ලොව දෙවැනි දක්ෂතම පන්දු යවන්නා රංගන හේරත්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
සිම්බාබ්වේ සංචාරයේදී ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම මෙහෙය වූ රංගන හේරත් ලොව පන්දු යවන්නන් අතරින් දෙවැනි ස්ථානයට පත් වී සිටී.
සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ටෙස්ට් තරඟ දෙකේදී ලකුණු 152 කට කඩුලු 13 ක් දවාගැනීමට නායක රංගන හේරත් සමත්විය.
රංගන හේරත් මීට ඉහතදීත් ලොව දෙවැනි දක්ෂතම පන්දු යවන්නා ලෙස තේරී තිබෙන නමුත්, සිය ක්‍රීඩා දිවිය තුල ඉහලම ලකුණු සංඛ්‍යාව වන ලකුණු 867 ක් ඔහු මෙවර රැස් කරගෙන සිටියි.
ඒ අනුව ලොව පන්දු යවන්නන් අතර ප්‍රථම ස්ථානය හොබවන ඉන්දියාවේ රවිචන්ද්‍රන් අශ්වින් සහ රංගන හේරත් අතර පරතරය ලකුණු 14 ක් පමණි.

ඡායාරූප මූලාශ්‍රය, Sri Lanka Cricket
දෙවන තරඟයේදී ලකුණු හැට තුනකට සිම්බාබ්වේ ක්‍රීඩකයන් අට දෙනකු දවාලීමට සමත් වූ රංගන හේරත් ටෙස්ට් කඩුලු 350 කඩ ඉම පසුකළ විසිතුන් වෙනි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයා ලෙසින් සහ ලොව ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාකරන සියලුම ප්‍රතිවාදී රටවලට එරෙහිව එක් ඉනිමකදී කඩුලු පහක් දවාගත් ලොව තුන්වෙනි පන්දු යවන්නා ලෙසින්ද ක්‍රිකට් වාර්තා පොතට එක්විය.
ශ්‍රී ලංකා කණ්ඩායම එහිදී තරග 2-0 ක් වශයෙන් සිම්බාබ්වේ කණ්ඩායම පරාජයට පත් කළ අතර, කණ්ඩායමේ තරුණ පිතිකරුවෝද ප්‍රබල දක්ෂතා දැක්වීමට සමත්වූහ.
තරගාවලිය අතරතුරදී නව ශ්‍රී ලංකා ක්‍රිකට් වාර්තා අතරට එක් වූ තරුණ පිතිකරු ධනංජය ද සිල්වා, නව ශ්‍රේණිගත කිරීම් අනුව ලොව දක්ෂතම පිතිකරුවන් අතර 30 වැනි ස්ථානයට පත් වී සිටියි.
මේ අතර ඉන්දියාවට එරෙහිව පසුගියදා පැවති ටෙස්ට් තරගාවලියේදී පිත්තෙන් දස්කම් පෑ එංගලන්ත කණ්ඩායමේ ජෝ රූට් පිතිකරුවන් අතර දෙවැනි ස්ථානයට පත් වී සිටියි.











