සංක්‍රමණිකයන් මිලියන ගණනක් පිටුවහල් කරනවා -ට්‍රුම්ප්

තමා ජනාධිපතිවරයා ලෙස වැඩ භාර ගැනීමෙන් පසුව නීතිවිරෝධී සංක්‍රමණිකයන් මිලියන දෙකත් - තුනත් අතර ප්‍රමාණයක් එක්සත් ජනපදයෙන් පිටුවහල් කරන බව ඩොනල්ඩ් ට්‍රුම්ප් පවසයි.
ඔහු මේ බව කියා සිටියේ ඇමරිකාවේ සීබීඑස් (CBS) රූපවාහිනී නාලිකාව සමඟ සම්මුඛ සාකච්ඡාවකට සහභාගී වෙමිනි.
අපරාධකරුවන්
පාතාල කල්ලි සාමාජිකයන් සහ මත් ද්‍රව්‍ය ජාවාරම වැනි අපරාධවලට සම්බන්ධවූ සංක්‍රමණිකයන් පිටුවහල් කිරීමට ප්‍රමුඛත්වය ලබා දෙන බව ඩොනල්ඩ් ට්‍රුම්ප් මෙහිදී කියා සිටියේය.
දේශසීමා ආරක්ෂාව තහවුරු කිරීමෙන් අනතුරුව මිලියන අටක් වූ ඉතිරි සංක්‍රමණිකයන්ගේ ඉරණම පිළිබඳව තීරණය කරන බව ඔහු පැවසීය.




