ට්‍රම්ප් සෞදියේදී කඩුව අතට ගනී
නිල සංචාරයක් සඳහා සෞදි අරාබියට පැමිණ සිටින එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එරට ප්‍රභූන් සමඟ සාම්ප්‍රදායික කඩු නර්තනයකට එක්විය.
මෙම අවස්ථාවට මෙලනියා ට්‍රම්ප් ද සහභාගී වී සිටියාය.
ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සිදුකරනු ලබන ප්‍රථම නිල විදෙස් සංචාරය මෙය ය.
අද (මැයි 21) රියාද් අගනුවර මුළුදෙන සමුළුවක දී ජනාධිපති ට්‍රම්ප් හතළිහකට අධික මුස්ලිම් රාජ්‍ය නායකයන් අමතා කතා කිරීමට නියමිතය.
අන්තවාදී සංවිධානවලට එරෙහි සටන එම සමුළුවේ ප්‍රධාන මාතෘකාව වනු ඇතැයි සැලකෙයි.
ජනාධිපති ට්‍රම්ප් සෞදි අරාබියේ ප්‍රභූවරුන් සමඟ සම්ප්‍රදායික කඩු නර්තනයට එක්වී සිටින ආකාරය මෙම වීඩියෝවෙන් දැක්වෙයි.