සිය දිවි නසා ගන්නා ලාංකිකයෝ

ඡායාරූප මූලාශ්‍රය, thinkstock
- Author, තිසර අරවින්ද රතුවිතාන
- Role, බීබීසී
ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සිය දිවි හානි කර ගැනීමේ සිදුවීම් පසුගිය දෙවසර තුළ සැලකිය යුතු මට්ටමින් අඩු වී ඇති බව නව සංඛ්‍යා ලේඛන සඳහන් කරයි.
ලංකාවේ ජනගහනයෙන් ලක්ෂයක් අතරින් හතළිස් පස් දෙනෙකු පමණ වසරකට දිවි හානි කර ගන්නා බවට 1995 දී වාර්තා වී තිබුණු බවයි ශ්‍රී ලංකා සුමිත්‍රයෝ පවසන්නේ.

ඡායාරූප මූලාශ්‍රය, Thinkstock
මෙම අනුපාතය ලක්ෂයකින් විසි දෙදෙනෙකු දක්වා පහත වැටී ඇති බව අලුත්ම සංඛ්‍යා ලේඛන හුවා දක්වමින් ශ්‍රී ලංකා සුමිත්‍රයෝ සංවිධානයේ හේමක වීරක්කොඩි බීබීසීයට පැවසීය.
දශක දෙකකට පෙර වැඩි පිරිසක් දිවි හානි කර ගැනීමට යුද්ධය ද එක් හේතුවක් විය හැකි අතර එම යුද වාතාවරණය නිසා මානසික උපදේශන කටයුතු බොහෝ පෙදෙස්වල ක්‍රියාත්මක නොවූ බවයි හෙතෙම පවසන්නේ.

ඡායාරූප මූලාශ්‍රය, Getty
සිය දිවි නසා ගැනීම් බහුලව ම සිදුවන රටවලින් එකක් ලෙස එවකට ශ්‍රී ලංකාව වාර්තා වී තිබුණි.
සිය දිවි හානි කර ගැනීම සඳහා ලංකාවේ වැඩි පුරාම භාවිතා කර ඇත්තේ කෘමි නාශක පානය කිරීම සහ ගෙල වැල ලා ගැනීමයි.




