කැබිනට් මණ්ඩලයේ කෝඩුකාරයෝ

අමාත්‍යවරුන් 43 දෙනකු මේ වන විට දිවුරුම් දී තිබෙන අතර, අමාත්‍යවරුන් 48 දෙනකු පත්කිරීමට අගමැතිවරයා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගත්තේය
ඡායාරූප ශීර්ෂ වැකිය, අමාත්‍යවරුන් 43 දෙනකු මේ වන විට දිවුරුම් දී තිබෙන අතර, අමාත්‍යවරුන් 48 දෙනකු පත්කිරීමට අගමැතිවරයා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගත්තේය
    • Author, සරෝජ් පතිරණ
    • Role, බීබීසී සංදේශය, ලන්ඩන්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ දිවුරුම් දුන් 43 දෙනකුගෙන් යුත් කැබිනට් මණ්ඩලයට අලුත් මුහුණු කිහිපයක්ම එක්ව සිටී.

ඌව පළාත් සභාවේ හිටපු මහ ඇමති, බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු ට විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය පදවිය හිමි වී තිබේ.

ජනාධිපතිවරණයට මාස කිහිපයකට ප්‍රථම පැවැත්වුණු ඌව පළාත් සභා මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය පරාජයට පත්වුවත්, පක්ෂයට ලැබුන ඡන්ද සංඛ්‍යාව විශාල වශයෙන් ඉහල නැංවීමට ඔහුගේ ජනප්‍රියත්වය හේතු වූ බවයි සැලකෙන්නේ.

ඌව පළාත් සභා මැතිවරණයෙන් පරාජයට පත්වුවත්, පක්ෂයට ලැබුන ඡන්ද සංඛ්‍යාව විශාල වශයෙන් ඉහල නැංවීමට හරීන් ප්‍රනාන්දු ගේ ජනප්‍රියත්වය හේතු වූ බව සැලකේ

ඡායාරූප මූලාශ්‍රය, Harin Fernando

ඡායාරූප ශීර්ෂ වැකිය, ඌව පළාත් සභා මැතිවරණයෙන් පරාජයට පත්වුවත්, පක්ෂයට ලැබුන ඡන්ද සංඛ්‍යාව විශාල වශයෙන් ඉහල නැංවීමට හරීන් ප්‍රනාන්දු ගේ ජනප්‍රියත්වය හේතු වූ බව සැලකේ

ජනවාරි මාසයේ පැවති ජනපතිවරණයෙන් අනතුරුව පළාත් සභාවේ බහුතර සාමාජිකයන්ගේ සහාය ලබා ගෙන පළාතේ මහ ඇමතිවරයා බවට පත්වීමට හරීන් ප්‍රනාන්දු සමත් විය.

ඉන්දීය දෙමළ ජනතාව නියෝජනය කරමින් කොළඹ දිස්ත්‍රික්කයෙන් තේරී පත්වුණු මනෝ ගනේෂන් මෙවර කැබිනට් මණ්ඩලයේ තවත් අලුත් මුහුණක්.

වතුකරයේ දෙමළ ජනතාව නියෝජනය කරන යූපී දිගම්බරම් අමාත්‍යවරයා සහ වී රාධක්‍රිෂ්ණන් මන්ත්‍රීවරයා සාමාජිකත්වය දරන දමිළ ප්‍රගතිශීලී සන්ධානයේ නායකයා වන මනෝ ගනේෂන් ට හිමි වී තිබෙන්නේ ජාතික සංවාද පිළිබඳ අමාත්‍ය පදවිය.

ධනවත් ව්‍යාපාරිකයකු වන දයා ගමගේ, එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායකවරයායි

ඡායාරූප මූලාශ්‍රය, azzam

ඡායාරූප ශීර්ෂ වැකිය, ධනවත් ව්‍යාපාරිකයකු වන දයා ගමගේ, එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායකවරයායි

2001 පාර්ලිමේන්තුවටද තේරී පත්වූ ඔහු, 2010 මහ මැතිවරණයෙන් පරාජයට පත් වූ නමුත් දෙමළ ජනතා අයිතිවාසිකම් වෙනුවෙන් සහ අතුරුදහන්වීම් ඇතුළු මානව හිමිකම් උල්ලංඝනවලට එරෙහිව කළක් මුළුල්ලේ හඬ නගන ක්‍රියාධරයෙක්.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි මෙවර අලුතින්ම කැබිනට් මණ්ඩලයට එක්වන මන්ත්‍රීවරයෙක්.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ජ්‍යෙෂ්ඨ නායකයකු වන අමරසිරි දොඩංගොඩ හිටපු අමාත්‍යවරයාගේ ඥාති පුත්‍රයකු වන ඔහු, පාර්ලිමේන්තුවට පිවිසීමට ප්‍රථම දකුණු පළාත් සභා මන්ත්‍රීවරයකු සහ දක්ෂිණ සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ලෙසින්ද කටයුතු කළේය.

හිටපු නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි, හිටපු අමාත්‍ය අමරසිරි දොඩංගොඩ ගේ ඥාති පුත්‍රයෙක්
ඡායාරූප ශීර්ෂ වැකිය, හිටපු නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි, හිටපු අමාත්‍ය අමරසිරි දොඩංගොඩ ගේ ඥාති පුත්‍රයෙක්

වයඹ පළාත් සභාවේ හිටපු මහ ඇමති දයාසිරි ජයසේකර පවසන්නේ තමන්ට ක්‍රීඩා අමාත්‍ය පදවිය හිමි වන බව සිකුරාදා දහවල් කැඳවීමක් ලැබෙන තුරුම දැන නොසිටි බවයි.

කලක් එක්සත් ජාතික පක්ෂයේ සිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ක්‍රියාකලාපය දැඩි විවේචනයට ලක් කළ නව ක්‍රීඩා අමාත්‍යවරයා, පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක් වී වයඹ පළාතේ මහ ඇමතිවරයා බවට පත්විය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයට තරඟ කළ ඔහු, ලක්ෂයකට වැඩි මනාප ඡන්ද ලබා ගනිමින් පාර්ලිමේන්තුවට තේරී පත්විය.

අගමැති රනිල් වික්‍රමසිංහගේ සමීපතම හිතවතකු වන සාගල රත්නායක අමාත්‍යවරයාට අගමැති කාර්යාලය භාර නියෝජ්‍ය අමාත්‍ය පදවියත් පිරිනැමෙනු ඇති බව සඳහන්.

ඡායාරූප මූලාශ්‍රය, Krishan Jeevaka Jayaruk

ඡායාරූප ශීර්ෂ වැකිය, අගමැති රනිල් වික්‍රමසිංහගේ සමීපතම හිතවතකු වන සාගල රත්නායක අමාත්‍යවරයාට අගමැති කාර්යාලය භාර නියෝජ්‍ය අමාත්‍ය පදවියත් පිරිනැමෙනු ඇති බව සඳහන්.

කලක් එක්සත් ජාතික පක්ෂයේ නායක, වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ දැඩි විවේචනයට ලක් කළ නමුත් තමන්ට කිසිවකු සමග පුද්ගලික අමනාපයක් නොමැති බවයි නව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර පවසන්නේ.

මෙවර පාර්ලිමේන්තුවේ සිටින එකම අඹු සැමි යුවලේ ස්වාමි පුරුෂයා වන දයා ගමගේ සම්මුතිවාදී ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයේ තවත් අලුත් මුහුණක්.

ධනවත් ව්‍යාපාරිකයකු වන ඔහු, එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායකවරයායි.

මෙතෙක් නැගෙනහිර පළාත් සභා මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළ නව ප්‍රාථමික කර්මාන්ත පිළිබඳ අමාත්‍ය දයා ගමගේ, සිය පක්ෂය වෙනුවෙන් නොමසුරුව මුදලින් ආධාර කරන බව නොරහසක්.

මනෝ ගනේෂන් අමාත්‍යවරයා, අතුරුදහන්වීම් ඇතුළු මානව හිමිකම් උල්ලංඝනවලට එරෙහිව කළක් මුළුල්ලේ හඬ නගන ක්‍රියාධරයෙක්

ඡායාරූප මූලාශ්‍රය, MEA govt of india

ඡායාරූප ශීර්ෂ වැකිය, මනෝ ගනේෂන් අමාත්‍යවරයා, අතුරුදහන්වීම් ඇතුළු මානව හිමිකම් උල්ලංඝනවලට එරෙහිව කළක් මුළුල්ලේ හඬ නගන ක්‍රියාධරයෙක්

පළමු වරට පාර්ලිමේන්තුවට තේරී පත්වූ අවස්ථාවේම දයා ගමගේ මන්ත්‍රීවරයාට ඇමති පදවියක් හිමිවීම විශේෂත්වයක්. ඔහුගේ බිරිඳ අනෝමා ගමගේ මන්ත්‍රීවරිය පසුගිය යහපාලන ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍යවරියක ලෙසින් කටයුතු කළාය.

මාතර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වුණු සාගල රත්නායක දක්ෂිණ සංවර්ධනය පිළිබඳ අමාත්‍යවරයා ලෙසින් පත් කරනු ලැබ තිබේ.

අගමැති රනිල් වික්‍රමසිංහගේ සමීපතම හිතවතකු වන ඔහුට අගමැති කාර්යාලය භාර නියෝජ්‍ය අමාත්‍ය පදවියත් පිරිනැමෙනු ඇති බව ජනමාධ්‍ය වාර්තා කරයි.

අමාත්‍ය පදවියක් හිමිවීමට නියමිත බවක් දැන නොසිටි බවයි දයාසිරි ජයසේකර අමාත්‍යවරයා පවසන්නේ
ඡායාරූප ශීර්ෂ වැකිය, අමාත්‍ය පදවියක් හිමිවීමට නියමිත බවක් දැන නොසිටි බවයි දයාසිරි ජයසේකර අමාත්‍යවරයා පවසන්නේ

2010 මහ මැතිවරණයේදී පරාජයට පත් වුනු සාගල රත්නායක අමාත්‍යවරයාට, අගෝස්තු මාසයේ පැවති මහ මැතිවරණයේදී කලක් සිය ප්‍රතිවාදියකුව සිටි සනත් ජයසුරිය හිටපු මන්ත්‍රීවරයාගේ සහයද හිමි විය.