ජනතා විරෝධය ; තාවකාලික ජනපති ධූරය සඳහා නමක් යෝජනා කෙරේ

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
කවුරුත්ම නැතිනම් ජනපතිකම සමගි ජන බලවේගයේ ආචාර්ය හර්ෂ ද සිල්වාට ලබාදෙන්නැයි තමා ඉල්ලීමක් කරන බව මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු අද (අප්‍රේල් 06 )පාර්ලිමේන්තුවේදී පැවසීය.
ඔහු පෙන්වා දුන්නේ ආර්ථික විශේෂඥයකු හෙයින් ඔහු රටේ ප්‍රශ්නය විසඳුණු ඇති බවයි.
හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ, රටේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් අද අරම්භ වූ දෙදින පාර්ලිමේන්තු විවාදයේදීය.
මන්ත්‍රීවරයා පවසා සිටියේ "මම කියන්නෙ පෞද්ගලික මතය, කවුරුත් නැත්නම් භාර ගන්න හර්ෂද සිල්වාට දෙන්න ජනාධිපති කම. ප්‍රශ්නයක් නැහැ. මාස 6ටයි. මාස 06කට ජනාධිපතිකම දෙනවා. අපේ නායක තුමා ඉල්ලන් නැහැ. එතුමා බලාගෙන ඉන්නවා ඊඟාව ඡන්දෙන් ආවට පස්සේ ගන්න. හැබැයි මේ රට කරන්න මොකෙක් හරි ඕනේ. මේ රට කරන්න නැත්නම් තව මාස 06ක් අපි කොහොමද මේකේ ඉන්නේ. ඉතින් මේක තේරෙන් නැති දේශපාලනය කරනවා නම්, අනුර මහත්තය හිතනවා නම් එයා දිනනවා කියලා. සජිත් මහත්තයා හිතනවා නම් එයා දිනවා කියලා. නාමල් බේබි හිතනවා නම් එයා දිනනවා කියලා. පට්ට ජරාවක් නෙමෙයිද මේ දේශපාලනය."
ජනතාව කොපමණ කාලයක් පාරේ රැඳී සිටියත් පවතින ප්‍රශ්නයට උත්තර නොලැබෙන බවත් ප්‍රශ්නයට උත්තරය පාර්ලිමේන්තුව තුළින් ලබාදිය යුතු බව තම අදහස යැයි ද හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
"මං මුලින්ම කිව්වා ඒ කාලේ මේක සාපයක් කියලා.. මම මුල ඉදින් කිව්වා සර් ෆෙල් වෙනවා කියලා පළවෙනි අවුරුද්දේ කියලා. ඒත් අපි කුහක වුණේ නැහැ අපි එළියට ඇවිල්ලා කිව්වා සර්ට දෙවැනි අවුරුද්දේ පාස්වෙන්න පුළුවන්. සර්ගේ ළඟ ඉන්න මෙන්ටල් සෙට් එකක් ඒ පස්දෙනාගේ නම්ටිකත් කිව්වා අපි."
"අවුරුදු දෙකක් ඇතුළත මේ රටේ ජනාධිපති කෙනෙක් මේ තරම් පරිහානියට පත්වෙච්ච තැනක් මේ ලෝක ඉතිහාසයේ නැහැ. ඒක සපායක් නෙමෙයිද? ඒක තමයි සාපයක් කියන්නේ. පෙර කරපු වැරැද්දක්. බලය ගන්න අර්බුදයක් නිර්මාණය කිරීම. ඒ මිනිහා අර්බුදයෙන්ම නැතිවී යාම මහා ලොකු සලකුණක් බවට පත්වෙලා තියෙනවා." හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා කියා සිටියේය.
මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ "ලංකාවේ මිනිස්සු මන්ත්‍රීවරුන් ඔක්කොම දෙස බලන්නෙ එක ඇහෙන්. ඔක්කම හොරු. ඔක්කම මොනවහරි බිස්නස් කරන එවුන්. ඔක්කොම මොනව හරි දූෂණ වංචා කරන මිනිස්සු. හැබැයි දෙපැත්තමෙ ඉන්නවා හොඳ මිනිස්සු. ඇයි අපිට මෙහෙම වෙලා තියෙන්නේ. අපි ට බැහැ සාමුහිකව එකතුවෙන්න.මෙච්චර ප්‍රශ්න වෙලා පාරේ මිනිස්සු මැරෙනවා. මේ රටේ මිනිස්සුන්ට බැහැ. මේ පක්ෂවලට බැහැ එකුතුවෙලා කරන්න. මංමේ කියන්නේ මගේ පක්ෂයත් එහෙමයි, ලැජ්ජයි කියන්න."
දැන් කියනවා ගෝඨභය රාජපක්ෂ මහතා ගියොත් මොකද කරන්නේ. කව්ද කරන්නේ. ව්‍යවස්ථාවේ තියෙනවා ප්‍රතිපාදන තියෙනවා. පාර්ලිමේන්තුවට පුළුවන් භාරකාර ජනාධිපතිවරයෙක් පත් කරන්න. හරීන් ප්‍රනාන්දු ප්‍රකාශ කළේය.
"මේ රටේ මිනිස්සු ඡන්දයක් නෙමෙයි ඉල්ලන්නේ, ඡන්දයක් කරන්න පුලුවන්ද මිනිස්සුන්ට ලයිට් නැතිව, පොලිම්වල තෙල්නැතිව, ඉස්කොලෙට යන්න කිරිපිටි ටිකක් නැතිවෙන කොට.ඡන්ද කරන්න පුළුවන්ද?"
"අංක ඒකට මේරට එකතු වෙන්න ඕනේ. ඒක බොහොම අවංක එකතුවීමක් වෙන්න ඕනේ."
මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු අවධාරණය කළේ "තව දවස් දහයකින් රීපේමන්ට් එකක් තියෙනවා. රටේ ජනාධිපතිවරයා හොල්මන්වෙලා . අගමැති හොල්මන් වෙලා. ඇමති මණ්ඩලය සීසීකඩ වෙලා. මේ පාර්ලිමේන්තුව ගොබ්බ තැනක් වෙලා. අද බොහොම අසතුටුයි කියන්න. දුකයි. කනගාටුයි. මන්ත්‍රීවරයෙක් නොවී හිටියා නම් හොඳයි කියලා හිතෙනවා.225ම ගෙදර යන්න ඕනේ කියලා කතාවක් තියෙනවා. 225 පත් කරන්නේ මේ රටේ මහජනතාව. මහජනතාවට අපි කළ යුත්තේ, මේ පර්ලිමේන්තුව දැන් එක තැනකට එනන්න ඕනේ. රට සංවර්ධනය කරන්න නම්. මම විපක්ෂ මන්ත්‍රී කෙනෙක් විදිහට ලැජ්ජා වෙනවා මේ වෙලාව කරන සමහර වැඩ ගැන."
ජීවිත හානියක් වුවහොත් එහි වගකීම භාර ගතයුත්තේ කවුරුද?
රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීවරයා විවාදයට එක්වෙමින් පැවසුවේ අරගලය අඛන්ඩව පවත්වාගෙන යා යුතු යැයි මහජනතාවට දැනුම්දෙන විපක්ෂයේ මහජන නියෝජිතයන් අරගලය අතරතුර යම් ජීවිත හානියක් වුවහොත් එහි වගකීම භාර ගත යුතු බවයි.
"මේ විරෝධතා අතරතුර එක් මරණයක් හෝ සිදු වුණෙත් එම සෑම මරණයකම වගකිම අද ඔය අවුස්සන්න කණ්ඩායම් ගන්න ඕන" යනුවෙන් ඔහු පැවසීය.
"මොකද්ද හේතුව මේ රට අස්ථාවර කිරීමක්."
සාමකාමී විරෝධතා කරන අය ඒන්නෙ සුඛෝපභෝගී වාහනවල, බොන්නේ විස්කි. යැයි ද ඔහු පවසා සිටියේය.
"අපිත් පා ගමන් කලා .එක ගෙදරකට ගලක් ගැහුවේ නැහැ. රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීවරයා පැවසීය. ඔහු පෙන්වා දුන්නේ ජනතාව ජනාධිපතිවරයාට බලය දිලා තියෙන්නේ අවුරුදු පහකට බවයි.
මුළු රටම ජනපති ඉල්ලා අස්විය යුතුයි කියනවා
විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයාද විවාදයට එක් වු අතර ඔහු අවධාරණය කළේ, මුළු රටම ජනපති ඉල්ලා අස්විය යුතුයි කියන මතයට ඇවිල්ල තියෙනව, ඒකට ආණ්ඩුව අකමැති වෙන්න පුළුවන්. නමුත් එතැන තියෙන්නෙ පරාජය කර නොහැකි මහජන මතය."
"ජනාධිපතිතුමා පවා දිවුරුම් දෙද්දී පිළිගන්නවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අපිට තියෙන බලතල අනුව තමයි මේ තනතුරේ කටයුතු ක්‍රියාත්මක වෙන්නේ කියලා, ජනතාවගේ මුලික අවශ්‍යතාවන් ටික නිසි පරිදි සපයනවා කියලා පොරොන්දු වෙලා තියෙනවා. අද ඒ ව්‍යවස්ථාව උල්ලංඝණය වෙලා තියෙනවා ඒ පොරොන්දු ඉටුකරන්න බැරිවෙච්ච තැන."
විජේදාස රාජපක්ෂ ඉල්ලා සිටියේ වහාම භාරකාර ආණ්ඩුවක් පිහිටුවන්න පියවර ගන්නා ලෙසයි.
පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝෂාන් රණසිංහ ද විවාදයට එක්විය.
"සජිත් ප්‍රේමදාස මහතාගෙන් අපි ඉල්ලනවා හැකිනම් මුදල් ඇමතිකම අරගන්න කියලා. ඡන්දයකට යන්න වුනත් අපි විපක්ෂ නායකතුමාට සහය දෙනවා.අනුර දිසානායක මහතාට පවා මම කියනවා හැකිනම් මුදල් ඇමති ධුරය ගන්න කියලා," ඔහු පැවසීය.












