'Lover Boy Only': ළමා අපයෝජකයෙකු පැහැරගත් දරුවෙකු බේරාගත් ජාත්‍යන්තර බුද්ධි මෙහෙයුම
'Lover Boy Only': ළමා අපයෝජකයෙකු පැහැරගත් දරුවෙකු බේරාගත් ජාත්‍යන්තර බුද්ධි මෙහෙයුම
හත් හැවිරිදි පිරිමි දරුවෙකු පැහැර ගැනීමෙන් පසු 'Lover Boy Only' නමින් හැඳින්වූ පරිශීලකයා ඩාර්ක් වෙබ් තුළ විශාල අවධානයක් දිනා ගත්තේය.
සුවිශේෂී රහස් නියෝජිත කණ්ඩායමක් අන්තර්ජාලයේ අඳුරුතම කොටසට රහසිගතව ඇතුළු වී, දරුවා බේරා ගැනීම සඳහා මෙහෙයුමක් ආරම්භ කළේ ය. එය කළ නොහැක්කක් බව පෙනුණු තත්ත්වයකදී පවා, ඔවුහු බලාපොරොත්තුවක් ඇති කිරීමට සමත් වූහ.
ඔවුන්ගේ මෙහෙයුම සාර්ථක වුව ද, මෙය එක් කණ්ඩායමකට හෝ එක් රටකට පමණක් විසඳිය නොහැකි තරම් විශාල හා සංකීර්ණ ගැටලුවක් බව විමර්ශකයෝ දැන සිටියහ.









