"ජිහාඩ් ප්‍රේමය": ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්

ඡායාරූප මූලාශ්‍රය, Hindustan Times
මුස්ලිම් භක්තික පුරුෂයෙකු සමග විවාහ වූ හින්දු භක්තික තරුණියකගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සඳහා ඇය පියාගේ භාරයෙන් නිදහස් කරන ලෙස ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.
වෙනත් ආගමිකයන් දෙදෙනෙකු අතර සිදුව ඇති ඉහත කී විවාහය කේරලයේ අධිකරණයක් විසින් මීට ඉහතදී අවලංගු කරනු ලැබ තිබිණි.
විවාහ වීමට පෙර අඛිලා අසෝකන් නමැති හින්දු නමින් හඳුන්වන ලද හදියා ජහාන්ට තවදුරටත් සිය අධ්‍යාපන කටයුතු කර ගෙන යාමට අවසර ලබා දුන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් හදියාගේ භාරකරු වශයෙන් ඇයගේ පීඨාධිපතිවරයා පත් කරනු ලැබීය.
තම සැමියාට සිය භාරකරු වීමට ඉඩ ලබා දෙන ලෙස ඇය අධිකරණයෙන් ඉල්ලා තිබිණි.
බලහත්කාරයෙන් ඉසලාම් දහම වැළඳ ගන්නා ලෙස හදියාට බල කර ඇතැයි ඇයගේ පියා චෝදනා කළ අතර ඒ සම්බන්ධයෙන් පැවති නඩුව ඉන්දියාවේ ප්‍රධාන පුවත් සිරස්තල අතරට එක්විය.
ඒ සම්බන්ධයෙන් අධිකරණය වෙත ගිය තරුණියගේ පවුලේ සාමාජිකයන්ගේ පැමිණිල්ල සලකා බැලූ කේරල අධිකරණයක් විවාහය අවලංගු කිරීමට තීන්දු කළේය.
"කුමන්ත්‍රණයක්"|

එහෙත් විවාහක පුරුෂයා විසින් එම තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරනු ලැබීය.
සිය කැමැත්ත මත තමන් කටයුතු කළ බව විවාහක තරුණිය දිගින් දිගටම අවධාරණය කළාය.
දැඩි මතධාරී හින්දු සංවිධාන විසින් අදාළ නඩු විභාගය විග්‍රහ කරනු ලැබුවේ "ජිහාඩ් ප්‍රේමයට" කදිම උදාහරණයක් ලෙසය.
"හින්දු කාන්තාවන් නොමග යවා ඔවුන් ඉස්ලාම් දහමට හරවා ගැනීමේ කුමන්ත්‍රණයක" මුස්ලිම් පුරුෂයන් යෙදී ඇති බවට චෝදනා කරන හින්දු සංවිධාන විසින් "ජිහාඩ් ආදරය" යන යෙදුම භාවිතා කරනු ලබයි.
විවිධ ජනවර්ග අතර සිදුවන විවාහ මෑත යුගයේදී ඉන්දීය දේශපාලනයේ බරපතල මතභේදයට තුඩු දෙන මාතෘකාවක් බවට පත් වී තිබේ.
සමාන පුවත්:








