ඉරාකයට ඇමරිකානු ගුවන් ප්‍රහාර

ඡායාරූප මූලාශ්‍රය, BBC World Service
උතුරු ඉරාකයේ ප්‍රහාර දියත් කරමින් සිටින සුන්නි ජිහාඩ් කැරලිකරුවන්ට එරෙහිව ගුවන් ප්‍රහාර එල්ල කිරීමට ජනාධිපති බරක් ඔබාමාගේ අනුමැතිය ලැබුණි.
ඉස්ලාම් රාජ්‍යයක් සඳහා සටන් වදින ජිහාඩ් ප්‍රහාරකයන් ‘කුර්දිෂ්’ නගරයට තර්ජන එල්ල කළහොත්, එසේම ප්‍රදේශයේ වෙසෙන ක්‍රිස්තියානි සහ 'යසීඩි' ප්‍රජාව සමූලඝාතනය කරමින් ප්‍රහාර දියත් කළහොත් ඔවුන් ඉලක්ක කොට ගුවන් ප්‍රහාර එල්ල කරන බවයි ජනාධිපති බරක් ඔබාමා කියා සිටියේ.
ඇමෙරිකාවට තවත් ඉරාක් යුද්ධයකට අවතීර්ණ වීමට අනවශ්‍ය නමුත් සුළු ආගමික ප්‍රජාව විනාශ කිරීමේ ක්‍රියාවලියකට ඉඩ දී නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට තමන් අදහස් නොකරන බවත් ඇමෙරිකානු ජනාධිපතිවරයා පවසයි.
ජිහාඩ් කැරලිකරුවන් විසින් එල්ල කරන ප්‍රහාර වලින් මිදීමට කඳුකරයේ සැඟව සිටින යසීඩි ජනතාවට මේ වන විට ඇමරිකානු ගුවන් යානා මගින් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදා හරිමින් ඇති බවත් වාර්තා වෙයි.




