තායිලන්ත ‘රතු කමිස’ නායකයාට වෙඩි තබයි

ඡායාරූප මූලාශ්‍රය, Reuters
තායිලන්ත ආණ්ඩුවට හිතවත් ‘රතු කමිස’ ව්‍යාපාරයේ නායකයකුට වෙඩි තබනු ලැබ ඇතැයි බැංකොක් නගරයෙන් වාර්තා වෙයි.
ක්වන්චායි ප්‍රයිපනා (Kwanchai Praipana) නම් රතු කමිස නායකයාට ඔහුගේ නිවස ඉදිරිපිට දීයි වෙඩි තබනු ලැබ තිබෙන්නේ.
උදන් තානි (Udon Thani) නගරයේ සිය නිවස ඉදිරිපිට දී ප්‍රහාරයට ගොදුරු වූ ක්වන්චායි පරිපනා තුවාල ලැබ සිටින බව තායිලන්ත වාර්තා මගින් පැවසෙයි.
රතු කමිස නායකයාට වෙඩි තබන ලද්දේ,තායිලන්තයේ ඇතැම් පළාත් වලට පමණක් බල පැවැත්වෙන පරිදි ප්‍රකාශයට පත් කොට ඇති දින හැටක හදිසි නීතියක් ක්‍රියාත්මක වීම ආරම්භ වීමත් සමඟ.
හදිසි නීතිය

ඡායාරූප මූලාශ්‍රය, REUTERS
ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති හදිසි නීතිය මගින් රංචු ගැසීම් පාලනයට සහ මාධ්‍ය වාරණයට තායිලන්ත ආණ්ඩුවට බලය ලැබෙතත් එය ක්‍රියාවට නැංවෙන්නේ කෙසේද යන්න අපැහැදිලියි.
බැංකොක් අගනුවර ඇතැම් කලාප මාස දෙකක කාලයක් තම අතට ගනිමින්, අගමැතිනි යින්ග්ලුක් ෂිනවත් බලයෙන් පහ කිරීමට මාන බලමින් සිටින විරෝධතා වාදීන් ආණ්ඩුවේ හදිසි නීති විධි විධාන නො තකා හරිමින් කියා සිටින්නේ ඔවුන්ගේ උද්ඝෝෂණය දිගටම පෙරට ගෙන යන බවයි.




