ශ්‍රී ලංකා කාන්තාවෝ එක් දින ශූරතාවය පරදිති

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ශ්‍රී ලංකාවේ පැවැත්වෙන එක් දින කාන්තා ශූරතාවලියේ පිට පිටම තුන් වැනි තරගයත් ජයග්‍රහණය කරමින් එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම ශූරතාවලියේ ජයග්‍රහණය අත්කර ගත්හ.
කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී මුලින්ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කාන්තාවෝ ලකුණු 161 කට දැවී ගියහ.
ඉන් අනතුරුව පිටියට පැමිණි එංගලන්ත කණ්ඩායමේ ආරම්භක පිතිකාරිය ටැමි බර්මොන්ට් පන්දු 79 කින් ලකුණු 78 ක් රැස්කිරීම කැපී පෙනින.
තවත් පන්දු ඕවර 20 ක් ඉතිරිව තිබියදී සිය ඉලක්කයට ළඟා වූ එංගලන්ත කාන්තාවෝ, කඩුලු පහකින් තරගය ජයග්‍රහණය කළහ.
පසුගිය සෙනසුරාදා ශ්‍රී ලංකාවට එරෙහිව පැවති දෙවැනි එක් දින තරගය ජයග්‍රහණය කිරීමත් සමග එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම ලබන වසරේ පැවැත්වෙන කාන්තා ලෝක කුසලානයට සුදුසුකම් ලැබූහ.
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර සිවු වැනි එක් දින ජාත්‍යන්තර තරගය ලබන බ්‍රහස්පතින්දා පැවැත්වීමට නියමිතයි.




