නවසීලන්තය ප්‍රහාරය දුටු ශ්‍රී ලාංකිකයෙකුගේ අත්දැකීම: "පල්ලියට යන්න තාමත් බයයි"

ඡායාරූප මූලාශ්‍රය, EPA, GETTY IMAGES, REUTERS
පුද්ගලයින් 50 දෙනෙකුට මරු කැඳවමින් තවත් 50 දෙනෙකුට තුවාල සිදු කරමින් නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච්හි ඉස්ලාම් දේවස්ථාන දෙකකට එල්ල වූ වෙඩි ප්‍රහාරය අවසන් වී තිබුණ ද ඉන් කම්පනයට පත් පුද්ගලයින්ගේ මානසික තත්ත්වය තවමත් යථා තත්ත්වයට පත්වී නොමැත.
වෙඩි තැබීමේ සිද්ධියට මුහුණ දී 'අනූනවයෙන්' දිවි ගලවා ගත් ශ්‍රී ලාංකිකයෙකු වන අබ්දුල් මුයිස් බීබීසී සිංහල සේවයට පැවසුවේ, "පල්ලියට ගිහින් යාච්ඤා කරන්නත් තවමත් බියක් පවතින" බවය.
තමන් ආසන්නයේදී ම සිදුවූ වෙඩි ප්‍රහාරයෙන් බේරුණු ආකාරය සහ එම සිද්ධිය පිළිබඳව අබ්දුල් මුයිස් (Abdul Muiz) විස්තර කළේය.
වෙඩි ප්‍රහාරය එල්ල වන විට ඔහු ක්‍රයිස්ට්චර්ච්හි අල් නූර් දේවස්ථානයට ඇතුළු වෙමින් සිටියේය.
මෙහි අන්තර්ගතය නැත
වැඩිදුරටත් Facebook බලන්නබාහිර වෙබ් අඩවිවල අන්තර්ගතයට බීබීසී වගකියනු නොලැබේ.End of Facebook post, 1
"මම ඇතුළු වෙන්න ඔන්න මෙන්න කියලා මේක වුණේ. එතකොට මට යන්න තිබුණේ මීටර් 5ක වගේ දුරක්," ඔහු සිය අත්දැකීම විස්තර කිරීම ආරම්භ කළේ එලෙසිනි.
"මම දැක්කා ගෑණු කට්ටියක් පල්ලියේ ඉඳලා එළියට දුවගෙන එන එක. ඒ ගොල්ලෝ දුවගෙන එන්නේ ඇයි කියලා අපි දැනගෙන හිටියේ නැහැ. මමත් යාළුවත් එක්ක දුවන්න පටන් ගත්තා. ඒ වෙලාවේ වෙඩි සද්ද ඇහෙන්න ගත්තා."
වෙඩි හඬ මධ්‍යයේ ජීවිතාරක්ෂාව පතා දිව ගිය තවත් බොහෝ දෙනෙකු අතරින් අබ්දුල් මුයිස් අසල තිබූ අතුරු මාර්ගයක් දිගේ දුව ගියේය.
"මම දුවගෙන ගියේ හැංගෙන්න හිතාගෙන. වෙඩි සද්දේ දිගට ම තිබුණා. ඒත් මං ගිය ලේන් එකේ තිබුණේ ඩෙඩ් එන්ඩ් එකක්. හැංගෙන්න තැනක් තිබුණෙත් නෑ. ඊට පස්සේ ආපහු දුවගෙන මේන් රෝඩ් එකට ආවා. වෙඩි සද්දේ දිගට ම ඇහෙද්දී මම මගේ කාර් එක ළඟට දුවගෙන ගිහින් එතනින් ඉවත් වුණා."

ඡායාරූප මූලාශ්‍රය, Reuters
මානසික තත්ත්වය
නවසීලන්තය තුළ අපරාධ ක්‍රියා වාර්තා වීම ඉතා අඩු හෙයින් මෙම සිද්ධිය එරට වැසියන් තුළ දැඩි කම්පනයක් ඇති කිරීමට සමත් වී තිබේ.
මෙම සිද්ධියට මුහුණ පෑ අබ්දුල් මුයිස් පැවසුවේ, තමන් ඇතුළු බොහෝ දෙනෙකු තවමත් කම්පනයට පත්ව සිටින අතර යථා තත්ත්වයට පත් වීමට ටික කලක් ගත වනු ඇති බවය.
"සිකුරාදා නින්ද ගියේ ම නැහැ. සෙනසුරාදා නම් මහන්සියට නින්ද ගියා. හැබැයි මෙහෙ ඉන්න මිනිස්සු හරි ම හොඳයි. සියලු දෙනා ම උදව් කරනවා."

ඡායාරූප මූලාශ්‍රය, Reuters
"මේ සිද්ධිය නිසා කෝපයට පත් වෙලා ඉන්න සමහර අය කියනවා සැකකරුට මරණ දඬුවම දෙන්න කියලා. ඒත් අන්ත දක්ෂිණාංශික විදිහට හිතන අය ගොඩක් රටවල ඉන්නවා. ඒ නිසා මරණ දඬුවම දීමෙන් මේක නවත්වන්න අමාරුයි. මේ වගේ දේවල් නැත්තට ම නැති වෙයි කියල හිතන්න අමාරුයි."
අගමැතිනියගේ ක්‍රියාකලාපය

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
"අගමැතිනිය ඇත්තට ම වින්දිතයින් වෙනුවෙන් කනගාටු වුණා. ඇය මනුෂ්‍යත්වය වෙනුවෙන් කනගාටු වුණා. ඒක ත්‍රස්ත ක්‍රියාවක් කියල නිවේදනය කළා. මීට කලින් එහෙම කරලා නැහැ. එයා ප්‍රතිචාර දැක්වූ ආකාරයෙන් පෙන්නුවා ඇය කෙතරම් හොඳ නායිකාවක් ද කියලා," අබ්දුල් සිය අග්‍රාමාත්‍යවරිය පිළිබඳව පැවසුවේ එවන් අදහසකි.
ඔහු අවසන් වශයෙන් ප්‍රකාශ කළේ වැදගත් අදහසකි.
"මේ රටේ කිසි ම කෙනෙකුට වෙනස්කමක් කරන බව දැනෙන්නේ නැහැ. අපිට ආරක්ෂාව දෙනවා කියල තියෙනවා රජය. ඔවුන් සාමාන්‍යයෙන් කියන දේ කරනවා. ඒ වගේ ම මිනිසුන් දක්වන ප්‍රතිචාරවලින් අපට විශ්වාසයක් ඇති වෙනවා."
කියවන්න:
වෙඩි ප්‍රහාරය සිදු වූ හැටි
නවසීලන්ත ඉතිහාසයේ දරුණු ම ප්‍රහාරය සිදු වූයේ මෙසේය.
එය සිය රටේ "අඳුරුත ම දිනයක්" බව අගමැතිනි ජසින්ඩා ආඩන් කියා සිටියාය.
මෙහිදී පළමු වෙඩි තැබීම සිදු වූයේ, ක්‍රයිස්ට්චර්ච්හි අල් නූර් ඉස්ලාම් දේවස්ථානය අසන්නයේදීය.

ඡායාරූප මූලාශ්‍රය, EPA
බ්‍රෙන්ටන් ටරන්ට් (Brenton Tarrant) නමින් තමන් හඳුන්වාගත් තුවක්කුකරු සිය හිසේ පැළඳි කැමරාවක ආධාරයෙන් සිය ප්‍රචණ්ඩ ක්‍රියාව ෆේස්බුක් හරහා සජීවීව විසුරුවා හරිමින් සිටියේය.
එම දර්ශනවලින් දක්නට ලැබුණේ, අර්ධ ස්වයංක්‍රීය ගිනි අවිවලින් සන්නද්ධ වූ පුද්ගලයෙකු දේවස්ථානය ආසන්නයේ සිටි පුරුෂයින්, කාන්තාවන් සහ ළමුන් ඉලක්ක කර වෙඩි තබන ආකාරයයි.
ප්‍රහාරකයාගේ දර්ශන ආරම්භ වී ඇත්තේ, අල් නූර් දේවස්ථානයට බටහිර දෙසින් පිහිටි ලෙස්ලි හිල්ස් ඩ්‍රයිව් නමැති කාර්මික ජනපදයේ සිටය.
ඔහු මිනිත්තු කිහිපයකින් පැමිණ මෝටර් රථය පටු මාර්ගයක නතර කළේය.
පසුව මෝටර් රථයෙන් පිටතට පිවිසි සැකකරු ගිනි අවියක් තෝරාගෙන දේවස්ථානය දෙසට ගමන් කළ අතර, දේවස්ථානය තුළ ආගමික වතාවත්වල නිරතව සිටි පුද්ගලයින්ට මාරන්තික ප්‍රහාරයක් එල්ල කළේය.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
ඒ වන විට වේලාව එරට වේලාවෙන් පස්වරු 1.30 පමණ විය.
මිනිත්තු 6කට පසු ඔහු ඩීන්ස් මාර්ගය ඔස්සේ මෝටර් රථයේ ගමන් කරමින් සිටියදී කැමරා දර්ශන නතර වී තිබේ.
දෙවන ප්‍රහාරය එල්ල වූයේ, අල් නූර් දේවස්ථානයට කිලෝමීටර් 5ක් පමණ දුරන් පිහිටි ලින්වුඩ් දේවස්ථානයටය.
තවත් ලිපි:

පළමු ප්‍රහාරය: අල් නූර් දේවස්ථානය - 42 දෙනෙකු ජීවිතක්ෂයට
- සිකුරාදා ප.ව. 1.40 - දේවස්ථානය අසල සිදුවූ වෙඩි තැබීම පිළිබඳව පොලිස් නිලධාරීහු ප්‍රතිචාර දැක්වූහ.
- ප.ව. 2.11 - ප්‍රහාරය පිළිබඳව පොලිසිය තහවුරු කළ අතර මිනිත්තු කිහිපයකට පසු පාසල් වසා දමන ලදී.
- ප.ව. 2.30 - තුවක්කුකරුවෙකු සිද්ධියට සම්බන්ධ බවට පොලිසිය තහවුරු කළේය.
හිසේ රැඳි කැමරාවේ දර්ශනවලින් පෙනී යන්නේ, ශාලාවෙන් ශාලාවට ගොස් ඉතා ආසන්නයේ සිටි පුද්ගලයින්ට වෙඩි තබන ආකාරයයි.
ප්‍රහාරකයා පුරුෂ සහ කාන්තා යාච්ඤා ශාලා දෙක ම ඉලක්ක කර වෙඩි තැබීය.
සිද්ධිය දුටු පුද්ගලයින් එරට මාධ්‍ය වෙත පවසා තිබුණේ, ජීවිතාරක්ෂාව පතා දුව යමින් සිටි අතරතුර වෙඩි වැදී තුවාල ලබා සිටි පුද්ගලයින් දුටු බවය.
"හැම තැන ම මළ සිරුරු තිබුණා," එක් පුද්ගලයෙක් පැවසීය.
මෙහි අන්තර්ගතය නැත
වැඩිදුරටත් Facebook බලන්නබාහිර වෙබ් අඩවිවල අන්තර්ගතයට බීබීසී වගකියනු නොලැබේ.End of Facebook post, 2
දෙවන ප්‍රහාරය: ලින්වුඩ් දේවස්ථානය - 8 දෙනෙකු ජීවිතක්ෂයට
ලින්වුඩ්හි සිදු කළ වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වී ඇත්තේ, සුළු වශයෙනි.
වෙඩි ප්‍රහාරයෙන් බේරුණු පුද්ගලයින් එරට මාධ්‍ය වෙත පවසා තිබුණේ, කළු පැහැති යතුරු පැදි හිස් ආවරණයක් පැළඳි සිටි තුවක්කුකරුවෙකු දේවස්ථානය තුළ ආගමික කටයුතුවල නිරත වෙමින් සිටි පුද්ගලයින් 100 දෙනෙකු පමණ ඉලක්ක කර වෙඩි තැබූ බවය.
වත්මන් තත්ත්වය
මෙම ප්‍රහාර දෙක ම සැලසුම් කර සිදු කළ ඒවා බව පොලිස් කොමසාරිස් මයික් බුෂ් පැවසීය. එම ස්ථාන දෙකේදී ම ගිනි අවි සොයා ගන්නා ලදී.
ඊට අමතරව, මෝටර් රථයක් තුළ තිබී පුපුරණ උපකරණ දෙකක් ද සොයා ගැනුණු අතර, පසුව ඒවා නිෂ්ක්‍රීය කරන ලදී.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post
28 හැවිරිදි බ්‍රෙන්ටන් හැරිසන් ටරන්ට් නමැති ඔස්ට්‍රේලියානු ජාතිකයා පසු දින ක්‍රයිස්ට්චර්ච්හි අධිකරණයකට ඉදිරිපත් කර නඩු පවරන ලදී.
නවසීලන්තයේ වාසය කරන ඔහු මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබ තිබේ.
තවත් පුරුෂයින් දෙදෙනෙකු සහ කාන්තාවක පොලිසිය භාරයට ගෙන ඇත.
කියවන්න:








