ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
අවසන් හඬ පණිවුඩය: 'හුස්ම හිරවෙලා මැරෙන්න යන්නේ, අන්තිම දශමේ ඉන්නේ... අනේ මොනවා හරි කරන්න'
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් සිදුවූ දරුණු ඛේදවාචකයේ දැවැන්ත ම හානිය සිදුවූ ස්ථාන අතරින් ගම්පොළ නගරය ප්‍රධාන වේ.
බොහෝ දෙනෙකු අපේක්ෂා නොකළ පරිදි 2025 නොවැම්බර් 27 වන දා ගම්පොළ නගරය කෙමෙන් ජලයෙන් යටවෙමින් පැවතිණි.
හේලස්සගේ කරුණාවතී සිතුවේ තම දෙමහල් නිවසේ ඇය සහ නාය යාම් අනතුරු ඇඟවීම් මත ආරක්ෂාව පතා තම නිවසට පැමිණි තම ඥාතීන් ආරක්ෂිතව සිටින බව ය.
එහෙත්, ඇය නොසිතු පරිදි ගම්පොළ නගරයට නොනවත්වා ධාරාණිපාත වැසි ඇද හැළෙමින් තිබිණි.
'හුස්ම හිරවෙලා මැරෙන්න යන්නේ. තව අන්තිම දශමේ ඉන්නේ… අනේ මොනවා හරි කරන්න…' ඒ ජල ගැලීමට හසු වී මිය යෑමට පෙර ඔවුන් යැවූ අවසන් හඬ පණිවුඩයයි.
නිෂ්පාදනය, කැමරාකරණය සහ සංස්කරණය : සිදේශ් අනුරංග
විධායක නිෂ්පාදනය සහ පිටපත : ඉෂාරා ධනසේකර
කේෂ්ත්‍ර සහාය : රොෂාන් චතුරංග