ඇෆ්ගන් ඡන්දය සැණකෙළි සිරි ගනියි

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ඇෆ්ගනිස්තාන ඉතිහාසයේ ප්‍රථම වරට ප්‍රජාතන්ත්‍රවාදී ලෙස බලය හුවමාරු වන ජනාධිපතිවරණයෙන් නව ජනාධිපතිවරයකු තෝරා ගැනීම සඳහා ඇෆ්ගන් ජනතාව විශාල ප්‍රමාණයෙන් තම ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සහභාගී වෙමින් සිටිති.
කාබුල් අගනුවර සිටින බීබීසී වාර්තාකරුවෙක් පවසන්නේ රජය විසින් යොදා ඇති දැඩි ආරක්ෂක විධි විධාන හා පවතින තද වර්ෂාවද නොතකා ජනතාව වීදිපුරා රැස්වී විනෝදවීම සැණකෙළි සිරියක් ගන්නා බවයි.
උතුරු ඇෆ්ගනිස්තානයේ සිටින තවත් වාර්තාකරුවෙක් පවසන ආකාරයට අසාමාන්‍ය ලෙස තරුණ සහ මහළු දෙපිරිසටම අයත්, බුර්කාවලින් හිස වසාගත් කාන්තාවන් විශාල වශයෙන් ඡන්දය දැමීමට පැමිණෙමින් සිටිති.
තාලිබාන් කැරලිකරුවන් විසින් ඡන්දයට බාධා කරනු ලැබීම වැළැක්වීම සඳහා ආරක්ෂාව තර කර ඇති අතර ඇතැම් ප්‍රදේශවල ඡන්ද මධ්‍යස්ථාන වසා දැමීමට සිදුව ඇති බවද වාර්තාවෙයි.




