ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
බංග්ලාදේශය: හිටපු ඇමතිවරු ඇතුළු 19 දෙනෙකුට මරණ දඬුවම, 38 දෙනෙක් ජීවිතාන්තය දක්වා සිරගෙට
2004 දී දේශපාලන රැළියකට ග්‍රෙනේඩ් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් වැරදිකරුවන් වූ 19 දෙනෙකුට මරණ දණ්ඩනය සහ තවත් 38 දෙනෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කරමින් බංග්ලාදේශ අධිකරණයක් තීන්දුවක් ප්‍රකාශ කර තිබේ.
එම ග්‍රෙනේඩ් බෝම්බ ප්‍රහාරයෙන් 24 දෙනෙක් මරුමුවට පත්වූහ. බංග්ලාදේශ අගමැතිනී ෂීක් හසීනා ඒ අවස්ථාවේ එම රැළියට නායකත්වය ලබා දී ඇත.
මරණ දණ්ඩනය නියම වූවන් අතර හිටපු අමාත්‍යවරයෙක් සහ නියෝජ්‍ය අමාත්‍යවරයෙක් ද සිටී. ඔවුහු දෙදෙනාම බංගලාදේශ ජාතික පක්ෂයේ (BNP) සාමාජිකයෝ වෙති.
මෙම පක්ෂයේ නායක තාරික් රෙහෙමාන්ට ද ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කෙරිණ.
2004 අගෝස්තු 21 වෙනි දින ෂීක් හසීනා දේශපාලන වේදිකාව මත සිට සිය කතාව අවසන් කිරීමට මොහොතකට පෙර සිදු වූ මෙම පිපිරීම්වලින් සියයකට අධික පිරිසකට තුවාල සිදු විය.
මරණ දඬුවම් නියම වූවන් අතුරෙන් සුවිශේෂීම පුද්ගලයා වන්නේ රාජ්‍ය කටයුතු භාර හිටපු ඇමති ලුට්ෆෝසාමන් බාබාය.
මෙය දේශපාලන පලිගැනීමක් සහ නායකයන් ඉවත් කිරීමට ගන්නා උත්සහයක් බවට BNP පක්ෂය චෝදනා කරයි.
තාරික් රෙහෙමාන්ගේ මව මෙන්ම BNP පක්ෂයේ තවත් නායිකාවක වන කලෙදා ෂියා සහ වර්තමාන අගමැතිනී ෂීක් හසීනා දීර්ඝ කාලීන විරුද්ධවාදියෝය. දූෂණ චෝදනා මත කලෙදා ෂියා පසුගිය පෙරවාරි මස වසර පහකට සිරගත කරනු ලැබිණ.
මේ තොරතුරුද කියවන්න:
- මත්ද්‍රව්‍ය: "මරණ දඬුවමට ලක්වූවන් අතර විදේශිකයන්"
- "මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීමෙන් වළකින්න"
- බංග්ලාදේශ් සුළු ආගමිකයන්ට අගමැතිනියගෙන් සහතිකයක්
- හිටපු ජනපතිට වසර 15ක සිර දඬුවමක්
- හිටපු අගමැති සතුවූ අබරණ, මුදල් හා භාණ්ඩ වටිනාකම 'ඩොලර් මිලියන 273ක්'
- මොකක්ද මේ අධිකරණ සංවිධාන පනත?
- වධ හිංසා: පොලිස් කොමිසමෙන් නව පියවරක්