ඇමරිකානු රාජ්‍ය ලේකම් උතුරු ඉරාකයේ

ඡායාරූප මූලාශ්‍රය, AP
ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී , (John Kerry) උතුරුදිග ඉරාක නගරයක් වන ඉර්බිල් ( Irbil) නගරයේ දී කුර්දි නායකයන් සමඟ සාකච්ජා පවත්වමින් සිටියි.
බැග්ඩෑඩ් නගරයේ සංචාරය කිරීමෙන් දිනකට පසු ඔහු එහි පැමිණියේ කලින් දැනුම්දීමකින් තොරවයි.
සුන්නි කැරලිකරුවන්ට එරෙහිව සටන් වැද සිටින ඉරාක ආරක්ෂක හමුදාවලට සහය ලබාදෙන බවට ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා බැග්ඩෑඩ්හිදී පොරොන්දුවක් දී තිබේ.
රටේ පැවැත්ම තර්ජනයට ලක්ව ඇති නිසා එම තත්වය පාලනය කිරීමේ තීරණාත්මක මොහොතක ඉරාකය සිටින බවයි ඔහු කියා සිටියේ.
ඉරාක අගමැති නුරි අල් මලිකි (Nouri al-Maliki) සහ සෙසු නායකයන් මේ මස අවසන් වීමට පෙර එක්සත් ඉරාකයක් ගොඩනැගීම සඳහා කැපවී සිටින බවත් ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී ප්‍රකාශ කළේය.




