රාජ්‍ය ආයතන ප්‍රධානීන් පත්කිරීමට කමිටුවක් - ජනපති

යහපාලන ආණ්ඩුව යටතේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතනවලට මින් අනතුරුව ප්‍රධානීන් පත්කරන ලබන්නේ තමා සහ අගමැතිවරයා එක්ව පත්කරන කමිටුවක් විසින් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.
එම පදවිවලට සුදුස්සන් යෝජනා කිරීමට නව අමාත්‍යවරුන්ට අවස්ථාව තිබෙන නමුත් අදාළ පත්කිරීම් සම්බන්ධ පූර්ණ බලතල හිමිවන්නේ එම කමිටුවට බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඒ බව නිවේදනය කළේ නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීමෙන් අනතුරුව ඔවුන් අමතා විශේෂ ප්‍රකාශයක් කරමින්.
කැබිනට් මණ්ඩලය පත්කිරීමේදී තනතුරු නොලැබීම සහ ලැබුණු තනතුරු සම්බන්ධයෙන් සියලු දෙනා සතුටට පත්කිරීම පහසු කටයුත්තක් නොවන බවද ජනාධිපතිවරයා පැවසීය.
අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දෙන අවස්ථාව අතරතුර සභාව ඇමතූ අගමැති රනිල් වික්‍රමසිංහ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටි පරිදි රටේ බොහෝ අංශ වෙනුවෙන් ජාතික ප්‍රතිපත්ති සකස්කිරීමට කටයුතු කරන බවට ප්‍රතිඥා දුන්නේය.
කැබිනට් මණ්ඩලය හෝ ආණ්ඩුවේ සාමාජිකයන් පමණක් නොව පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම මන්ත්‍රීවරුන් සම්බන්ධ කරගනිමින්, ජාතික ප්‍රතිපත්ති සකස් කිරීමේ කාර්යය සාක්ෂාත් කරගැනීම් වස් ක්‍රියාකරන බව අවධාරණය කළ අගමැතිවරයා, ඩොනමෝර් ව්‍යවස්ථාවෙන් අනතුරුව සියලු මන්ත්‍රීවරුන් රට පාලනයට දායක වන පළමු අවස්තාව මෙය බවත් සඳහන් කළේය.

කැබිනට් අමාත්‍යවරුන් 48 ක් පත් කිරීම පිණිස අගමැති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගත් නමුත් ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබා තිබෙන්නේ ඇමතිවරුන් 43 දෙනකු පමණි.
කැබිනට් අමාත්‍ය පදවියක් හිමි වන බවට වාර්තා පළ වී තිබුණු එක්සත් ජාතික පක්ෂයේ සභාපති මලික් සමරවික්‍රම දිවුරුම් දීමේ අවස්තාවට එක්ව සිටියේ නැත.
මංගල සමරවීර, විජයදාස රාජපක්ෂ සහ ඩීඑම් ස්වාමිනාදන් මීට ඉහතදී පිළිවෙලින් විදේශ කටයුතු, අධිකරණ සහ පුනරුත්ථාපන අමාත්‍ය පදවිවල දිවුරුම් දුන් අතර ස්වාමිනාදන් අමාත්‍යවරයා යළිත් වරක් සිය පදවියේ දිවුරුම් දුන්නේ මන්දැයි යන්න පැහැදිලි නැත.
ජනාධිපතිවරයා ඉදිරියේ දිවුම් දුන් අමාත්‍යවරු මෙසේය.

ඡායාරූප මූලාශ්‍රය, Sri Lanka Rupavahini
1. අගමැති රනිල් වික්‍රමසිංහ: ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික සංවර්ධන
2. ජෝන් අමරතුංග: ක්‍රිස්තියානි කටයුතු සහ සංචාරක
3. නිමල් සිරිපාල ද සිල්වා: ප්‍රවාහන
4. රවි කරුණානායක: මුදල්
5. සජිත් ප්‍රේමදාස: නිවාස සහ ඉදිකිරීම්
6. අනුර ප්‍රියදර්ශන යාපා: ආපදා කළමනාකරණ
7. අර්ජුන රණතුංග: වරාය සහ නාවික කටයුතු
8. තිලක් මාරපන: නීතිය සහ සාමය, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ
9. එම්කේඒඩීඑස් ගුණවර්ධන: ඉඩම්
10. යූපී දිගම්බරම්: කඳුරට, නව ගම්මාන සහ ප්‍රජා සංවර්ධන
11. චන්ද්‍රානි බණ්ඩාර: කාන්තා සහ ළමා කටයුතු
12. තලතා අතුකෝරල: විදේශ රැකියා
13. අකිල විරාජ් කාරියවසම්: අධ්‍යාපන
14. ඩීඑම් ස්වාමිනාදන්: පුනරුත්ථාපන සහ නැවත පදිංචි කිරීම්
15. චන්දිම වීරක්කොඩි: ඛනිජ තෙල් සහ පෙට්‍රෝලියම් වායු
16. දයාසිරි ජයසේකර: ක්‍රීඩා
17. මනෝ ගනේෂන්: ජාතික සංවාද
18. දයා ගමගේ: ප්‍රාථමික කර්මාන්ත
19. හරීන් ප්‍රනාන්දු: විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම්
20. සාගල රත්නායක: දක්ෂිණ සංවර්ධන
21. රවුෆ් හකීම්:නගර සැලසුම් හා ජලසම්පාදන
22. රිෂාඩ් බදියුද්දීන්: කර්මාන්ත සහ වාණිජ කටයුතු
23. කබීර් හෂීම්: රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන
24. අබ්දුල් හලීම් මොහමඩ් හාෂිම්: තැපැල්, තැපැල් සේවා සහ මුස්ලිම් ආගමික කටයුතු
25. ගයන්ත කරුණාතිලක: මාධ්‍ය සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ
26. රංජිත් මද්දුමබණ්ඩාර: රාජ්‍ය පරිපාලන සහ කළමනාකරණ
27. වජිර අබේවර්ධන: ස්වදේශ කටයුතු
28. ඩබ්ඩීජේ සෙනවිරත්න: කම්කරු සහ වෘත්තීය සමිති
29. රාජිත සේනාරත්න: සෞඛ්‍ය
30. ගාමිණී ජයවික්‍රම පෙරේරා: තිරසාර සංවර්ධන සහ වනසම්පත්
31. එස්බී නාවින්න: අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන සහ සංස්කෘතික
32. මහින්ද අමරවීර: ධීවර සහ ජලජ සම්පත්
33. පාඨලී චම්පික රණවක: මහ නගර සහ බස්නාහිර පළාත් සංවර්ධන
34. ලක්ෂමන් කිරිඇල්ල: මහාමාර්ග
35. මහින්ද සමරසිංහ: වෘත්තීය පුහුණු සහ සංවර්ධන
36. නවීන් දිසානායක: වැවිලි කර්මාන්ත
37. රංජිත් සියඹලාපිටිය: බලශක්ති
38. දුමින්ද දිසානායක: කෘෂිකර්ම
39. විජයදාස රාජපක්ෂ: බෞද්ධ කටයුතු
40. පී හැරිසන්: ග්‍රාමීය ආර්ථිකය
41. එස්බී දිසානායක: සමාජ සවිබල ගැන්වීම් සහ සුභ සාධන
42. සුසිල් ප්‍රේමජයන්ත: තාක්ෂණ, තාක්ෂණ අධ්‍යාපන සහ රැකියා









