අයතුල්ලා අලි කමේනි : ඉරානයේ උත්තරීතර නායකයා ඝාතනය කළ ඇමෙරිකානු සහ ඊශ්‍රායල ඒකාබද්ධ මෙහෙයුම

වීඩියෝ ශීර්ෂ වැකිය, ඉරානයේ උත්තරීතර නායක කමේනි ඝාතනය කළඇමෙරිකා-ඊශ්‍රායල් මෙහෙයුම
අයතුල්ලා අලි කමේනි : ඉරානයේ උත්තරීතර නායකයා ඝාතනය කළ ඇමෙරිකානු සහ ඊශ්‍රායල ඒකාබද්ධ මෙහෙයුම

ඇමෙරිකානු සහ ඊශ්‍රායල ගුවන් ප්‍රහාර එල්ල කළ පළමු දිනයේදීම අයතුල්ලා අලි කමේනි ඝාතනයට ලක් වූ බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කළේය.

ලෝකයේ දීර්ඝතම කාලයක් රාජ්‍ය පාලනය කළ පාලකයන්ගෙන් එක් අයෙකු වූ, පසුගිය දශක තුන තුළ ඉරානය පාලනය කළ 86 හැවිරිදි පාලකයාගේ මරණය පසුව ඉරාන රාජ්‍ය රූපවාහිනිය මගින් තහවුරු කරන ලදී.

ඔහුගේ දැඩි ඒකාධිපති අදහස් සහ ප්‍රතිපත්ති දශක හතරකට ආසන්න කාලයක් පුරාවට ඉරානයේ ජීවන රටාව හැඩගස්වා ඇත.

1989 දී සිදුවූ රුහොල්ලා කොමේනිගේ මරණයෙන් අනතුරුව 1979 විප්ලවයෙන් පසු පත් වූ දෙවන උත්තරීතර නායකයා ඔහු විය.