මහ මැතිවරණය: සිංහල බ්ලොග්කරුවෝ වික්ෂිප්තභාවයක?

- Author, සරෝජ් පතිරණ
- Role, බීබීසී සංදේශය
පසුගිය ජනපතිවරණයේදී ෆේස්බුක්, ට්විටර් වැනි සමාජ මාධ්‍ය ජාල පමණක් නොව බ්ලොග්කරුවන්ද ක්‍රියාශීලී කාර්යභාරයක් ඉටු කළ බව නොරහසක්.
එහෙත් එදා එසේ ක්‍රියාකාරීව සිටි බ්ලොග්කරුවන් මහ මැතිවරණයක් අත ළඟ තිබියදී මේ මොහොතේ වික්ෂිප්තභාවයක හෝ ගුප්ත නිහඬ බවක ගිලී සිටින්නේද?
ජනපතිවරණයේදී පදවිය හෙබැවූ මහින්ද රාජපක්ෂ සමාජ මාධ්‍ය ජාල වෙනුවෙන් විශේෂ කණ්ඩායම් යොදා ගෙන දැවැන්ත ප්‍රචාරයක් ව්‍යාපාරයක් ගෙන යද්දී, විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන වෙනුවෙන් සමාජ මාධ්‍යවල දක්නට ලැබුණේ, පැවති පාලනයට එරෙහිව මතු වූ විරෝධය එළිදැක්වුණ ස්වේච්ඡාවෙන් මතු වූ උද්ඝෝෂණයක්.
එම සමාජ මාධ්‍ය උද්ඝෝෂණය සිය ජයග්‍රහණයට මහත් රුකුලක් වූ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද ප්‍රසිද්ධියේ පිළිගත්තේය.

ඡායාරූප මූලාශ්‍රය, Reuters AFP
එදා විපක්ෂයේ පොදු අපේක්ෂකයා වෙනුවෙන් විවෘතව පෙනී සිටි <link type="page"><caption> 'මාතලන්'</caption><url href="http://maathalan.blogspot.co.uk" platform="highweb"/></link> හෙවත් ප්‍රියන්ත හේවගේ මහ මැතිවරණයේදී යහපාලන සන්ධානයට මෙන්ම ජනතා විමුක්ති පෙරමුණටත් සහාය පළ කිරීම මේ වික්ෂිප්තභාවය හෙළිකරන උදාහරණයක් බවයි, <italic>'<link type="page"><caption> නෙලුම් යාය'</caption><url href="http://nelumyaya.com" platform="highweb"/></link></italic> වෙබ් අඩවියේ කර්තෘ අජිත් ධර්මකීර්ති පවසන්නේ.
පසුගියදා නෙලුම් යාය සංවිධානය කළ බ්ලොග් සම්මාන උළෙලේදී මේ වසරේ හොඳම බ්ලොගයට හිමි සම්මානය හිමි වූයේ මාතලන්ටයි.
රාජපක්ෂ විරෝධීන් බොහෝ බලාපොරොත්තු දල්වා සිටි යහපාලන ආණ්ඩුවෙන් තමන් අපේක්ෂිත යහපාලනය ඉටු නොවීම මේ වෙනසට එක් හේතුවක් බවයි පෙනී යන්නේ.
අනෙක් අතට 2014 දෙසැම්බරයේදී බොහෝ බ්ලොග්කරුවන්ට සිය අදහස් දක්වන්නට සිදු වී තිබුනේ දැඩි මර්දනකාරී වාතාවරණයක් යටතේ.

ඡායාරූප මූලාශ්‍රය, Ranil Wilckramasinghe
නව පාලනය බලයට පත්වීමෙන් අනතුරුව සියල්ල සර්ව සම්පූර්ණ නොවූවත් භාෂණයේ නිදහසට එල්ල වී තිබුණු තර්ජන තවදුරටත් බලනොපැවැත්වීම සහ විශේෂයෙන්ම වෙබ් අඩවි තහනම් ඉවත් කිරීම ඇතුළු කරුණු හමුවේ බ්ලොග්කරුවන්ගේ කාර්යභාරය සීමාවීම තවත් ප්‍රධාන හේතුවක්.
එදා විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනට වක්‍ර සහයක් පළ කළ ජනතා විමුක්ති පෙරමුණ මෙවර මහ මැතිවරණයේදී යළිත් වරක් ඔවුන්ගේ 'උනුත් එකයි, මුනුත් එකයි' සටන් පාඨය පෙරට ගෙන සැබෑ විපක්ෂය ලෙස පෙනී සිටීමත්, සරත් විජේසූරිය වැනි රාජපක්ෂ විරෝධී ඇතැම් ක්‍රියාධරයන් පවා ඒ මතය අනුමත කිරීමත් මේ වෙනසට තවත් ප්‍රධාන හේතුවක්.
කෙසේ නමුත් මහ මැතිවරණයේදී බ්ලොග්කරුවන් සිය කාර්යභාරය අමතක කොට දමා ඇති බවට නිගමනයකට එළඹීමත් සාධාරණ නොවේ.
දිගටම ක්‍රියාකාරීව බ්ලොග්කරණයේ යෙදී සිටින <link type="page"><caption> 'රාමචන්ද්‍ර ගේ අඩවිය'</caption><url href="http://ramachandrageadaviya-ramachandra.blogspot.co.uk" platform="highweb"/></link> දකුණේ ප්‍රධාන දේශපාලන පක්ෂ තුනම විවේචනය කරමින් සිටියි.

ඡායාරූප මූලාශ්‍රය, bbc
සිංහල බ්ලොග් අවකාශයේ 'වික්ෂිප්තභාවය' දෙපාර්ශවය සම්බන්ධයෙන්ම බලපා තිබීමත් කැපී පෙනෙන්නක්.
ජනපතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙනුවෙන් ප්‍රසිද්ධියේ පෙනී සිටි <link type="page"><caption> 'මාරයාගේ හෝරාව'</caption><url href="http://ctkumara.blogspot.co.uk" platform="highweb"/></link> වැනි බ්ලොගයක් අවසන් වරට යාවත්කාලීන කොට තිබෙන්නේ පසුගිය ජුලි 15 වැනිදා.
කෙසේ නමුත් මහින්ද වාදී <link type="page"><caption> 'තනි තරුව'</caption><url href="http://tharuwehi.blogspot.co.uk" platform="highweb"/></link> දිගටම ක්‍රියාශීලීව යහපාලන ආණ්ඩුවට විරුද්ධව සිය පැන මෙහෙයවමින් සිටින බවද දක්නට ලැබේ.
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සහ දේශපාලන විශ්ලේෂක <link type="page"><caption> කුසල් පෙරේරා</caption><url href="http://kusalperera.blogspot.co.uk" platform="highweb"/></link> රාජපක්ෂ වාදීන්ට බරපතල අනතුරු ඇඟවීමක් කිරීමට සිය නවතම බ්ලොගය යොදා ගෙන තිබුණි.
හිටපු ජනාධිපතිවරයාගේ දෙටු පුත් නාමල් රාජපක්ෂ මහ මැතිවරණයේදී හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් පරාජය වන බව ඔහුගේ විශ්ලේෂණයයි.

කලක් බ්ලොග්කරුවකුව සිට දැන් තීරු ලිපි රචකයකු බවට පත්ව සිටින නාලක ගුණවර්ධන ජනපතිවරණයේදී යහපාලන අපේක්ෂකයා වෙනුවෙන් ප්‍රසිද්ධියේ උද්ඝෝෂයක නිරත වූ සමාජ ජාල ක්‍රියාධරයෙක්.
මහ මැතිවරණයේදී යහපාලන අපේක්ෂකයන් සහ විශේෂයෙන්ම හිටපු ජනපතිවරයාට නාම යෝජනා ලබාදීමේ ජනපති මෛත්‍රීපාල සිරිසේනගේ තීරණය ගැන <link type="page"><caption> නාලක ගුණවර්ධන</caption><url href="http://nalakagunawardene.com" platform="highweb"/></link> දක්වන්නේ දැඩි විවේචනාත්මක ආකල්පයක්.
සිංහල බ්ලොග්කරුවන් තවමත් ඉතා ක්‍රියාශීලීව සිය නිර්මාණවල නිරත වන බව පවසන ඔහු, කෙසේ නමුත් බොහෝ දෙනා දැන් ෆේස්බුක් ජාලය වෙත යොමුවෙමින් සිටින බවත් සඳහන් කරයි.
නාලක ගුණවර්ධන ඒ බව පවසන්නේ <link type="page"><caption> ට්විටර් ජාලය ඔස්සේ</caption><url href="https://twitter.com/sarojpathi" platform="highweb"/></link> මෙම ලිපියට ප්‍රතිචාරය පළ කරමින්.
මේ අතර <link type="page"><caption> නලින් ද සිල්වා</caption><url href="http://www1.kalaya.org" platform="highweb"/></link> වැනි ජාතිකවාදී බ්ලොග්කරුවෝ සිය එජාප විරෝධී මතවාදය උත්සන්න කරමින් සිටිති.
කාලාන්තරයක් මුළුල්ලේම බ්ලොග්කරණයේ යෙදී සිටින <link type="page"><caption> අජිත් පැරකුම් ජයසිංහ</caption><url href="http://www.w3lanka.com" platform="highweb"/></link> මේ අතර රාජපක්ෂ විරෝධී හඬක් නගමින් දිගටම බ්ලොග්කරණයේ යෙදී සිටියි.

ඡායාරූප මූලාශ්‍රය, Kusal Perera
කෙසේ නමුත් සිංහල බ්ලොග්කරණයේ පූර්වගාමියකු වන ජනමාධ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් කරුණාරත්න පරණවිතාන සම්පූර්ණයෙන්ම බ්ලොග්කරණයෙන් ඈත් වී සිටිමින්, බ්ලොගය සිය මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය සඳහා යොදා නොගැනීම ප්‍රහේලිකාවක් බව <italic><link type="page"><caption> 'කොළඹ ගමයා'</caption><url href="http://kolambagamaya.blogspot.co.uk" platform="highweb"/></link></italic> බ්ලොගයේද කතුවරයා වන අජිත් ධර්මකීර්ති ගේ මතයයි.
මේ අතර මහින්ද පාලනයට එරෙහිව සිය පෑන මෙහෙයවූ <link type="page"><caption> 'ටැබූ සබ්ජෙක්ට්ස්'</caption><url href="http://taboosubjects-mirrored.blogspot.co.uk" platform="highweb"/></link> බ්ලොග්කරුවා කලක් නිහඬව සිට මැතිවරණය ආසන්න වෙත්ම යළි ක්‍රියාශීලී වී සිටින අතර, රසිකලොජිස්ට්, දසයා වැනි දේශපාලනය පිළිබඳව සහ පසුගිය රජය පිළිබඳව සිය පන්හිඳ මෙහෙයවූවෝ මඳ නිහඬතාවයක වෙලී සිටීති.
අලුතින් ලැබුණු සාපේක්ෂ මාධ්‍ය නිදහසත්, මැතිවරණය පිළිබඳ වික්ෂිප්තභාවයත් හමුවේ එදා දේශපාලනය ගැන ලියූ බොහෝ බ්ලොග්කරුවෝ දැන් කලාව සහ සාහිත්‍යය වෙතට යොමු වී සිටින හැඩකුත් දකින්නට ලැබේ.
ඇත්තෙන්ම සාපේක්ෂ වශයෙන් ප්‍රචණ්ඩ ක්‍රියාවලින් තොර මැතිවරණයක් සහ රටක නිදහස් වාතාවරණයක් පවතින අවස්ථාවක නිර්මාණකරුවන් කලාව, සාහිත්‍යය වෙත යොමුවීම අලුත් ප්‍රපංචයක්ද නොවේ.
(තෝරාගත් සිංහල බ්ලොග් අඩවි කිහිපයක් පමණක් පිළිබඳව තැබුණු සංක්‍ෂිප්ත සටහනක් මේ.)








