ට්‍රම්ප් වතිකානයේදී පාප් වහන්සේ හමුවෙයි

ට්‍රම්ප් වතිකානයේදී පාප් වහන්සේ හමුවෙයි

ඡායාරූප මූලාශ්‍රය, AFP

විදෙස් සංචාරයක යෙදී සිටින ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වතිකානයේ දී ෆ්රාන්සිස් පාප් වහන්සේ හමුවෙයි.

මෙම හමුවට ජනාධිපති ට්‍රම්ප්ගේ බිරිඳ මෙලනියා සමඟ දියණිය ඉවන්කා සහ ඇයගේ ස්වාමි පුරුෂයා ද සහභාගී විය.

පාප් වහන්සේ සහ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විනාඩි 20ක පමණ පෞද්ගලික සාකච්ඡාවක නිරත වූ අතර ඉන් පසුව සියලු දෙනා එක්ව ඡායාරූපවලට පෙනී සිටියහ.

දියණිය ඉවන්කා සහ ඇයගේ ස්වාමි පුරුෂයා

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, දියණිය ඉවන්කා සහ ඇයගේ ස්වාමි පුරුෂයා
ඉවන්කා සහ මෙලනියා

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, ඉවන්කා සහ මෙලනියා

සංක්‍රමණිකයන් සහ කාලගුණික විපර්යාස පිළිබඳව ජනාධිපති ට්‍රම්ප් ගේ පිළිවෙත ෆ්රාන්සිස් පාප් වහන්සේගේ විවේචනයට ලක් වී තිබුණි.

පාප් වහන්සේ හමුවීමෙන් අනතුරුව ජනාධිපති ට්‍රම්ප්, ඉතාලියේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා හමුවීමට නියමිතය.

ඉන් අනතුරුව නේටෝ සමුළුවට සහභාගිවීම සඳහා ඔහු බ්‍රසල්ස් නුවර බලා පිටත්ව යනු ඇත.

වතිකානයට පිළිගැනීම

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ජනාධිපති ට්‍රම්ප් ඉතාලියට පැමිණියේ තම මැදපෙරදිග සංචාරය නිම කිරීමෙන් පසුව ය.

සෞදි අරාබියෙන් පිටත් වී ඊශ්‍රායලයට සහ පලස්තීනයට පැමිණි ජනාධිපතිවරයා සාමය උදාකර ගැනීම සඳහා තම සහාය ලබාදෙන බවට එහිදී ප්‍රතිඥාවක් දුන්නේය.

නමුත් ඔහුගේ පලස්තීන සංචාරයට එරෙහිව ගාසා තීරයේ සහ බටහිර තීරයේ විරෝධතා දියත් විය.