අඩි 19000ක් ඉහළදී යානයට අකුණක් වැදුණත් මගීන් 41 දෙනෙකු බේරාගත් ගුවන් නියමුවෙක්

Proflight

ඡායාරූප මූලාශ්‍රය, Mwebantu/Twitter

අකුණු පහරකට ලක්වීමෙන් පසුව මගීන් 41 දෙනෙකු රැගත් ගුවන් යානයක් ආරක්ෂිතව ගොඩ බැස්වීමට ගුවන් නියමුවෙකු සමත් වීමේ වීර ක්‍රියාවක් සැම්බියාවෙන් වාර්තා වේ.

සඳුදා (නොවැ: 25) සැම්බියානු ගුවන් සමාගමකට අයත් අදාළ යානය ලිවිංස්ටන් සංචාරක නගරයේ සිට එරට අගනුවර වන ලුසාකා වෙත පියාසර කරමින් තිබියදී මෙම සිද්ධියට මුහුණ පා තිබේ.

අකුණු සැර වැදී ගුවන් යානයේ ඉදිරිපස කොටසට හානි සිදුවන අවස්ථාවේ එය පියාසර කරමින් තිබී ඇත්තේ, මුහුදු මට්ටමේ සිට අඩි 19000ක් ඉහළිනි.

එහෙත්, යානයේ නියමුවා කුණාටුව මධ්‍යයේ ගුවන් යානය පියාසර කරවමින් කෙනත් කෞන්ඩා ජාත්‍යන්තර ගුවන් තොටුපළට යානය (Kenneth Kaunda International Airport) ගොඩ බැස්වීමට සමත් වී තිබේ.

සැම්බියානු පුවත් වෙබ් අඩවියක් වන වෙබන්ටු වෙබ් අඩිවියෙහි එම අනතුරට පත් ගුවන් යානයේ ඡායාරූපයක් පළ කර තිබිණි.

Skip X post
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post

ගුවන් යානය අයත් Proflight ගුවන් සමාගමේ ඉහළ කළමනාකරුවෙකු වන ෆිල් ලෙම්බා ප්‍රකාශ කළේ, සියලු මගීන් ආරක්ෂිතව ගොඩබැසීම පිළිබඳව සතුටු වන බවය.

"ගුවන් යානය නිපදවා ඇති ආකාරය නිසා එයට ලොකු හානියක් වෙලා නැහැ. ගුවන් යානයේ සැකැස්ම තුළ අකුණු විසරණයන් ඇතුළත් කරලා තියෙනවා," ඔහු එරට මාධ්‍ය වෙත පවසා තිබිණි.

තවදුරටත් කියවන්න: