බංග්ලාදේශ ක්‍රීඩකයින් යාන්තමින් දිවි බේරාගත් නවසීලන්ත වෙඩි ප්‍රහාරය ගැන ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකුගේ අත්දැකීම්
මෙහි අන්තර්ගතය නැත
වැඩිදුරටත් Facebook බලන්නබාහිර වෙබ් අඩවිවල අන්තර්ගතයට බීබීසී වගකියනු නොලැබේ.End of Facebook post
නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච්හි ඉස්ලාම් පල්ලි දෙකක් අසල සිදුවූ වෙඩි තැබීම්වලින් පුද්ගලයින් 49 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තවත් 20කට අධික පිරිසක් තුවාල ලැබූහ.
නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා ආඩන් පැවසුවේ, මෙය ත්‍රස්ත ප්‍රහාරයක් ලෙස සලකන අතර, එය "නවසීලන්තයේ අඳුරු ම දින අතරින් එකක්" බවය.
එරට පොලිසිය පැවසුවේ, වයස 25-30 අතර පුරුෂයෙකුට එරෙහිව මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන් චෝදනා ගොනු කරන ලද අතර, ඔහු සෙනසුරාදා උදෑසන අධිකරණයට ඉදිරිපත් කරන බවය.
වෙඩි තැබීම්වලට අදාළව තවත් පුරුෂයින් දෙදෙනෙකු සහ කාන්තාවක අත්අඩංගුවට ගත් අතර අවි ආයුධ සහ පුපුරන ද්‍රව්‍ය තොගයක් සොයාගත් බව ද පොලිස් කොමසාරිස් මයික් බුෂ් සඳහන් කළේය.
සිකුරාදා යාඥා සඳහා ඉස්ලාම් භක්තිකයන් පල්ලියට රැස්ව සිටියදී එල්ල වූ ප්‍රහාරය නවසීලන්ත ඉත්හාසයේ එල්ල වූ දරුණුතම ප්‍රහාරයය.

ඡායාරූප මූලාශ්‍රය, EPA

මෙම ප්‍රහාරය එල්ල වූ දේවස්ථානයට ඉතා ආසන්නයේ පිහිටි සිය සේවා ස්ථානයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයෙකු වන හේෂාන් පෙරේරා බීබීසී සිංහල සේවයට පැවසුවේ, "දහවල් 12.30ත් 1.30ත් අතර කාලයේ මෙය සිදුවූ" බවය.
"මම ඒ වෙලාවේ පල්ලිය කිට්ටුව තියෙන මගේ ඔෆිස් එකේ හිටියේ. ප්‍රහාරයෙන් පස්සේ හැම ඔෆිස් එකක් ම ලොක් කළා. මගේ වයිෆ් වැඩ කරන්නේ ඉස්කෝලෙක. අපි හැමෝම ඔෆිස්වල හිර වුණා. දැන් ටිකකට කලින් තමයි අපිට ගෙදර යන්න ලැබුණේ. දැන් පාරේ ගොඩක් වාහන තදබදයක් තියෙනවා."
හේෂාන් පෙරේරා සඳහන් කළේ, නවසීලන්තය තුළ ත්‍රස්ත ප්‍රහාර වැනි සිද්ධි ඉතා විරල හෙයින් මෙම සිදුවීම නිසා එරට වැසියන් බෙහෙවින් තැති ගැන්මකට ලක්වූ බවය.
"මීට අවුරුදු 8කට කලින් මෙහෙ භූ කම්පනයක් ඇති වෙලා 200 දෙනෙක් විතර මැරුණා. ඒ කම්පනය තවමත් මෙහෙ මිනිස්සුන්ට තියෙනවා. ඒ අතරේ මේ වගේ ප්‍රහාරයක් එල්ල වුණ එක ඒ අයට ලොකු ෂොක් එකක්. සාමාන්‍යයෙන් නවසීලන්තයේ අපරාධ ක්‍රියා සිද්ධ වෙන්නේ හරි අඩුවෙන්," හේෂාන් සඳහන් කළේය.
කියවන්න:

ඡායාරූප මූලාශ්‍රය, Heshan Perera/Melissa Somawardana
මේ අතර, සිද්ධිය සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවයට අදහස් දැක්වූ නවසීලන්තයේ පදිංචි මෙලිස්සා සෝමවර්ධන සඳහන් කළේ, "මෙම සිද්ධිය පිළිබඳව දැඩි කම්පනයකට පත් වූ" බවය.
කෙසේ වෙතත්, මෙම ප්‍රහාරයෙන් කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට හානියක් වූ බවට වාර්තා වී නොමැති බව ඇය පැවසුවාය.
මෙලිස්සා සෝමවර්ධන ප්‍රකාශ කළේ, නවසීලන්ත පුවත් වාර්තා අනුව අදාළ වෙඩි තැබීම් සිදුවූ ස්ථාන දෙකෙහි තිබී බෝම්බ කිහිපයක් ද සොයාගෙන ඇති බවය.
බලධාරීන් උපදෙස් දී ඇත්තේ, නැවත දැනුම් දෙන තුරු සියලු ඉස්ලාම් දේවස්ථාන වසා තබන ලෙසය. ක්‍රයිස්ට්චර්ච්හි සියලු පාසල් ද වසා දමා තිබේ.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 1
අල් නූර් දේවස්ථානය ආසන්නයේ සිටි මොහාන් ඊබ්‍රාහිම් නිව්සීලන්ඩ් හෙරල්ඩ් පුවත් සේවයට පවසා තිබුණේ, "අපි මුලින් හිතුවේ විදුලි කාන්දුවක් කියලා. ඒත් පස්සේ ඔක්කෝම මිනිස්සු දුවන්න පටන් ගත්තා. මගේ යාළුවෝ තාමත් පල්ලිය ඇතුළේ. මට බයයි ඔවුන්ගේ ජීවිත ගැන"
මේ අතර, ලින්වුඩ් ප්‍රදේශයේ පිහිටි තවත් දේවස්ථානයකට ප්‍රහාරයක් එල්ල වී ඇති අතර, පොලිසිය පැවසුවේ, ස්ථාන දෙකේදී සිදුවූ වෙඩි තැබීම්වලින් "මරණ රැසක්" සිදුවූ බවට වාර්තා වී ඇති බවය.
බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම
මෙම වෙඩි ප්‍රහාරය සිදු වන අවස්ථාවේ බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම ඒ අසල සිට ඇති අතර ඔවුන් දිවි බේරා ගැනීමට සමත්ව තිබේ.
ඔවුන් සමග සිටි මාධ්‍යවේදියෙකු ට්විටර් පණිවුඩයක් මගින් පැවසුවේ, බංග්ලාදේශ කණ්ඩායම "වෙඩි තැබීම් සිදු වන අවස්ථාවේදී එම ස්ථානයෙන් ඉවත් වීමට සමත් වූ" බවය.
බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩක ටමීම් ඉක්බාල් ට්විටර් පණිවුඩයකින් දන්වා සිටියේ, "වෙඩි තැබීම් සිදුවන අතරතුර කණ්ඩායමේ සියලු දෙනා ආරක්ෂා වූ" බවය.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 2
බංග්ලාදේශය සහ නවසීලන්තය අතර ටෙස්ට් තරගයක් සෙනසුරාදා ක්‍රයිස්ට්චර්ච්හි ආරම්භ වීමට නියමිතව තිබූ අතර, එය අවලංගු කර තිබේ.
බංගල්දේශ ක්‍රීඩකයින් බස් රථයකින් දේවස්ථානය කරා ගොස් ඇති අතර ඔවුන් දේවස්ථානයට ඇතුළු වීමට සුළු වේලාවකට පෙර මෙම සිද්ධිය වූ බව බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රකාශක ජලාල් යූනුස් පැවසීය.
"ඔවුන් ආරක්ෂිතයි. ඒත් ඔවුන් මානසිකව තැති ගැන්මකට ලක් වෙලා ඉන්නේ. අපි ඔවුන්ට දැනුම් දුන්නා, හෝටලය තුළට ම වෙලා ඉන්න කියලා," ඔහු ඒඑෆ්පී පුවත් සේවයට පැවසීය.
තවත් කියවන්න:








