තායිලන්ත උද්ඝෝෂණයේ නායකයෙක් ඝාතනය කෙරේ

අගනුවර ඡන්ද මධ්‍යස්ථාන ගණනාවක ගැටුම් හටගෙන තිබේ

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, අගනුවර ඡන්ද මධ්‍යස්ථාන ගණනාවක ගැටුම් හටගෙන තිබේ

තායිලන්තයේ ආණ්ඩුවට හිතවාදී පිරිස් සමඟ බැංකොක් අගනුවරදී හටගත් ගැටුමකදී ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ ව්‍යාපාරයේ නායකයෙක් වෙඩි තබා මරා දමා තිබේ.

උද්ඝෝෂණ රැළියක් අමතමින් සිටියදී වෙඩි ප්‍රහාරයට ලක් වූ සුතින් තරතින්, රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මිය ගියේය.

අගනුවර වෙනත් ඡන්ද මධ්‍යස්ථානවලද ගැටුම් හටගත් අතර, ඡන්ද මධ්‍යස්ථානවල දොරටුවලට ඉබි යතුරු දමා වසා දැමූ උද්ඝෝෂකයන් ලබන සතියේ පැවැත්වෙන මහ මැතිවරණය වෙනුවෙන් කලින් සිය ඡන්දය භාවිත කිරීමට උත්සාහ කළ ඡන්දදායකයන්ට හිරිහැර කළ බවද වාර්තාවේ.

බැංකොක් අගනුවර ඡන්ද මධ්‍යස්ථාන පණහෙන් හතලිස් අටක ඡන්ද විමසීම් සම්පූර්ණයෙන්ම නැවැත්වීමට හෝ අතරමඟ නවත්වා දැමීමට උද්ඝෝෂකයෝ සමත් වූහ.

කෙසේ නමුත් රට පුරා බොහෝ ස්ථානවල ඡන්ද විමසීම සාමකාමීව පැවැත්වුණු බවයි, ආණ්ඩුව පවසන්නේ.