තායිලන්ත ඡන්ද විමසීමට විපක්ෂයෙන් බාධා

ඡායාරූප මූලාශ්‍රය, Getty
තායිලන්ත මහ මැතිවරණයේ ඡන්ද විමසීමේ කටයුතුවලට අගනුවර සහ රටේ දකුණු ප්‍රදේශවලදී ආණ්ඩු විරෝධී උද්ඝෝෂකයෝ බාධා කළහ.
තායිලන්තයේ ප්‍රධාන විරුද්ධ පක්ෂය මහ මැතිවරණය වර්ජනය කරන අතර, විරුද්ධ පක්ෂයේ බල කඳවුරු වන දකුණේ ප්‍රාන්ත නමයේම කිසිදු ඡන්දදායකයකුට සිය ඡන්දය භාවිත කිරීමට අවස්ථාව ලැබී නැහැ.
එහෙත් අනෙක් පලාත්වල ඡන්ද මධ්‍යස්තානවලින් සියයට අසූ නමයක්ම නිසි පරිදි ක්‍රියාත්මක් වූ බවයි, බලධාරීන් පවසන්නේ.
'ජනතාවට විශ්වාසයි'
කෙසේ නමුත් රටේ ජනතාව ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි විශ්වාසය තබා සිටින බව මේ මැතිවරණයෙන්ද පැහැදිලි වූ බව, අගමැතිනි යින්ලක් ශිනවත් බීබීසීයට කියා සිටියාය.
"ජනතාව ඇවිල්ල, තමන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය යොදා ගෙන තමන්ගේ ඡන්දය භාවිතා කරන එක ඉතාම වැදගත්. මොකද මැතිවරණය කියන්නේ සාමකාමීව ගැටුම් විසඳා ගැනීමේ එකම ක්‍රියාදාමය," යනුවෙන්ද ඇය සඳහන් කළාය.
ආණ්ඩුව පෙරලා දමා, ඒ වෙනුවට භාරකාර පාලනයක් පත් කර ගැනීමේ අරමුණින් විරුද්ධ පක්ෂ මාස ගණනක් මුළුල්ලේ දියත් කළ උද්ඝෝෂණවලින් අනතුරුවයි මහ මැතිවරණය පැවැත්වෙන්නේ.




