ඇම්බසඩර් මෝටර් රථ නිෂ්පාදනය නවතී

ඉන්දියාව ඇම්බසඩර් ( Ambassador ) මෝටර් රථ නිෂ්පාදනය නවතා දමා තිබේ.
ඇම්බසඩර් රථය සැළකෙනු ලැබෙන්නේ ඉන්දීය මෝටර් රථ නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රථම වරට නිෂ්පාදනය කෙරුණු පැරණිතම රථය ලෙසටයි.
දශක ගණනාවක් පුරා ඉන්දීය දේශපාලන පන්තියේ සංකේතයක් වශයෙන් ඇම්බැසඩර් මෝටර් රථය යොදා ගැනුණි.
හින්දුස්ථානී මෝටර් සමාගම පවසන්නේ කල්කටාවට නුදුරින් පිහිටි ඇම්බැසඩර් කර්මාන්ත ශාලාවේ වැඩ දින නියමයක් නොමැතිව අත් හිටවූ බවයි .
අඩු වශයෙන් කෙරෙන රථ නිෂ්පාදනය, ඉහල යන ණය ප්‍රමාණය හා රථ සඳහා ඇති ඉල්ලුම අඩු වීම එම්බැසඩර් රථ නිෂ්පාදනය නවතා දැමීමට හේතු වී තිබේ.
එක්දහස් නවසීය පනහ දශකයේ අග භාගයේ මුල් වරට නිෂ්පාදනය කෙරුණු එම්බැසඩර් රථය සතුව තිබෙන සුවිශේෂී හැඩයෙහි සැළකිය යුතු ආකාරයේ විශේෂ වෙනසක් මේ දක්වා සිදු වී නොමැත.
කල්කටාවේ පමණක් ඇම්බසඩර් වර්ගයේ කුළී රථ තිස්තුන් දහසක් පමණ තිබෙන අතර නුතන නව මාදිලියේ මොටර් රථවල පැමිණීම ඇම්බසඩර් රථ අභාවයට යාමට හේතු වී තිබේ.




