ... සාමාජිකයින්ගේ හෝ අපේක්ෂකයින්ගේ තත්ත්වය හෝ, ඉදිරි දිනවලදී ඔවුන්ගේ තත්ත්වය කුමක් වේවි ද කියලා අපි දන්නේ නැහැ," ඇමරිකා එක්සත් ජනපදය පදනම් කරගත් සමකාලීන අරාබි අධ්‍යයන මධ්‍යස්ථානයේ මැද පෙරදිග පිළිබඳ විශේෂඥ විශ්ලේෂිකාවක් සහ පර්යේෂිකාවක් වන රෝසා මෙනේසෙස් බීබීසී මුන්ඩෝ වෙත පැවසීය.

අපේක්ෂකයන් විය හැකි අය
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
අභාවප්‍රාප්ත අයතුල්ලා කමේනිගේ දෙවන පුත්‍රයා වන මොජ්තාබා කමේනි, ඔහුගේ පියාගෙන් පසු එම ධුරයට පත්විය හැකි අපේක්ෂකයෙකු ලෙස සැලකෙයි. ඔහුගේ පියාගේ බලතල කළමනාකරණය කිරීමේ කාර්යභාරය තුළින් ඔහුට ඉහළ මාධ්‍ය ආවරණයක් ලැබී ඇති අතර, කමේනිගේ "අරමුණු ඉදිරියට ගෙන යාම" සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය විසින් ඔහුට සම්බාධක පමුණුවා ඇත.
කෙසේ වෙතත්, ඇතිවිය හැකි ගැටලුවක් වන්නේ පාරම්පරික අනුප්‍රාප්තිය බව BBC Monitoring පවසයි: අයතුල්ලා අලි කමේනි සහ ඔහුගේ පූර්වගාමියා වූ අයතුල්ලා රුහොල්ලා කොමේනි යන දෙදෙනාම, 1979 ඉස්ලාමීය විප්ලවයෙන් පෙරලා දැමූ ඉරානයේ රාජාණ්ඩු ක්‍රමය වන පහ්ලවි රාජාණ්ඩුවේ පාලනය දැඩි ලෙස විවේචනය කළහ.
හසන් කොමේනි යනු සඳහන් වන තවත් නමකි. විශ්ලේෂකයින් පවසන්නේ ඔහු ඉරානයේ ප්‍රතිසංස්කරණවාදීන්ට සමීප බවත්, 1989දී මියගිය ඉස්ලාමීය ජනරජයේ නිර්මාතෘ අයතුල්ලා කොමේනිගේ මුනුපුරා බවත් ය. මෙයින් අදහස් වන්නේ පාරම්පරික අනුප්‍රාප්තියට එරෙහි තර්කය අදාළ නොවිය හැකි බව යි.
ඔහුගේ ආගමික පසුබිම සහ පවුලේ නම වැදගත් සහ ගෞරවනීය වුවත්, ඔහුට එතරම් දේශපාලන අත්දැකීම් නොමැති නිසාත්, එම තනතුර සඳහා තරග කරන තවත් ප්‍රබල අපේක්ෂකයින් සිටින නිසාත්, ඔහු තෝරා ගැනීමට ඇති ඉඩකඩ අඩු බව විශේෂඥයෝ විශ්වාස කරති.

ඡායාරූප මූලාශ්‍රය, Airbus DS 2026
AE විශේෂඥයින්ගේ සභාවේහි සමහර සාමාජිකයින් ද අපේක්ෂකයින් විය හැකි අය බවට ලෙස සැලකේ. ඔවුන්ගෙන් එක් අයෙකු වන්නේ 65 හැවිරිදි ජ්‍යෙෂ්ඨ පූජකයෙකු සහ කමේනිගේ ආධාරකරුවෙකු වන අරාෆි ය. ඔහු නව උත්තරීතර නායකයෙකු තෝරා ගන්නා තෙක් ඉරානය මෙහෙයවීම සඳහා වගකිව යුතු තාවකාලික නායකත්ව මණ්ඩලයට පත් කර තිබේ.
අරාෆි රට පුරා ඇති සියලු ම සෙමනේරිවල අධ්‍යක්ෂවරයා වන අතර එය ඉරානයේ ආගමික තරාතිරම්වල ඉහළම තනතුරකි. 2019දී කමේනි ඔහුව ගාඩියන් කවුන්සිලයට පත් කළේ ය.

ඡායාරූප මූලාශ්‍රය, Donald Trump / Truth Social
උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලයේ වත්මන් ලේකම් අලි ලරිජානි උත්තරීතර නායකයා ලෙස තෝරා ගත නොහැකි නමුත්, එම ක්‍රියාවලියේදී ඔහු බලපෑම් සහගත අයෙකු වනු ඇත.
ලරිජානි න්‍යෂ්ටික සාකච්ඡා, කලාපීය සබඳතා සහ අභ්‍යන්තර විරෝධතා ඇතුළු ප්‍රධාන කරුණු රාශියක් හසුරුවා ඇති අතර, කමේනිගෙන් පසු ඊළඟ නායකයා කවුරුන්ද යන්න තීරණය කිරීමේදී ඔහු වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ඔහු ප්‍රමුඛ දේවගැති පවුලකින් පැමිණෙන අතර, නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පතට අනුව, රාජ්‍ය විරෝධී විරෝධතා ම්ලේච්ඡ ලෙස මර්දනය කිරීම සම්බන්ධයෙන් ජනවාරි මාසයේදී වොෂින්ටනය ඔහුට සම්බාධක පැනවීමෙන් මාසයකට පසු, එක්සත් ජනපදය සමග න්‍යෂ්ටික ගිවිසුමකට එළඹීමට ඉරානය දැරූ උත්සාහයන් ඔහු අධීක්ෂණය කළේ ය.
මෙයින් අදහස් කරන්නේ ඉරානයට එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය විසින් ප්‍රහාර එල්ල කරන අතරතුර නව උත්තරීතර නායකයෙකු තෝරා ගැනීමට උත්සාහ කරන බවත්, මෙම අඛණ්ඩ ගැටුම නායකයෙකුගේ සංක්‍රාන්තිය තවත් දුෂ්කර කරන බවත් ය.
වාර්තාකරණය බීබීසී පර්සියානු සේවය, බීබීසී මුන්ඩෝ සේවය, BBC Monitoring සහ බීබීසී ගෝලීය ජනමාධ්‍ය කණ්ඩායම විසිනි.































