මහ මැතිවරණය සහ සමාජ මාධ්‍ය: 'ජවිපෙට නැඹුරුවක්'?

    • Author, සරෝජ් පතිරණ
    • Role, බීබීසී සිංහල සේවය

මෙවර මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය ජාලවල හැසිරීම සලකා බැලීමේදී ජනතා විමුක්ති පෙරමුණට ප්‍රබල ප්‍රසාදයක් තිබෙන හැඩක්‌ පෙනී යන බව සමාජ ක්‍රියාධරයෝ පවසති.

ජනවාරි අට වැනි දින පැවැත්වුණු ජනපතිවරණයේදී <link type="page"><caption> ෆේස්බුක්</caption><url href="https://www.facebook.com/BBCSinhala" platform="highweb"/></link> සහ <link type="page"><caption> ට්විටර්</caption><url href="https://twitter.com/bbcsinhala" platform="highweb"/></link> ඇතුළු සමාජ මාධ්‍ය ජාලවල ක්‍රියාකාරිත්වයද සිය ජයග්‍රහණයට රුකුලක් වූ බව <itemMeta>sinhala/sri_lanka/2015/03/150311_president_coup_attempt</itemMeta> විසින්ද ප්‍රසිද්ධියේ පිළිගෙන තිබේ.

එහෙත් ජනපතිවරණයේදී ක්‍රියාකාරීව සිටි තරුණ කොටස් ඇතුළු සමාජ ක්‍රියාධරයන් මෙවර එක්තරා අන්දමක කලකිරීමකින් සහ 'වික්ෂිප්තභාවයකින්' පෙළෙමින් සිටින බව සීපා හෙවත් දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය උදාන් ප්‍රනාන්දු බීබීසී සංදේශයට පැවසීය.

ජනපතිවරණයේදී අඩු වරප්‍රසාද ලාභී අපේක්ෂකයා වූ මෛත්‍රීපාල සිරිසේන කෙරෙහි සමාජ මාධ්‍ය ජාලවල සානුකම්පිත ආකල්පයක් පල වූ බවක් දක්නට ලැබුණු බව නාලක ගුණවර්ධන පවසයි

ඡායාරූප මූලාශ්‍රය, REUTERS

ඡායාරූප ශීර්ෂ වැකිය, ජනපතිවරණයේදී අඩු වරප්‍රසාද ලාභී අපේක්ෂකයා වූ මෛත්‍රීපාල සිරිසේන කෙරෙහි සමාජ මාධ්‍ය ජාලවල සානුකම්පිත ආකල්පයක් පල වූ බවක් දක්නට ලැබුණු බව නාලක ගුණවර්ධන පවසයි

මේ තත්වය තුල ප්‍රධාන පක්ෂ දෙක වෙනුවට ජනතා විමුක්ති පෙරමුණ වැනි විකල්ප පක්ෂයකට සිය ඡන්ද භාවිතා කළ යුතු බවත් ඇතැම් තරුණ කොටස් තීරණයකට එළඹී තිබෙන හැඩක් සමාජ මාධ්‍ය ජාලවල හැසිරීම විශ්ලේෂණය කිරීමේ දී පෙනී යන බවයි ඔහු පවසන්නේ.

'බලවතා සහ දුබලයා'

ජනපතිවරණයේදී 'underdog' හෙවත් අඩු වරප්‍රසාද ලාභී අපේක්ෂකයා වූ විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන කෙරෙහි සමාජ මාධ්‍ය ජාලවල සානුකම්පිත ආකල්පයක් පල වූ බවක් දක්නට ලැබුණු බව ඒ පිළිබඳ විශ්ලේෂණයක යෙදුන නාලක ගුණවර්ධන මීට ඉහතදී සංදේශයට පැවසීය.

මහ මැතිවරණයේදී ඒ තත්වයත් වෙනස් වී තිබෙන බව ආචාර්ය උදාන් ප්‍රනාන්දු ගේ විග්‍රහයයි.

"එදා බලවතා සහ දුබලයා කියන දේ වගේම, දුබලයා එදා අලුත් මුහුණක්. නමුත් දැනට ප්‍රධාන පක්ෂ දෙක ගත්තොත් එදා වගේ දෙපැත්තකට දාගෙන ද්‍රවීකරණය කරන්න අමාරුයි. නමුත් තුන්වෙනි සාධකයක් එනවා කියල මට හිතෙනවා."

එම තුන්වෙනි සාධකය වන ජවිපෙ මහ මැතිවරණයේදී බහුවිධ උපාය මාර්ග අනුගමනය කරමින් සිටින අතරවාරයේ, ප්‍රධාන පක්ෂ දෙක සමාජ මාධ්‍ය ජාල සිතමතාම 'පාලනය කිරීමේ ක්‍රමවේදයක්' අනුගමනය කරන බවත් ආචාර්ය උදාන් ප්‍රනාන්දු පෙන්වා දෙයි.

"සමාජ මාධ්‍යවල අර දෙසැම්බර්වල තිබුණු නැවුම්, ඕපපාතික ගතිය මෙවර නෑ"

ඡායාරූප මූලාශ්‍රය, Reuters AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, "සමාජ මාධ්‍යවල අර දෙසැම්බර්වල තිබුණු නැවුම්, ඕපපාතික ගතිය මෙවර නෑ"

"මෙවර සියලුම පක්ෂ බලනවා කොහොමද සමාජ මාධ්‍ය භාවිත කරන්නේ කියල. ඉතින් එතකොට සමාජ මාධ්‍යවල අර දෙසැම්බර්වල තිබුණු නැවුම්, 'spontaneous' ඕපපාතික ගතිය මෙවර නෑ," ඔහු පැවසීය.

'කෘත්‍රිම බවක්'

"මෙවර ඒක කෙරෙන්නේ එක පක්ෂෙකින් කෙරෙන කැම්පේන් එකට ප්‍රතිචාරය පළ කරන්න තවත් පක්ෂයක් 'orchestrated' සංවිධිත ලෙස ඒක කරනවා."

මේ ක්‍රියාදාමය වෙනුවෙන් ප්‍රධාන දේශපාලන පක්ෂ සිය ගණනක් තරුණ ක්‍රියාධරයන් යොදවා තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, Sri Lanka President

"ඉතින් එතකොට මෙතන එක්තරා විදියක කෘත්‍රිම බවකුත් තියෙනවා."

සමාජ මාධ්‍ය ජාල මෙන්ම සමාජ ක්‍රියාධරයන්, කලාකරුවන්, වෘත්තීය සමිති ඇතුළු බොහෝ පුරවැසි සංවිධාන පසුගිය ජනපතිවරණයේ දී දේශපාලන පක්ෂ හා සමානවම හෝ ඊටත් වඩා කැපී පෙනෙන කාර්යභාරයක් ඉටු කළ බව නොරහසක්.

මෙවර මැතිවරණයේදී එම බලවේග සක්‍රීය නමුත් මේ වතාවේ පැරණි පෙළගැසීම තරමක් දුරට වෙනස් වී ඇති බවත්, පුරවැසි පෙරමුණේ ද සාමාජිකයකු වන ආචාර්ය උදාන් ප්‍රනාන්දු පෙන්වා දෙයි.

"මාදුළුවාවේ ස්වාමීන් වහන්සේත් එක්තරා ආකාරයක කලකිරීමකින් පසුවුණා පසුගිය කාලය තුල"

ඡායාරූප මූලාශ්‍රය, newsfirst.lk

ඡායාරූප ශීර්ෂ වැකිය, "මාදුළුවාවේ ස්වාමීන් වහන්සේත් එක්තරා ආකාරයක කලකිරීමකින් පසුවුණා පසුගිය කාලය තුල"

"උදාහරණයක් විදියට මාදුළුවාවේ සෝභිත හිමියන් නායකත්වය දෙන ව්‍යාපාරයේ ක්‍රියාකාරිත්වය තරමක් දුරට අඩුයි කියල මට හිතෙනවා. මාදුළුවාවේ ස්වාමීන් වහන්සේත් එක්තරා ආකාරයක කලකිරීමකින් පසුවුණා පසුගිය කාලය තුල."

එමෙන්ම ජනපතිවරණයේදී ක්‍රියාකාරීව සිටි අලුත් පරපුර වැනි ව්‍යාපාරද මහ මැතිවරණයේදී ක්‍රියාකාරීව සිටින හැඩක් දක්නට නොලැබේ.

මේ අතර වීදියේ විරෝධය වැනි ව්‍යාපාර ප්‍රාදේශීය සහ ජාතික ලෙස වීදියේ ක්‍රියාකාරකම්වල තවමත් යෙදී සිටින බව මේ ලිපිය පිළිබඳව ට්විටර් ජාලය ඔස්සේ ප්‍රතිචාරය පළ කරන විකල්ප වෙබ් අඩවියේ කර්තෘ සම්පත් සමරකෝන් පෙන්වා දෙයි.