නවසීලන්ත සහ ලාහෝර් ප්‍රහාරය: ක්‍රිකට් ක්‍රීඩකයන් 'අනු නවයෙන්' බේරුණු හැටි

ඡායාරූප මූලාශ්‍රය, Twitter @Isam84
නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් නුවර මුස්ලිම් පල්ලියකට වෙඩි ප්‍රහාරයක් එල්ලවන අතරවාරයේ, එරට සංචාරයක නිරතව සිටින බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සිකුරාදා (මාර්තු 15) යාඥා මෙහෙය සඳහා එම පල්ලිය දෙසට එමින් සිටියේය.
"ඒ වගේ භයංකර මොහොතක් අපි කවදාවත් දැකල නෑ," කණ්ඩායමේ කළමනාකරු කාලිඩ් මසුඩ් (Khaled Masud) පැවසීය.
වෙඩි තැබීම ආරම්භවන අවස්ථාවේ ඔහු ද කණ්ඩායම සමග අල් නූර් (Al Noor)පල්ලිය අසල සිටියේය.
"කිසිම තැනක අපි ඒ වගේ ප්‍රහාරයක් බලාපොරොත්තු වුනේ නෑ," ඔහු බීබීසීය සමග කියා සිටියේය. "අපේ ක්‍රීඩකයන්ගෙන් 17 දෙනෙක්ම එතන හිටියා. හෝටලේ නැවතුනේ දෙන්නයි," බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු විස්තර කළේය.
"අපි පල්ලියට යාර 50 ක් විතර ලඟින් හිටියේ. අපි ඊට විනාඩි පහකට කලින් එතනට ආව නම්, එහෙම පිටින්ම වෙනස් කතාවක් අහන්න තිබුණා."

ඡායාරූප මූලාශ්‍රය, Bangladesh Cricket Board

ඡායාරූප මූලාශ්‍රය, Marty Meville/AFP/Getty Images
පල්ලිය අසලට ලඟාවත්ම ප්‍රහාරය පිළිබඳ සැල වූ ක්‍රිකට් කණ්ඩායම වෙඩි තැබීම් සිදු වන අවස්ථාවේදී එම ස්ථානයෙන් ඉවත් වීමට සමත් වූ බව ඔවුන් සමග සිටි මාධ්‍යවේදියෙකු ට්විටර් පණිවුඩයක් මගින් සඳහන් කර තිබුණි.
ඒ පල්ලිය අසල තිබූ උද්‍යානයක් ඔස්සේ පලා යාමෙනි.
කියවන්න:
අනතුරෙන් මියගිය පුද්ගලයන්ගේ පවුල්වලට ශෝකය පළකරමින් ට්විටර් පණිවුඩයක් නිකුත් කරන ශ්‍රී ලංකා ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම එයින් දිවි ගලවා ගැනීම ගැන සතුට පළ කර තිබුණි.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 1
ක්‍රයිස්ට්චර්ච් නුවර මුස්ලිම් පල්ලියට වෙඩි ප්‍රහාරයක් එල්ලවන අවස්ථාවේ බංග්ලාදේශ කණ්ඩායම ඒ සමීපයේ සිටි නමුත්, බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම ඉලක්ක කරගෙන එම ප්‍රහාරය එල්ල කළ බවට සාක්ෂි නොමැත.
කෙසේ වුවත්, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මීට දශකයකට ඉහතදී ත්‍රස්ත ප්‍රහාරයකට මුහුණ දුන්නේය.
ඒ 2009 මාර්තු 03 වන දින පාකිස්තානයේ ලාහෝර් නුවරදීය.
ඒ පාකිස්තානයට එරෙහි ටෙස්ට් ක්‍රිකට් තරගයක තුන් වන දිනය විය. උදෑසන 9.00ට ඔන්න මෙන්න කියා තිබියදී ගඩාෆි ක්‍රීඩාංගණය ඉදිරිපිටදී තුවක්කුකරුවන් 12 දෙනෙක් ක්‍රීඩාංගනයට පැමිණෙමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායමට සහ නිලධාරීන්ට වෙඩි තබන්නට වූහ.
තරගයේ නිලධාරීන්ට පෙරමුණේ ගමන් කළ පොලිස් නිලධාරීන් 6 දෙනෙක් සහ රියැදුරෙක් එම වෙඩි තැබීම්වලින් ජීවිතක්ෂයට පත් වූහ. ප්‍රහාරකයෝ රයිෆල්, අත්බෝම්බ සහ රොකට් විදිනවලින් සන්නද්ධව සිටියහ.
ඒ සිදුවීම ගැන මෑතදී බීබීසීය සමග අදහස් දැක්වූ එවකට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සහය පුහුණුකරු ලෙස ක්‍රියා කළ පෝල් ෆාබ්‍රේස්, "ලාහෝරයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේදී අපේ ජීවිත බේරුණේ, තිලකරත්න ඩිල්ෂාන් නිසා," බව කියා සිටියේය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
"වෙඩි උණ්ඩ බස් එකට වැදුණා. බස් රථයේ වීදුරුවලට වැදුණා. මට ඒ වෙලාවේ ඇහුණේ, ඩිල්ෂාන්ගේ හඬ විතරයි. ඒ සුවිශේෂ හඬ මට තවමත් ඇහෙනවා. ඒක මගේ ජීවිතේ ඉතිරි කාලය පුරා ම තියේවි."
මීට වසර දෙකකට ඉහතදී ඒ සිදුවීම ගැන බීබීසී සිංහල සේවය සමග අදහස් දැක්වූ තරංග පරණවිතාන, "බුලට් එකක් වැදුනා පපුවට. වැදුන ගමන් මම පිට අල්ලලා බැලුවා පිටවුනාද කියලා, පපුවේ හැමතැනම ලේ ගලනවා" යනුවෙන් කියා සිටියේය.
"හැමෝම හිතුවේ මම මැරෙයි කියලා, ලේ දැකල. වාසනාවකට උණ්ඩය පිටෙන් ගිහිල්ල තිබුණේ නැහැ."
"එතකොටම වාස් අඅයියයි, ඩිල්ෂාන් අයියයි කෑ ගැහුව බස් රියදුරුට. go, go (යන්න, යන්න ) කියලා. බස් එක ගියා. තව ටික වෙලාවක් හිටියනම් කවුරුත් ඉතුරු වෙන එකක් නැහැ."
එම ප්‍රහාරය හේතුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කණ්ඩායම් පාකිස්තානයේ සංචාර නතර කළ අතර, ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලට අනුග්‍රහය දැක්වීම සඳහා තවත් වසර ගණනාවක් බලා සිටීමට පාකිස්තානයට සිදුවිය.
කියවන්න:
මේ අතර නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් නුවරදී බංග්ලාදේශ කණ්ඩායම මුහුණ දුන් අත්දැකීම ගැන ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයන් සහ විචාරකයෝ බංග්ලාදේශ කණ්ඩායමට සහයෝගය පළකරමින් සිටිති.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 2

End of X post, 3

End of X post, 4
ඉන්දීය කණ්ඩායමේ නායක විරාට් කෝලි, ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර සහ එංගලන්ත කණ්ඩායමේ ක්‍රීඩිකා ටැමී බර්මොන්ට් ඇතුළු බොහෝ පිරිසක් ප්‍රහාරය ගැන කම්පනය පළ කර තිබුණි.