ඇෆ්ගන් ජනාධිපතිවරණය: හිටපු විදේශ ඇමති ඉදිරියෙන්

ඡායාරූප මූලාශ්‍රය, Getty
ඇෆ්ගනිස්තානයේ හිටපු විදේශ ඇමති ආචාර්ය අබ්දුල්ලා අබ්දුල්ලා ජනාධිපතිවරණයේ ආරම්භක ප්‍රතිඵලවලට අනුව ඉදිරියෙන් සිටින බව ඇෆ්ගනිස්තානු මැතිවරණ කොමිසම ප්‍රකාශ කර ඇත.
පළාත් තිස් හතරෙන්, විසි හයක ඡන්ද මේ වන විට ගණන් කර ඇති අතර එයින් සියයට හතළිස් දෙකකට ආසන්න ප්‍රමාණයක් හිමි වී ඇත්තේ හිටපු විදේශ ඇමැතිවරයාට යි.
ඔහු ගේ ප්‍රධාන ප්‍රතිවාදියා වන අශ්රාෆ් ඝානි ට ලැබී ඇත්තේ මෙතෙක් ගණනය කර ඇති ඡන්ද ප්‍රමාණයෙන් සියයට තිස් අටකට ආසන්න ප්‍රමාණයක් පමණයි.
නමුත් ඉතිරි ඡන්ද ගණන් කිරීමේ දී තත්වය වෙනස් වීමට ඉඩ ඇති බව මැතිවරණ කොමසාරිස්වරයා අවධාරණය කළේය.
කිසිදු අපේක්ෂකයෙකුට සියයට පනහ ඉක්මවන බහුතරය ලබා ගැනීමට නොහැකි වුවහොත් ජනාධිපතිවරණයේ දෙවැනි වටයක් පැවැත්වීමට නියමිතයි.




