ඇමරිකාව සහ කියුබාව අතර තානාපති සබඳතා

ඡායාරූප මූලාශ්‍රය, Reuters
ඇමරිකාව සහ කියුබාව අතර තානාපති සබඳතා යලි ස්ථාපිත කිරීම පිණිස කෙරෙන සාකච්ඡා ඉදිරි මාස කිහිපය තුළ ආරම්භ කරන බව ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා සහ කියුබා ජනාධිපති රාවුල් කැස්ත්‍රෝ විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ තිබේ.
පසුගිය වසර පනහකට වැඩි කාලය තුළ දක්නට ලැබෙන වඩාත් අගනා වෙනස තමාගේ මෙම කියුබාව පිලිබඳ ප්‍රතිපත්තිය බවටයි ඇමරිකානු ජනාධිපතිවරයා පවසා ඇත්තේ.
අඟහරුවාදා මුණගැසුණු ජනාධිපතිවරුන් දෙදෙන දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම සහ දෙරට අතර ගමනාගමනය සහ වෙළඳාමට අදාලව පවතින සීමාකිරීම් අඩු කිරීම වැනි කරුණු කිහිපයක් සම්බන්ධයෙන් එකඟතාවයට පත් වූ බවයි පැවසෙන්නේ.
මේ අතර හවානා නුවර තානාපති කාර්යාලයක් විවෘත කරන බවට ඇමරිකාව විසින් ප්‍රකාශ කොට තිබේ.
මේ අතර තම කොමියුනිස්ට් රාජ්‍යයට එරෙහිව පනවා ඇති වෙළඳ සහ ආර්ථික සීමාවන් ඉවත් කරන ලෙස කියුබාව විසින් ද ඉල්ලීමක් කර තිබේ.




