සමාජය ලේ විලක් කිරීමේ සැලැස්මක් ගැන සිරිල් ගාමිණී පියතුමා හෙළිකරයි

වීඩියෝ ශීර්ෂ වැකිය, සැකමතුවන බව සිරිල් ගාමිණී පියතුමා කියයි

සමාජය ලේ විලක් කිරීමේ සැලැස්මක් රජයට තිබේදැයි සැක මතුවන බව සිරිල් ගාමිණී පියතුමා කියයි.

ජනතා අරගලය තුළට ත්‍රස්තවාදය ඔබ්බවා සමාජය ලේ විලක් කිරීමේ සැලැස්මක් රජයට තිබේදැයි සැක මතුවන බව සිරිල් ගාමිණී පියතුමා පවසයි.

කතෝලික සභාව ජනතාව සමග සිටින අතර රජය ජනතා හඬට සවන්දිය යුතු බව අප්‍රේල් 05 වැනිදා කොළඹදී පැවැති විරෝධතාවයක් අතරතුර පියතුමා ප්‍රකාශ කළේය.

රට වෙනුවෙන් දෙවියන්ට කරන කන්නලව්වක් සමඟ සාමකාමී විරෝධතාවයක් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවති අවස්ථාවේදී මෙම අදහස් ප්‍රකාශ කිරීම සිදුවුණි.