මිහිතලය රැක ගැනීමට පාප් වහන්සේගේ මැදිහත්වීමක්

ඡායාරූප මූලාශ්‍රය, AFP
පොසිල ඉන්ධන භාවිතය අඩු කිරීම කෙරේ කඩිනම් අවධානය යොමු කරන්නැයි ප්‍රැන්සිස් පාප් වහන්සේ කියා සිටී.
පෙට්‍රෝලියම් ආදී පොසිල ඉන්ධන භාවිතය අඩු කිරීමට හැකිවෙන පරිදි වඩාත් සංවර්ධිත රටවල් වල වැසියන් තමන්ගේ ජීවන රටාව සහ පරිභෝජන රටාවන් වෙනස් කරගත යුතු බව ප්‍රැන්සිස් පාප්තුමන් කියා සිටින්නේ රදගුරුවරුන් වෙත යවන ලිපියකින්.
කතෝලික සම්ප්‍රදාය අනුව පාප් වහන්සේ මෙවැනි ලිපියක් ඉදිරිපත් කරන්නේ ඉතා වැදගත් උපදේශන ඉදිරිපත් කිරීමටයි.
පිටු 192 කකින් සමන්විත මේ ලිපිය තුළින් පාප් වහන්සේ පෙන්වා දෙන්නේ මිහිතලය උණුසුම් වීමට මිනිස් ක්‍රියාකරකම් දැඩිව බලපා ඇති බවයි.
මිනිසා හිතුමතයට මිහිතලය පාලනය කිරීමටත් එය විනාශ කිරීමටත් නැඹුරු වී සිටින බව පාප් වහන්සේ පෙන්වා දෙති.
ඇමේසන් වනාන්තරයේ ජෛව විවිධත්වයටත් උත්තර සහ දක්ෂිණ ධ්‍රව කලාප වල අයිස් ග්ලැසියර වල දියවී යාම පිළිබඳවත් පාප් වහන්සේ තම අවධානය යොමු කොට සිටී.
පාප් වහන්සේ ගේමේ අදහස් දැක්වීම දෙසැම්බර් මාසයේදී ප්‍රංශයේ පැරිස් අගනුවර පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන් ගේ කාලගුණික සමුළුවේ කතා බහ කෙරේ සුභවාදී බලපෑමක් කරනු ඇතැයි ඇතැම් පරිසරවේදීහු වීශ්වාශ කරති.
ඇමරිකාවේ කොන්ස්ර්වෙටිව් පාක්ෂික ජනාධිපති ධුර අපේක්ෂකයින් වන ජෙබ් බුෂ් සහ රික් සන්ටෝර්ම් යන දෙදෙනාම පාප් වහන්සේට කාලගුණ විද්‍යාවට සම්බන්ධව අදහස් දැක්වීමට ඇති සුදුසු කම් පිළිබඳව ප්‍රශ්න කොට සිටියත් ඔක්සෆෙර්ඩ් විශ්ව විද්‍යාලයේ භු පද්ධතීන් පිළිබඳ මහාචාර්ය මයිල්ස් ඇලන් කියා සිටියේ පාප් වහන්සේට මතු පරපුර වෙනුවෙන් අදහස් දැක්වීමට අයිතියක් ඇති බවයි.








