ගවමස් 'වැටලීමක්' නිසා ඉන්දියාවේ මතභේදයක්

ගව ඝාතනයේ යෙදුණු බවට සැක පිට මුස්ලිම් ජාතිකයන් දෙදෙනකු මෑතකදී පහර දී මරා දැමීමත් සමග ඉන්දීය දේශපාලනය තුළ ගව මස් සම්බන්ධයෙන් දැඩි ආන්දෝලනයක් ඇති වී තිබේ

ඡායාරූප මූලාශ්‍රය, AP

ඡායාරූප ශීර්ෂ වැකිය, ගව ඝාතනයේ යෙදුණු බවට සැක පිට මුස්ලිම් ජාතිකයන් දෙදෙනකු මෑතකදී පහර දී මරා දැමීමත් සමග ඉන්දීය දේශපාලනය තුළ ගව මස් සම්බන්ධයෙන් දැඩි ආන්දෝලනයක් ඇති වී තිබේ

ගව මස් පිසූ බවට සැක පිට ආණ්ඩුවේ තානායමක් 'වැටලීමට' පොලිසිය කටයුතු කර ඇති බව පවසන දිල්ලි අගනුවර ප්‍රධාන අමාත්‍යවරයා එම ක්‍රියාව තරයේ හෙළා දැක තිබේ.

ලැබුණු පැමිණිල්ලක් මත කේරළ ප්‍රාන්තයේ පිහිටි ආණ්ඩුවේ තානායම තුලට තම නිලධාරීන් කණ්ඩායමක් ඇතුළු වූ බවයි පොලිසිය කියා සිටියේ.

එහිදී ක්‍රියා කළ ආකාරය සාධාරණීකරණය කරමින් පොලිසිය සඳහන් කළේ තානායම් මෙනු පතේ ගව මස් ඇතැයි මුද්‍රණය කොට තිබූ බවට දක්ෂිණාංශික හින්දු කණ්ඩායමකින් පැමිණිල්ලක් ලැබුණු බවයි.

මී ගව මස්

දිල්ලිය තුළ මෙන්ම කේරළයේත් ගවයන් මරා දැමීම සහ ගව මස් වෙළඳාම නීතියෙන් තහනම්.

මේ අතර තානායම් කාර්ය මණ්ඩලය කියා සිටියේ තමා පිසින්නේ ගව මස් නොව මී ගව මස් පමණක් බවයි.

ගව මස් වෙළඳාම හෝ පරිභෝජනය ඉන්දියාවේ බොහෝ ප්‍රාන්තවල තහනම් වන අතර බොහෝ විට ඉන්දියාව තුළ වෙළඳාම් කෙරෙන්නේ මී ගව මස්.

මී ගවයා දේවත්වයට සම්බන්ධ සත්වයකු ලෙස සලකනු නොලැබීම ඊට හේතු වී ඇති බව වාර්තාකරුවෝ පවසති.

ගව ඝාතනයේ යෙදුණු බවට සැක පිට මුස්ලිම් ජාතිකයන් දෙදෙනකු මෑතකදී පහර දී මරා දැමීමත් සමග ඉන්දීය දේශපාලනය තුළ ගව මස් සම්බන්ධයෙන් දැඩි ආන්දෝලනයක් ඇති වී තිබේ.