ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ජල පහරට හසු වූ දෙදෙනෙකුගේ දිවි බේරාගත් ග්‍රාම නිලධාරී
ජල පහරට හසු වූ දෙදෙනෙකුගේ දිවි බේරාගත් ග්‍රාම නිලධාරී
රාජකාරී සීමාවන් ඉක්මවා ගොස් මිනිසුන්ගේ ජීවිත බේරා ගැනීම සඳහා ක්‍රියා කළ රාජ්‍ය නිලධාරීන් ගැන ආපදා සිදු වූ කාලය තුළ අපිට අසන්නට ලැබිණි.
බදුල්ල, ලුණුගල නගරය වසම අයත් ග්‍රාම නිලධාරී ආර්.එම්.ඩී නිශාන්ත ඒ අතරින් කෙනෙකි.
වෙනත් ග්‍රාම නිලධාරී වසමක පුද්ගලයින් දෙදෙනෙකු ජල පහරට හසු වී සිටින බව දැනගත් ඔහු වහා ක්‍රියාත්මක වී ඔවුන්ගේ ජීවිත බේරා ගැනීමට කටයුතු කළේය.