'කාන්තා දූෂණ ජාතියට ලැජ්ජාවක්'- අගමැති මෝඩි

ඡායාරූප මූලාශ්‍රය, AFP
ඉන්දියාවේ දිගින් දිගටම සිදු වන කාන්තා දූෂණ ජාතියම ලැජ්ජාවට ලක් කරන බව ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝඩි පවසයි.
දිල්ලි අගනුවර රතු බල කොටුවේ පැවති ඉන්දියාවේ ජාතික නිදහස් දින උත්සවය ප්‍රථම වරට අමතමිනි අගමැති නරේන්ද්‍ර මෝඩි එම අදහස් පළ කළේ.

ඡායාරූප මූලාශ්‍රය, AFP
පුරා හෝරාවක් කිසිදු සටහනක් හෝ පෙර සූදානම් කළ පිටපතක් නොමැතිව මුලසුනේ කතාව පැවැත්වූ අගමැති නරේන්ද්‍ර මෝඩි වෙඩි නොවදින ආවරණයක් භාවිතා නොකිරීම තවත් විශේෂයක් විය.
සාප්‍රධායික නිදහස් දින මාතෘකාව වන පකිස්තානය සමග පවතින විරසකභාවය බැහැර කරමින් ඉන්දියාව විදේශ අපනයන මධ්‍යස්ථානයක් බවට පත් කිරීමේ වැඩ පිළිවල සහ ඉන්දියාව තුළ පැතිරෙන කාන්තා අපචාර වළක්වා ගැනීම සම්බන්ධයෙන් යොමු වීම අගමැති නරේන්ද්‍ර මෝඩිගේ නිදහස් දින කතාවේ තවත් විශේෂ වෙනසක් බවයි පැවසෙන්නේ.
ඉන්දියාව අපනයන මත පදනම් වූ රටක් බවට පත් කිරීමට උපකාර කරන මෙන් ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලා සිටි අගමැති වරයා, කාන්තා හිංසනය දුරු කිරීමට උපකාරී වන ලෙස ඉන්දියානු ජනතාවගෙන් ද ඉල්ලීමක් කළේය.
අගමැති නරේන්ද්‍ර මෝඩි ගේ නිදහස් දින කතාව සම්බන්ධයෙන් බොහෝ ඉන්දියානුවන් අන්තර්ජාලය හරහා තම අදහස් පළ කරමින් කියා සිටියේ එය ජාතිය පුබුදු කරවන ඉතා ආදර්ශමත් මෙන්ම ප්‍රශංසනීය කතාවක් බවයි.




