බංග්ලාදේශය: හිටපු ඇමතිවරු ඇතුළු 19 දෙනෙකුට මරණ දඬුවම, 38 දෙනෙක් ජීවිතාන්තය දක්වා සිරගෙට

Death sentence in Bangladesh

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ග්‍රෙනේඩ් බෝම්බ ප්‍රහාරයෙන් පුද්ගලයෝ 24 දෙනෙකු මිය ගියහ

2004 දී දේශපාලන රැළියකට ග්‍රෙනේඩ් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් වැරදිකරුවන් වූ 19 දෙනෙකුට මරණ දණ්ඩනය සහ තවත් 38 දෙනෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කරමින් බංග්ලාදේශ අධිකරණයක් තීන්දුවක් ප්‍රකාශ කර තිබේ.

එම ග්‍රෙනේඩ් බෝම්බ ප්‍රහාරයෙන් 24 දෙනෙක් මරුමුවට පත්වූහ. බංග්ලාදේශ අගමැතිනී ෂීක් හසීනා ඒ අවස්ථාවේ එම රැළියට නායකත්වය ලබා දී ඇත.

මරණ දණ්ඩනය නියම වූවන් අතර හිටපු අමාත්‍යවරයෙක් සහ නියෝජ්‍ය අමාත්‍යවරයෙක් ද සිටී. ඔවුහු දෙදෙනාම බංගලාදේශ ජාතික පක්ෂයේ (BNP) සාමාජිකයෝ වෙති.

මෙම පක්ෂයේ නායක තාරික් රෙහෙමාන්ට ද ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කෙරිණ.

Death sentence in Bangladesh

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, 2009 වර්ෂයේ සිට බංගලාදේශ අගමැතිනිය ලෙස බලයේ සිටින ෂීක් හසීනා

2004 අගෝස්තු 21 වෙනි දින ෂීක් හසීනා දේශපාලන වේදිකාව මත සිට සිය කතාව අවසන් කිරීමට මොහොතකට පෙර සිදු වූ මෙම පිපිරීම්වලින් සියයකට අධික පිරිසකට තුවාල සිදු විය.

මරණ දඬුවම් නියම වූවන් අතුරෙන් සුවිශේෂීම පුද්ගලයා වන්නේ රාජ්‍ය කටයුතු භාර හිටපු ඇමති ලුට්ෆෝසාමන් බාබාය.

මෙය දේශපාලන පලිගැනීමක් සහ නායකයන් ඉවත් කිරීමට ගන්නා උත්සහයක් බවට BNP පක්ෂය චෝදනා කරයි.

තාරික් රෙහෙමාන්ගේ මව මෙන්ම BNP පක්ෂයේ තවත් නායිකාවක වන කලෙදා ෂියා සහ වර්තමාන අගමැතිනී ෂීක් හසීනා දීර්ඝ කාලීන විරුද්ධවාදියෝය. දූෂණ චෝදනා මත කලෙදා ෂියා පසුගිය පෙරවාරි මස වසර පහකට සිරගත කරනු ලැබිණ.

Death sentence in Bangladesh

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, දූෂණ චෝදනා මත කලෙදා ෂියා පසුගිය පෙරවාරි මස වසර පහකට සිරගත කරන ලදී

මේ තොරතුරුද කියවන්න: