ජනාධිපතිවරණයේ සතුට බෙදා ගැනීමට ජනතාව වීදියේ

ඇෆ්ගනිස්තානයේ ජනතාව එරට පැවැත්වුණු ජනාධිපතිවරණය පිළිබඳව සතුට පළ කිරීම සඳහා වීදි බැස සිටින අතර ඇතැම්හු වීදි නර්තනයේ යෙදෙති.
තාලිබාන් තර්ජනය පරාජය කළ බව සංකේතාත්මකව පෙන්නුම් කිරීම සඳහා ඡන්දය දීමේදී තීන්ත තැවරූ ඇඟිල්ල පෙන්වමින් බොහෝ පිරිස් ප්‍රීති වෙති.

ඡන්ද ගණන් කිරීම මේ වන විට සිදු වෙමින් ඇති නමුත් නිල ප්‍රතිඵල නිකුත් වීමට සතියක්වත් ගත වනු ඇති බවයි විශ්වාස කෙරෙන්නේ.
ජනාධිපති ධූරාපේක්ෂකයන් අට දෙනාගෙන් පැහැදිලි ජයග්‍රාහකයෙක් පෙනෙන්නට නොමැති තත්වයක් යටතේ කිසිවෙකුට සියයට පනහකට වැඩි ඡන්ද ප්‍රතිශතයක් හිමි කර ගැනීමට නොහැකි වුවහොත් දෙවැනි වටයක් පැවැත්වීමට සිදු වෙයි.
මේ අතර තුර ඇෆ්ගන් මැතිවරණ පැමිණිලි කොමිසම කියා සිටියේ මැතිවරණ වංචා බවට සැක කෙරෙන සිදුවීම් පිළිබඳව පැමිණිලි එකසිය හැට අටක් ලැබී ඇති බවයි.
ඇෆ්ගනිස්තානු ජනාධිපතිවරණය වැදගත් සන්ධිස්ථානයක් ලෙසින් ජනාධිපති ඔබාමා හඳුන්වා තිබේ.




