කාන්තා හිංසනයට එරෙහි විරෝධයට පොලිස් ජල ප්‍රහාර

විරෝධතා කරුවන් ගෙන් බොහොමයක් දෙනා කාන්තාවන්

ඡායාරූප මූලාශ්‍රය, AP

ඡායාරූප ශීර්ෂ වැකිය, විරෝධතා කරුවන් ගෙන් බොහොමයක් දෙනා කාන්තාවන්

කාන්තා හිංසනයට එරෙහි විරෝධතා ව්‍යාපාරයක නිරත වෙමින් සිටි සියයකට අධික පිරිසකට ඉන්දියානු උත්තර් ප්‍රදේශ් ප්‍රාන්ත පොලිසිය විසින් අධි බලැති ජල ප්‍රහාර එල්ල කරනු ලැබීය.

ලක්නව් නුවර ප්‍රාන්ත අගමැති කාර්යාලයට ළඟා වීමට උත්සාහ කල විරෝධතා කරුවන් ගෙන් බොහොමයක් දෙනා කාන්තාවන් බව වාර්තා වේ.

පසුගිය සතියේ මහත් ආන්දෝලනයකට ලක් වූ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ තරුණියන් දෙදෙනෙකු දූෂණයට ලක් කොට අඹ ගසක එල්ලා මරණයට පත් කිරීමේ සිද්ධිය මෙම විරෝධතාවට හේතු වී ඇත.

දූෂණයට ලක් වූ දැරියන්ගේ පවුලේ සාමාජිකයන් පවසන්නේ තරුණියන් දෙදෙනා අතුරුදහන් වූ බවට කළ පැමිණිල්ලට ප්‍රතිචාර දැක්වීමට සහ නිසි ක්‍රියාමාර්ග ගැනීමට පොලිසිය පමණට වඩා වැඩි කාලයක් ගත් බවයි.

දැනට පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් පස් දෙනෙකු සිද්ධියට සම්බන්ධ බවට සැක පිට අත් අඩංගුවට පත් ව ඇත.