ඉරාක තෙල් පිරිපහදුවේ ඉරණම

ඡායාරූප මූලාශ්‍රය, Reuters
ISIS සටන්කාමීන් ප්‍රමුඛ ජිහාඩ්වාදී සටන්කාමීන් සහ ෂියා සටන්කාමීන් ඇතුළු රජයේ හමුදා අතර දිගටම සටන් පවතිද්දී ඉරාකයේ ප්‍රධාන තෙල් පිරිපහදුවේ ඉරණම තවමත් අපැහැදිලිව පවතී.
එම බේජි තෙල් පිරිපහදුව තම පාලනය යටතේ පවතින බව රජය පැවසුවත් ලැබෙන වාර්තාවලට අනුව එය ISIS සටන්කාමීන් විසින් වට කරගෙන සිටිති.
සටන්කාමීන් විසින් යුද හමුදා හෙලිකොප්ටර් යානා දෙකක් බිම හෙලා ඇති බවත් වාර්තාවල සදහන් වෙයි.
මේ අතර උපක්‍රමික වශයෙන් වැදගත් ටල් අෆාර් නගරයේ ගුවන් තොටුපොල අවටද සටන් ඇවිලයමින් තිබේ.
වාර්තාකරුවන් පවසන ආකාරයට නගරය ජිහාද්වාදී සටන්කාමීන්ගේ අතට පත්වුවහොත් එහි සිට මොසුල්( Mosul) නගරය යලි අත්පත් කරගැනීම අපහසු කාර්යයක් වනු ඇතැයි වාර්තාකරුවෝ පවසති.
මොසුල්( Mosul) නගරය ඉකුත් සතියේදී සටන්කාමීන් අතට පත් විය.




