ට්‍රම්ප් හමුවන පළමු විදෙස් නායකයා අබේ

ජපන් අගමැති ශින්සෝ අබේ
ඡායාරූප ශීර්ෂ වැකිය, ජපන් අගමැති ශින්සෝ අබේ

එක්සත් ජනපදයේ මීළඟ ජනාධිපතිවරයා වශයෙන් තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප් අද (නොවැ.17) නිව්යෝර්ක් නුවරදී ජපන් අගමැතිවරයා හමුවීමට නියමිතය.

මේ අනුව ජපන් අගමැති ශින්සෝ අබේ, එක්සත් ජනපදයට තේරී පත්වුණු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවන ප්‍රථම රාජ්‍ය නායකයා වනු ඇත.

මෙම හමුව සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජපන් අගමැතිවරයා කියා සිටියේ තමන්ට 'විශ්වාසය ගොඩනගා ගැනීමට' අවශ්‍ය බවය.

ජපානයේ රඳවා සිටින එක්සත් ජනපද හමුදා වෙනුවෙන් ජපන් රජය එක්සත් ජනපදයට වැඩි මුදලක් ගෙවිය යුතු බව ට්‍රම්ප් පවසා තිබුණි
ඡායාරූප ශීර්ෂ වැකිය, ජපානයේ රඳවා සිටින එක්සත් ජනපද හමුදා වෙනුවෙන් ජපන් රජය එක්සත් ජනපදයට වැඩි මුදලක් ගෙවිය යුතු බව ට්‍රම්ප් පවසා තිබුණි

මෙම හමුව සිදු වන්නේ ජපානයේ ප්‍රධානතම මිත්‍ර රට වන එක්සත් ජනපදයේ අනාගත විදෙස් ප්‍රතිපත්තිය පිළිබඳව කාගේත් අවධානයට ලක්වී තිබෙන අවස්ථාවකය.

ජපානයේ රඳවා සිටින එක්සත් ජනපද හමුදා වෙනුවෙන් ජපන් රජය එක්සත් ජනපදයට වැඩි මුදලක් ගෙවිය යුතු බව ට්‍රම්ප් පවසා තිබුණි.