පරාජය වූ ඇතැමුන් ගැන ඇයි මෙතරම් අවධානයක්?

ඡායාරූප මූලාශ්‍රය, JVP
- Author, සරෝජ් පතිරණ
- Role, බීබීසී සිංහල සේවය
සමස්ත ශ්‍රී ලංකාවාසී ජනතාවගේ අනාගත සුභ සිද්ධිය වෙනුවෙන් හඬ නැගූ අපේක්ෂකයන් පිරිසක් මහ මැතිවරණයෙන් පරාජයට පත්වීම පිළිබඳව සමාජ මාධ්‍ය ජාල ඔස්සේ කනස්සල්ල පළ වෙමින් පවතී.
ළමා සහ කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් මෙන්ම විශේෂයෙන්ම පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය ඉහල නැංවිය යුතු බවට කලක් මුළුල්ලේම ප්‍රබල හඬක් නගමින් සිටින රෝසි සේනානායක හිටපු මන්ත්‍රීවරිය වත්මන් පාර්ලිමේන්තුවේ සිටිය යුතුම චරිතයක් බව <link type="page"><caption> ට්විටර් ජාලය ඔස්සේ</caption><url href="https://twitter.com/" platform="highweb"/></link> අදහස් දක්වන බොහෝ දෙනාගේ අදහස වී තිබේ.
එක්සත් ජාතික පක්ෂය කොළඹ දිස්ත්‍රික්කයෙන් ප්‍රබල ජයග්‍රහණයක් ලබා ගත්තත්, මනාප ඡන්දවලින් හිටපු රාජ්‍ය අමාත්‍යවරිය පරාජයට පත් වී තිබුණි.
දූෂණ, වංචා චෝදනාවලට එරෙහිව පසුගිය පාර්ලිමේන්තුවේ ප්‍රබල හඬක් නැගූ ජනතා විමුක්ති පෙරමුණේ සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා පරාජයට පත්වීමත් බොහෝ දෙනාගේ කනස්සල්ලට හේතු වී තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, Rosy Senanayake
මහින්ද රාජපක්ෂ පරිපාලනයට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල වූ සමයක එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉදිරියේ එම චෝදනාවලට පිළිතුරු දුන් මහින්ද සමරසිංහ හිටපු අමාත්‍යවරයාගේ පරාජයත් අවධානයට ලක් වී තිබෙන කරුණක්.
සමස්තයක් ලෙස බලාපොරොත්තු වූ ප්‍රතිඵල ලබා ගැනීමට තමන් අපොහොසත් වූ බව ජනතා විමුක්ති පෙරමුණද පිළිගෙන තිබේ.
සමන්ත විද්‍යාරත්න, වසන්ත සමරසිංහ සහ ලාල් කාන්ත ජයග්‍රහණය කළේ නම් එමගින් පාර්ලිමේන්තුවේ කටයුතුවලට නව ජවයක් එක්කිරීමට ඉඩ තිබුණු බව බොහෝ විශ්ලේෂකයන්ගේ මෙන්ම සමාජ මාධ්‍ය ජාල ක්‍රියාධරයන්ගේද අදහසයි.
මේ අතර ප්‍රවීන ලේඛකයකු සහ දේශකයකු වන උපුල් ශාන්ත සන්නස්ගල පාර්ලිමේන්තුවට තේරී පත් නොවීම පිළිබඳව ඔහුගේ මිතුරන් සහ රසිකයන් අතරින් පළවෙමින් තිබෙන්නේ ඊට වඩා හාත්පසින්ම වෙනස් ප්‍රතිචාරයක්.

ඔහු තේරී පත්වූයේ නම් සිය ප්‍රියතම ලේඛකයා, කලාකරුවා හෝ සමීප මිතුරා අහිමිවීමට ඉඩ තිබුණු බව පවසන ඔවුහු සන්නස්ගල පරාජයට පත්වීම පිළිබඳව ප්‍රසාදය පළ කරති.
විශේෂයෙන්ම රෝසි සේනානායක සහ සුනිල් හඳුන්නෙත්ති වැනි හිටපු මන්ත්‍රීවරුන් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කිරීම පිළිබඳව ඔවුන් නියෝජනය කරන පක්ෂ සලකා බැලිය යුතු බව සමාජ මාල ඔස්සේ මතුවන ප්‍රබල උද්ඝෝෂණයක්.
මැතිවරණ කොමසාරිස්වරයාට භාර දුන් ජාතික ලැයිස්තුවල ඇතුලත් නම්වලට පරිබාහිර පුද්ගලයන් පාර්ලිමේන්තුවට පත්කිරීම පිළිබඳව ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ උදාහරණ පවතී.
තමන්ට ලබා දුන් ලැයිස්තුවලට පරිබාහිරව කිසිවකු පත් කළ නොහැකි නමුත්, අවශ්‍ය නම් පරාජිත අපේක්ෂකයන් පත්කිරීමට අවස්ථාව තිබෙන බව මැතිවරණ කොමසාරිස්වරයා දැනුම් දී තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, AFP
ඒ අනුව සුනිල් හඳුන්නෙත්ති ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කිරීම පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ අවධානය පළ වී තිබෙන බව වාර්තා වේ.
කෙසේ නමුත් පරාජිත අපේක්ෂකයන් ජාතික ලැයිස්තුවෙන් පත් නොකිරීමේ තීරණයකට අගමැති රනිල් වික්‍රමසිංහ එළැඹි සිටින බව ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් සංදේශයට අනාවරණය වේ.
මේ අතර මහින්ද සමරසිංහ සහ නන්දිමිත්‍ර ඒකනායක හිටපු අමාත්‍යවරුන් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්කිරීම පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගේ අවධානය පළ වී තිබේ.








