රාජපක්ෂවරයෙක් ඇතුළු නව රාජ්‍ය අමාත්‍යවරුන් 37ක් අද ජනපති ඉදිරියේ දිව්රුම් දෙයි

රාජපක්ෂ වරයෙක් ඇතුළු නව රාජ්‍ය අමාත්‍යවරුන් 37ක් අද ජනපති ඉදිරියේ දිව්රුම් දෙයි

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

සර්වපාක්ෂික රජයක් පිහිටුවන බවට පසුගිය දිනවල පැවති කතාබහ මධ්‍යයේ අද ජනපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ රාජ්‍ය අමාත්‍යවරුන් 37 දෙනෙකු දිව්රුම් දෙන ලදී. එහිදී එක් රාජපක්ෂවරයකුද මෙවර එම රාජ්‍ය අමාත්‍ය මණ්ඩලයට ඇතුලත් වීම විශේෂයකි.

එසේ දිවුරුම් දුන් රාජ්‍ය අමාත්‍යවරුන් අතරට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයින් කිහිප දෙනෙකු, රාජපක්ෂ පවුලේ සාමාජිකයකු වන ශෂීන්ද්‍ර රාජපක්ෂ, මඩකලපුව දිස්ත්‍රික්කයට තේරි පත්වූ පිල්ලෙයාන් හෙවත් සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්, සමගි ජන බලවේගයෙන් ඉවත්වූ ඩයනා ගමගේ යන මන්ත්‍රීවරුන් අයත් වෙයි.

මේ අතර, බලයෙන් පහකෙරුණු ජනපති ගෝඨාභය රාජපක්ෂට පාර්ලිමේන්තුවට පිවිසීමට හැකිවීම සඳහා, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජාතික ලැයිතුවෙන් පාර්ලිමේන්තුවට පැමිණි වෛද්‍ය සීතා අරඹේපොළ ඉල්ලා අස්වන බවට පසුගිය දා මාධ්‍ය වාර්තා කර තිබුණි. එහෙත් සීතා අරඹේපොළ ද අද රාජ්‍ය අමාත්‍යධුරයක දිවුරුම් දෙනු ලැබීය.

මෙම රාජ්‍ය අමාත්‍යධුර අතරට රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයෙකු, රාජ්‍ය මුදල් අමාත්‍යවරුන් දෙදෙනෙකු, රාජ්‍ය නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරුන් දෙදෙනෙකු පත් කර ඇත.

රාජපක්ෂවරයෙක් ඇතුළු නව රාජ්‍ය අමාත්‍යවරුන් 37ක් අද ජනපති ඉදිරියේ දිව්රුම් දෙයි

ඡායාරූප මූලාශ්‍රය, Sri Lanka Presidents Media

අද දිවුරුම් දුන් රාජ්‍ය අමාත්‍යවරුන් 37 දෙනා:ජගත් පුෂ්පකුමාර - විදේශ රැකියා ප්‍රවර්ධන

  • රංජිත් සියඹලාපිටිය - මුදල්
  • ලසන්ත අලගියවන්න - ප්‍රවාහන
  • දිලුම් අමුණුගම - ආ‍යෝජන ප්‍රවර්ධන
  • කනක හේරත් - තාක්ෂණ
  • ජානක වක්කුඹුර - පළාත් සභා හා පළාත් පාලන
  • ශෙහාන් සේමසිංහ - මුදල්
  • මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා - කෘෂිකර්ම
  • තේනුක විදානගමගේ - නාගරික සංවර්ධන හා නිවාස
  • ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් - ආරක්ෂක
  • රෝහණ දිසානායක - ක්‍රීඩා හා යෞවන කටයුතු
  • අරුන්දික ප්‍රනාන්දු - නාගරික සංවර්ධන හා නිවාස
  • විජිත බේරුගොඩ - පිරිවෙන් අධ්‍යාපන
  • ලොහාන් රත්වත්ත - වැවිලි කර්මාන්ත
  • තාරක බාලසූරිය - විදේශ කටයුතු
  • ඉන්දික අනුරුද්ධ - විදුලිබල හා බලශක්ති
  • සනත් නිශාන්ත - ජල සම්පාදන
  • සිරිපාල ගමලත් - මහාමාර්ග
  • ශාන්ත බණ්ඩාර - ජනමාධ්‍ය
  • අනුරාධ ජයරත්න - අධිකරණ හා බන්ධනාගාර කටයුතු
  • එස්. වියාලේන්ද්‍රන් - වෙළඳ
  • සිසිර ජයකොඩි - දේශීය වෛද්‍ය
  • පියල් නිශාන්ත ද සිල්වා - ධීවර
  • ප්‍රසන්න රණවීර - කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන
  • ඩී.වී. චානක - වනජීවි සහ වන සම්පත් සංරක්ෂණ
  • ඩී.බී. හේරත් - පශු සම්පත් සංවර්ධන
  • ශෂීන්ද්‍ර රාජපක්ෂ - වාරිමාර්ග
  • විශේෂඥ වෛද්‍ය සීතා අ‍රඹේපොල - සෞඛ්‍ය
  • කාදර් කාදර් මස්තාන් - ග්‍රාමීය ආර්ථික
  • අශෝක ප්‍රියන්ත - ස්වදේශ කටයුතු
  • අරවින්ද් කුමාර් - අධ්‍යාපන
  • ගීතා කුමාරසිංහ - කාන්තා හා ළමා කටයුතු
  • සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් - ග්‍රාමීය මාර්ග සංවර්ධන
  • ආචාර්ය සුරේන්ද්‍ර රාඝවන් - උසස් අධ්‍යාපන
  • ඩයනා ගමගේ - සංචාරක
  • චාමර සම්පත් දසනායක - ප්‍රාථමික කර්මාන්ත
  • අනූප පියුම් පස්කුවල් - සමාජ සවිබලගැන්වීම්