මයිකල් ෆ්ලින්ට ට්‍රම්ප්ගෙන් තනතුරක්

Michael Flynn

ඡායාරූප මූලාශ්‍රය, AP

ඡායාරූප ශීර්ෂ වැකිය, මයිකල් ෆ්ලින්ට් ඔබාමා පාලනය දැඩිලෙස විවේචනය කළ අයෙකි

ඇමරිකානු ජනාධිපති පදවිය භාර ගැනීමට නියමිත ඩොනල්ඩ් ට්‍රම්ප් ඡන්ද ප්‍රචාරක ව්‍යාපාරයේ දී තමාට සහය දැක්වූ හිතවතකු වන මයිකල් ෆ්ලින්ට ජාතික ආරක්ෂක උපදේශක තනතුර පිරිනමා ඇත.

විශ්‍රාමික හමුදා ජෙනරාල්වරයෙකු වන ඔහු ඉස්ලාම් රාජ්‍ය සංවිධානය පිළිබඳව දැඩි අදහස් දරන්නෙකු වන අතර මෑතකදී ට්විටර් පණිවුඩයක සඳහන් කර තිබුණේ මුස්ලිම් අය පිළිබඳව භීතියක් පැවතීම සාධාරණ බවය.

2014 වසර දක්වා ඇමරිකානු ආරක්ෂක බුද්ධිඅංශයේ ප්‍රධානියා ලෙස වසර දෙකක් සේවය කළ මයිකල් ෆ්ලින්ට් එතැන් පටන් ඔබාමා පාලනය දැඩිලෙස විවේචනය කළේ ඉස්ලාම් රාජ්‍ය සංවිධානයට එරෙහිව සටන්කළ ආකාරය දේශපාලන වශයෙන් ප්‍රමාණයටත් වඩා නිවැරදිවීම වරදක් ලෙස පෙන්වාදෙමිනි.

ඒ අතරම වොෂින්ටනය මොස්කව් පාලනය සමග වඩා සමීපව කටයුතු කළ යුතු බවද ඔහු පවසා තිබුණි.